දකුණු පළාතෙන් මෙතෙක් හමුවූ ලොකුම හොරොයින් තොගය වන හෙරොයින් කිලෝ 10ක් හික්කඩුවේ නිවසකින් සොයා ගත් බව පොලිසිය කියයි.
ශ්‍රී ලංකාවට ආ ලයිබීරියා ජාතිකයකුට හෙරොයින් ලැබුණු ආකාරය ගැන සොයද්දී මේ කුඩු තොගය හමුවී ඇත.
තිදෙනෙක් සැක පිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීනි, පිටි වගේ කුඩුත් අත්‍යවශ්‍ය භාණ්ඩ ඝනයට දැම්ම නම් ප්‍රශ්නේ ඉවරයිනේ. එතකොට පොලිසියට අල්ලන්න බෑ. ගහන අයත් ගේන අයත් දෙගොල්ලොම සතුටින්. (නදී)
ලංකාවේ ලොකුම කුඩු ව්‍යාපාරිකයින් කොහෙද ඉන්නේ කියලා දැන් කව්රුත් දන්නවා.(නදී)
කුඩු කිලෝ දහයයි. මිශ්‍ර වූ ව්‍යාපෘතියයි. දියුණුවේ මග පාදයි. ආසියාවේ අසිරියයි.(නදී)
දකුණේ අයට දකුණවත් බේරා ගැනීමට හැකි වේවිද ? (අ)
70% කොමිස් එක ලැබෙනවා නම් රටට හෙන ගැහැව්වත් මොකද? (නදී)
දේශප්‍රේමී දේශපාලනඥයෙක් මැදිහත් වී මෙයාව බේරා ගනීවිද? (නදී)
මෙය සොයා ගත් පොලිසියේ මහත්වරුන්ට අනිවාර්යයෙන්ම අම්පාර පැත්තට මාරුවක් ලැබේවි. (නදී)
රහස් පොලිසිය මීගමුවේ දේශපාලකයෙකුගේ මත් කුඩු වැටලු අවස්ථාවේ මොකද වුනේ කියා දන්නවනේ.ඇතැම් ප්‍රදේශවල ,මත් කුඩු ව්‍යාපාරය බාධාවකින් තොරව කරගෙන යනවනේ.මේ නිසා මත් කුඩු පිලිබදව පරීක්ෂණ මෙහෙයවීම දඩුවම් ලැබිය හැකි වරදක් වීමට පුළුවන. (අ)
මේ ගමන ආරම්භ කලේ ධර්ම රාජ්‍යකට යනවා කියල නේද?තේමා පාඨය වුනේ "මතට තිත" නේද?මේවා මතක් වෙනකොට මට අමතක වෙන එක දෙයක් තියෙනවා. ඒ මේ වෙලාවට මට හිනා යන්නේ කොහෙන්ද කියලා. (නදී)
අපි මොකද කරන්නේ දැන් දකුණ බේරා ගැනීමට පෙළ ගැසෙමු.(නදී)
මේ ලේකම්ලා කරන වැඩ කියා කිව්වා සේ ලයිබීරියානුවෝ කුඩු ගැහුවාම අපට මොකද කියයිද දන්නේ නැහැ. (නදී)
දකුණේ පළාත් සභා මැතිවරණයත් ලගයිනෙ. (නදී)
දැන් කියාවී වැඩි ප්‍රමාණයක් සෝයා පිටි කියා.(නදී)
මම හිතුවේ අතනින් කිලෝ එකසිය විසි ගානක් අඩුකරලා ඒකෙන් කිලෝ 10ක් හික්කඩුවට යවන්න ඇති කියල, (අ)
ආරක්ෂක අංශයට අප සැමගේ ස්තුතිය. (අ)
කුඩු අල්ලන්න ගිය ආරක්ෂක අංශ අයව මාරු කරනව .එතින් කොහෙමද රටේ කුඩු වසංගතය ඉවරයක් කරන්නේ. (අ)
හික්කඩුවේ තියෙන්නේ කුඩු විතරද(දිල්)
අනේ අර අහිංසක අගමැතිතුමා නම් ඕවට අල්ලගන්න එපා. ඕවා ජාත්ත්‍යන්තර කුමන්ත්‍රණ. (නදී)
සිමෙන්ති කොට්ට ගෙන්වනවා වගේනේ දැන් ලංකාවට මේවා ගේන්නේ ආශ්චර්ය ද මේ?(දිල්)
ග්‍රීස් සමග තිබිල කිලෝ එකසිය ගණනක් අතුරුදහන් වුණා. දැන් 10ක් හොයාගත්ත. ඉතිරි වත් ඉස්සරහට හමුවෙයි (දිල්)
මැති, ඇමති කෙනෙකුගේ ලේකම් කෙනෙක් ලිපියක් එහෙම යවලද බලන්න.(නදී)
අපේ රට ගමන් කරන්නේ කොයිබටදැයි සිතාගන්න අපහසුයි (නි)
බොහෝ දියුණුයි කියන රටවල ඕවා දැන් සාමාන්‍ය දේවල්. (නදී)
