ඓතිහාසික දීඝවාපී චෛත්‍යයයේ සංරක්ෂණය අද යළි ඇරැඹිණි. මීට අවුරුදු පනහකට කලින් මෙහි සංරක්ෂණය මුලින්ම ඇරැඹීය. 1980 දී යළි එම කටයුතු ඇරැඹූ නමුත් බාහිර උපද්‍රව හා ප‍්‍රතිපාදන හිඟය නිසා අතරමග නතර විය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී එල්ලාවල මේධානන්ද හිමි ද, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පී. දයාරත්න, ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසුරිය, දිගාමඩුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර, පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් දිසානායක මහත්වරු පැමිණ සිිටියහ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සෙබළු 200 දෙනෙක් සංරක්ෂණයට හවුල් වෙති. මූල්‍ය දායකත්වය ලංකා බැංකුවෙනි.
1
නියාමනයෙන් පස්සේ ත්‍රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු සාදු සසුනට පූජාවූ සියළු බිම් නැවත ලැබේවා
මේ මහගු පුන්‍යකර්මයට මුල් වී කරයුතු කරන සියළුම දේශපාලඥයින් ඇතුළු සෑම සියළු දෙනාටම නිදුක් නිරෝගී භාවය ලැබී සියළු බාධක දුරු වී මේ සත්කාර්යය සර්වප්‍රකාරයෙන් සාර්ථක කරගැමීමට ශක්තිය ධෛර්ය ලැබේවා. ඒ කුසලයෙන් හැම දෙනාටම නිර්වාන අවබෝධය පිණිසම හේතු වේවා! තෙරුවන් සරණයි!
සාධු! සාධු!
සිහිකර වදිමු නිදහස රැකි නියා ගරු ..!!.ජීවිතය බුදුසසුන වෙනුවෙන් කැපකළ ඒ උදාර සංඝ පීතෘ වහන්සේලා එදත් අභීතය අදත් අභීතය.!!
මේ රටේ බොහෝ දේශපාලඥයින් නිස්කාරනේ නාස්ති කරන අති විශාල මුදල් වලින් සුලු ප්‍රමාණයක් දුන්නත් මේ උතුම් වැඩේ ඉක්මනින් ඉවර කර ගන්න පුලුවන්. නමුත්....එහෙම ජන හිතකාමී දේශපාලඥයින් කොහෙන් හොයන්නද ලංකාවේ ?