රුපියල් ලක්ෂ පහලොවක් වටිනා දුම් වැටි තොගයක් ගමන් මල්ලේ සඟවාගෙන ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු ෆලයි ඩුබායි ගුවන් සේවයට අයත් එෆ්.ඉසෙඩ් 557 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණ තිබේ.
සැකකරු ලඟ තිබී දුම්වැටි තිස් හය දහස් දෙසීයක් අත් අඩංගුවට ගත් බව රේගුව කියයි.
සැකකරු මීට පෙරද මේ අයුරින් නීති විරෝධී ලෙස දුම්වැටි රැගෙන යාමට උත්සහ දරා රේගු අත් අඩංගුවට පත් වූ අයෙකු බව අනාවරණය වී තිබේ.
මේ පිළිබඳ රේගු පරික්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ දර්ශණ සිල්වා මහතා විසින් සිදු කර සැකකරුට රුපියල් එක් ලක්ෂ පනස් දහසක දඩයක් නියම කළේය.
සැකකරු පිළිබඳ විමර්ශණ කටයුතු අධීත්ෂණය සඳහා අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් යූ ලියනගේ මහතාද අද කටුනායකට පැමිණියේය.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ කටයුතු රේගු අධ්‍යක්ෂ රෝහිතඋඩුවාවල මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන පී. සත්කුමාර, පරාක්‍රම බස්නායක යන නිලධාරීන්ගේ උපදෙස් මත රේගු අධිකාරී ඩී බෝපගේ, සහකාර රේගු අධිකාරීවරුන් වන විනෝද් ෆර්නෑන්ඩු, සම්පත් රාජපක්ෂ,ලසන්ත ධර්මසේන සහ දර්ශණ වීරසේකර යන නිලධාරීහු සිදු කරති.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
දඩය ලක්ෂ එක හමාරයි