දඩමස් හා සෝයා සම්බන්ධ වෙළඳ දැන්වීමකට පොලිස් නිල ඇඳුමකට සමාන ඇඳුම් ඇඳ සිටින පුද්ලයන් දෙදෙනකු යොදා ගැනීමෙන් පොලිසියට අපකීර්තියක් සිදුවෙතැයි ද ඒ ගැන තමන් විසින් අද (02) කොටුව පොලිසියට පැමිණිල්ලක් කළැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් කීවේය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ පොලිස් නිල ඇඳුම, පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමක කොටස් ඇඳගෙන මින් ඉදිරියට පොලිස් දෙපාර්තමේන්තුවට අපහාස වන අයුරින් චිත්‍රපට, නාට්‍ය වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවයි.
අදාල දැන්වීඹ නිෂ්පාදනය කරවූ සෝයා මීට් ආයතනයටත් එහි පෙනී සිටින නළුවන් දෙදෙනාටත් එරෙහිව පොලිස් ආඥාපනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදැයි කරගත්තා! දැන් ඉතින් මොනවා වෙයිද? (නි)
මස් කෙසේවෙතත් දඩ කන්න පුළුවන් වගේ. (නි)