IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දෑකැත්තටයි මිටියටයි පෑනත් එකතුවෙයි

ජනමාධ්‍යවේදීන්ගේ මංගල මැයි රැලිය කොළඹ විජේරාම මාවතේ සව්සිරිපායේදී ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (1) පැවැත්විණි.

ඇමැතිවරයා එහිදී කියා සිටියේ වසරක් පාසා ජනමාධ්‍යවේදීන් ඇගයීමේ වැඩපිළිවෙළක් අරඹන බවයි. ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ කාර්ය භාරය අගය කරමින් කථා කළ ඔහු පැවසූයේ ජනමාධ්‍යවේදීන් මවිතයට පත් කරන දෙයක් ලබන 11 වැනිදා සිදුවන බවයි.

එය කුමක්දැයි දැන්ම නොකියන බවත් ඔහු කීවේය. තොරතුරු දැන ගැනීමේ පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නා බවත් ඊට ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ අදහස් උදහස් ලබාගන්නා බවත් ජනමාධ්‍ය ඇමැතිවරයා කීවේය.

අමාත්‍ය පී.හැරිසන්, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ.

ජාතික හා ප්‍රාදේශීය ජනමාධ්‍ය එකතුවේ සභාපති කාංචන කුමාර ආරියදාස මහතා කියා සිටියේ නොයෙකුත් බාධක මැද සිය මංගල රැලිය පැවැත්වීමට හැකි වීම සමස්ථ මාධ්‍යවේදීන් හා තොරතුරු දැනගැනීමේ ආශාවෙන් සිටින සියලු දෙනා ලද ජයග්‍රහණයක් බවයි.

IMG_9450 IMG_9463 IMG_9471 IMG_9473 IMG_9476 IMG_9551 IMG_9563



අදහස් (0)

දෑකැත්තටයි මිටියටයි පෑනත් එකතුවෙයි

ප්‍රකාශ් Friday, 01 May 2015 11:26 AM

මේකට පොරව එකතුකරන්නේ නැද්ද? (නි)

:       0       0

ජොහාන් Friday, 01 May 2015 03:10 PM

මොකක්ද දන්නෙ නැහැ මේ අලුත් ආරංචිය? (නි)

:       0       0

ලක්ෂ්මන් කුරේරා Saturday, 02 May 2015 03:04 AM

පුදුමයි. අපේ ජනමාධ්‍ය වේදීන් කියන්නේ මේ කට්ටියටද,? උත්තරය "ඔවු" නම් මෙපමණ අතලොස්සකටද.? වාර්තාකරුවන් වශයෙන් කොටසක් විවිධ රැස්වීම් ආවරණයට ගොස් සිටියත් ප්‍රවීන ජනමාධ්‍ය කරුවන් මෙතන නැහැනේ. මෙය විවේචනයක් නොවෙයි. සිතට ඇතිවුණු කණගාටුවක් පල කිරීමක් පමණයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site