දැන් දැන් කුඩුකාරයින්ට, කොල්ලකරුවන්ට වගේම පාතාල කාරයින්ට ටිකක් අගුණයි. හොඳ වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක වන බව පේනවා. යුද්ධය නිසා මේ තත්වයන් රටට පෙනුනෙ නැහැ. සමහර සුළු පිරිසක් වරද තනිකරම වර්ථමාන රජය පිට පටවන්න උත්සාහ කරන වගත් පේනවා. කොහොම වුනත් මේ වගෙ අපරාද රටින් තුරන් කිරීමට රජයට විශාල වගකීමක් තිබෙනවා.(නදී)
කිලෝ 10 යක් නේද? හෙට කියයිද කිලෝ 2 යි කියයිද දන්නේ නැහැ. (නදී)
77 විවුර්ත ආර්ථිකයත් ත්‍රස්තවාදී උවදුරත් නිසා මේ කුඩු වසංගතය ලංකාව පුර පැතිර ගියා. සියල්ල මුදල් මත තීරණය වෙන සමාජයක මේ උවදුර සහමුලින් නැති කිරීම අසීරු කාර්යයයක්. විසේශයෙන් මුදල් බලය මත තීරණය වෙන වර්තමාන දේශපාලන වාතාවරණයේදී දේශපාලකයින්ගේ වක්‍ර ආදායම් මාර්ගයක් බවට මේක පත් වෙලා තියෙනවා. සමහරු දැනුවත්වත් සමහරු නොදැනුවත්වත් මේ ක්‍රියාවලියට සම්බන්ද වෙලා කුඩු සල්ලි මත යැපෙනවා. ආරක්ෂක අංශ හා රේගුව මේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය මර්දනය සදහා යම් සාර්ථක ක්‍රියාදාමයක නිරත වෙලා තියෙනවා කියල පහුගිය ටිකේ සිදුවූ සිදුවීම් වලින් පැහැදිලියි. (නදී)
ආශ්චර්ය වෙන මොනද අහන්ඩ ලැබීමත් සතුටක් ආඩම්බරයි (දිල්)
තිලකරත්න ඩුබායි. කලින් එකක් දෙකක් ඔබ කියන විදිහට වෙන්ට ඇති. එත් එවුවා හැමදාම වෙන්නේ නැහැ. බලාගෙන ඉන්ටකො මොකද වෙන්නේ කියලා.(නදී)
මන් හිතුවේ මේවා නුවරින් මතුවෙයි කියල.(දිල්)
සැකකරුට පුළුවන් විවාදෙකට ගිහින් මේවා එයාගේ නෙවෙයි කියල ඔප්පු කරන්න (දිල්)
මේවා රාජ්ජ්‍ය අනුග්‍රය ගෙනාපුවා නෙවෙයි නේද ? තුන්දෙනාට දෙවියන්ගේම පිහිටයි .(දිල්)
කෙසෙල් කනක් හොරකමකට සම්බන්ධ සක කරුවනුත් අත් අඩංගුවට ගන්නා රටේ ,ආන්දෝලනාත්මක කුඩු කිලෝ 260 කන්ටේනර් එකේ සැකකරුවන් මෑතකදී තනතුරු වලින් ඉල්ලා අස්වුවත් ඔවුන්ව අඩුම තරමේ ප්‍රසන කිරීමටවත් අත් අඩංගුවට ගෙන නැත.මේ නිසා දැන් ඔවුහු මාද්‍ය සාකච්ඡා පවත්වති.මේ වාතාවරණය තුල අපරාධ වලට විසදුම් අපේක්ෂා කළ හැකිද?(දිල්)
රට තුල සිදුවන සියළුම අකටයුතුකම් වලට ලොකු ලොක්කෝ කොහෙන් හරි ගෑවෙනවා. වංචා දුෂන චෝදනා ලැබු රජයේ මැති ඇමතිවරු 9 දෙනෙක් ඉන්නවා. ජනපතිතුමනි මේ ගැන එක වචනයක් කතා කරන්නකෝ.(නදී)
රටේ ස්වාධීන පොලිස් කොමිසම අහෝසි කර තමන්ගේ හිතවතුන්ට එරෙහිව සිදුවන පරීක්ෂණ අඩ පන කර තමන්ට එරෙහි වන්නන්ට බලෙන් සිර ගත කිරීමේ අන්තගාමී සහ අගතිගාමී ප්‍රතිපත්ති ක්‍රියාත්මක වේ. මෙය රටේ පරිහානියට හේතුවකි.(නදී)
රහස් පොලිසිය විසින් වටලනු ලැබූ කුඩු ව්‍යාපාරිකයන් සිප වැළඳ ,රහස් පොලිසියේ ග්‍රහණයෙන් මුදා ගන්නේ නම් මෙම අපරාධ නැවැත්විය හැක්කේ කෙසේද?දකුණේ ජනතාව දැන්වත් ව්‍යාජ වහසි බස් වලට නොරැවටී බුද්ධිමත් තීරණ ගත යුතුය.(නදී)
