මාතලේ දිස්ත‍්‍රික්කයේ ’නැට්ට කොටා’ නමින් හඳුන්වන දෑස් නොපෙනෙන හා කන් නෑසෙන දරුණු වල් අලියකු දිගු මෙහෙයුමකින් පසු අල්ලා ගත් බව වනජීවි නිලධාරිහු කියති.
ගම්මාන වල බව බෝග විනාශ කරමින් දේපලවලට අලාභ හානි කරමින් ජනතාව බිය වැද්දු නැට්ට කොටා ඇල්ලීමට ඇලහැර අඩවි ආරක්ෂක කේ. රංජිත් විජිත මහතාගේ උපදෙස් පරිදි වයඹ අලි ඇල්ලිමේ වන ජීවි නිලධාරි කන්ඩායම සමග නිලධාරින් 21 දෙනෙකු මෙහෙයුමට සහභාගි වූහ.
වන ජීවි දෙපාර්තමේන්තුවේ අනුමැතියෙන් අනතුරුව අලියා සුදුසු ප‍්‍රදේශයකට මුදා හරින බව විජිත මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සතුන් දුක්විඳින්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසාමය (නි)
දුෂ්කර කාර්යයක් නිමකළ වනජීවී නියාමකවරුනට ආචාරය..!. අන්ධ බිහිරි සද්දන්තයෙක්..? මිනිසුන්ගේ නොමිනිස් ක්‍රියාකාරකම් වියයුතුයි.මෙම අසරණයා ගැන ඉතිරි ජීවිත කාලයටම විමසිලිමත් වෙන්නට සිදුවෙයි.උපන් බිමෙන් පිටකිරීමට අන්ධ බිහිරි අසරණ සද්දන්තයෙක්... සුදුසු ද එය? වන අලියකු නිසා මිනිසුන්ට බලාගැනීමටද නොහැක. ජීපීඑස් ට්‍රැකරයක් හෝ කොලරයක් පළඳා වනයට නිදහස් කර පසුව විපරමෙන් සිටින්නට වෙයි. ඉහළ අවධානය මේ අසරණ සද්දන්තයා ගැන යොමුවේවා! (නි)
මේ අලියව හොඳට බලාගන්න (නි)
මෙම අලියා පින්නවලට භාරදෙන්න. (නි)
පවු. මේ අලියාව කොහේහරි තියාගෙන බලාගන්න වෙනවා (නි)
අලියාට මෙවන් අසාධාරණයක් කරපු මිනිස්සුන්ගේ පවුල් වලටත් හොඳක් වෙන්න එපා! (අ)
මෙවැනි සතුන්ව කැලයට මුදාහරිනවට වැඩිය පින්නවල වගේ තැනකට බාරදුන්නොත් නරකද? (නි)
පවු අහිංසක සත්තු! (නි)