රුපියල් කෝටි 12.5ක අල්ලසක් ගත්තැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි සුධීර පරාක්‍රම ජිනදාස,ජගත් ගුණතිලක හා උපාලි පෙරේරා යන රේගු නිලධාරීහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් අද දැඩි ඇප කොන්දේසි මත මුදා හරිනු ලැබූහ.
එක් සැකකරුවකුට රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප තුනක් බැගින් නියම කළ මහේස්ත්‍රාත්වරයා එක් ඇපකරුවකු රජයේ නිලධාරියකු විය යුතු බව ද කීවේය.
සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කැරිණි.
සෑම මසකටම වරක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ද මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මෙයාල සාක්ෂි වලටයි, පැමිණිල්ලටයි බලපෑම් කරන්න යාවිද? (ස)
අල්ලස් නඩුවක් තියා ගන්න පුළුවන් කාලයක් තියෙනවා. ඒ නිසා මිනිස්සු හිතන විදියට දිගටම තියා ගන්න බැහැ. යම් බලපෑමක් කලොත් ඇප අවලංගු වෙනවා. (ස)
පොඩි මිනිහා අල්ලස් ගත්තොත් හිරේ. ලොකු මිනිහා ගත්තොත් තද කොන්දේසි දාලා නිදහස්. කවදා අපේ රට හැමෝටම එක සමාන විදියට සළකයිද මන්දා? (නි)