සුපෙම් ඉන්ද්‍රජිත් අර්ජුන් ගමගේ (32) නැමැති පුද්ගලයා දුටු තැන අල්ලන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (10) නියෝග කළේය.
පසුගිය 2 වැනිදා අතුරුගිරිය සීවලී මාවතේ දී අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ දී පොලිස් නිලධරයනට අත්බෝම්බයකින් දමා ගැසු බවත් එම අවස්ථාවේ පොලිසිය ඔහුට වෙඩි තැබු බවත් ඔහු පලා ගොස් ඇති බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ සුපෙම්...ඔයා කොහෙද? (බ)
අපිටත් පුලුවන් සහයෝගයක් දෙන්නම්කෝ (නි)
අබය, දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට ලස්සන නම් දාන්නේ ඒ දරුවෝ ඔවුන්ට සුපෙම් නිසා සහ මිල කළ නොහැකි තරම් වටිනා නිසා. ඒ නම් වල හැටියට ලස්සනට දරුවෝ කව්රුත් හැදෙනවා නම්, වැඩ කරනවා නම් මීටවඩා සමාජය හුඟාක් වෙනස් (නි)
මේ වගේ සුපෙම් නමක් තියන කෙනෙකු බෝම්බ ගහනවා තියා බෝම්බයක් අතින් අල්ලලාවත් දැකලාවත් නැතුව ඇති. (නි)
මෙහෙමත් විහිළු කියලා මට හිතුනා (නි)
දුටු තැන අල්ලන්න මහජනයාට උදවු වෙන්න පුළුවන් අදාළ පුද්ගලයාගේ ඡායාරූපයක් දුටුවා නම්. අපේ රටේ එ් දේ සිද්ධවෙන්නේ නැහැ. සමහරවිට ඔය කියන පුද්ගලයා වාහනයක අපි ළඟ ඉඳගෙන යන්නත් ඉඩ තිබෙනවා. බොහොම ඉස්සර නම් පොලිසියේ දැන්වීම් බෝඩ් එකේ මේවා ගැන අලවා තිබුනා. දැන් එහෙමවත් නැහැ. (නි)
ඔහොම නියෝග නිකුත් කළත් සමහරුන්ව අල්ලන්නේ නැහැනේ. පහුගිය කාලේ අර යකඩ හොරෙක් ලොකු ලොක්කන් එක්ක පොලිසියට පෙනී පෙනී හිටිද්දීත් ඇල්ලුවේ නැහැනේ! (නි)
දුටු තැන අල්ලන්න? අපිටත් බෝම්බ ගහයි. පොලිසියට වෙඩි තියාගන්න බැරිවුණා නම් ඉලක්කෙට, තව මොන කතාද? දුටු තැන අල්ලන්න ඕනෑ ඉලක්කයට වෙඩි තියාගන්න බැරි පොලිසිය (නි)
ඇත්ත තමයි අබය, හරිම සුන්දර නමක්නේ තියෙන්නේ (නි)