අමිත් වර්තමාන රජයේ අග්‍රාමාත්‍ය ලේකම් කෙනෙක් වරායේ ඇති කන්ටේනරයක් ඉක්මනින් නිදහස් කරන්න කියා රේගුවට අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලිපි ශිර්ෂ භාවිතා කරමින් ලිපියක් යවා ඇත. සමහර විට ඔහු එහි කුඩු තිබෙන බව නොදැන සිටින්නට පුළුවන. නමුත් මෙහි අයිතිකරු සහ ඔහු අතර කුමක් හෝ සම්බන්ධයක් ඇත. නැත්නම් නොහදුනන අයකුට ඔහු මෙවැනි ලිපියක් දෙන්නේ නැත. මෙම ප්‍රශ්නයේදී අගමැති තුමා ඇතුළු රජය කලයුත්තේ එම හෝඩුවාව ඔස්සේ පරීක්ෂණ කර නියම කුඩු ගෙන්වන්නා නීතියේ රැහැනට අසු කරගැනීමය. නමුත් මට පෙනෙන විදියට ඔවුන් දගලන්නේ එම හෝඩුවාව යටපත් කිරීමටය.(නදී)
අමිත් හොඳ වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක වෙනවා කියල වගේ තමයි පෙනෙන්නේ. හැබැයි මට හිතන්නේ ඒක නෙමෙයි පොවලා හදාගත්තු සර්පයෝ දැන් දෂ්ඨ කරන තරමට ලොකු වෙලා ඒකයි හැම තැනින්ම ලොකු ලොකු ඒවා හම්බ වෙන්නේ. ඔයාට මතක නැද්ද අරයගේ පෙජරෝ එකෙන් ගිහිල්ලා පොලිසිය අල්ලන්න හදපු පාන්පිටි තොගයක් එහෙම පැහැරගෙන ගියා.(නදී)
රට දවසින් දවස අන්ත අගාදයකට,සංස්කෘතික සෝදාපාලුවකට ලක් වන අයුරු පැහැදිලිව තේරුම් ගන්නට අපොහොසත් වූ මිනිසුනේ. රටේ සිදුවන කරන දෑ දැන්වත් තේරුම්ගන්න. මේවා සිදුවන්නේ කෙසේද? මේවා සිදු කරන්නේ කවුරුන්ද යන්න පැහැදිලිව තේරුම් ගන්න. ඔබ ඉදිරියේ මවාපාන දේශප්‍රේමයට වඩා ඔබට ඈතින් ගොඩ නගන අනර්තකාමී සමාජ ව්‍යසනය විනිවිද දකින්න.(නදී)
කුමරන ඔබේ දියුණුව මනින මිනුම කුමක්ද? (නදී)
මේ පාර නම් අපට මොනවා හරි කරාවි.(නදී)
තිලක් ඩුබායි, කලින් එහෙම උනාට මේ පාර එහෙම වෙන්නේ නැහැ. දැන් ඉතින් අරයා නැහැනේ.(නදී)
මට හිතෙන්නේ මේ කියන ආශ්චර්ය සියයට සියයකින් අංග සම්පුර්ණ කරන්නේ කුඩු ව්‍යාපාරය,ගණිකා වෘත්තිය සහ කැසිනෝ සුදු සියල්ල බදු සහන සහිතව නීති ගත කල පසුය. එවිට ආශ්චර්ය අරුම පුදුම ලෙස දොරේ ගලාවි.(නදී)
නිසංසල මහතාණෙනි, මුලින්ම අතේ ඇඟිලි පහම එක වගේ නැහැ කියන එක මතකයට ගන්න. ඊලඟට රට දවසින් දවස අගාදයකට, සංස්කෘතික හෝදාපාලුවකට ලක්වෙලා තියෙනවා කියල ඔබ තුමා කතා කරන්නේ කොයි රට ගැනද.? මගේ රටේ නම් එහෙම දෙයක් තාම සිද්ද වෙලා නැහැ. මේ කුඩු කියන ඒවා ඉස්සරත් ලංකාවට ගෙනාවා. ඔබ ඒවා දන්නේ නැත්නම් පස්සේ වෙලාවක කියලා දෙන්නම්. නමුත් මහත්මයා ඒවා ඒ කාලේ කවුරුවත් අල්ලන්ට ඉදිරිපත් උනේ නැහැ. කුඩු ගේන කට්ටියත් ඒවා අල්ලන කට්ටියත් නිකම්ම පොහොසත් වෙන්ට කල්පනා කලා පමණයි. නමුත් අද ඒවාට ඉඩ නැහැ. අද පොලිසියත් රේගුවත් නිකන් ඉන්නේ නැහැ. අල්ලනවා. අල්ලලා එළිදරව් කරනවා. (නදී)
අල්විස්, බලන්න දෙයක් නැහැ වෙන විනාශය පේනවනේ.(නදී)
එළිපිට මේවා කරන්න කාගේ අනුග්‍රහයද ලැබෙන්නේ.(නදී)
අපේ පවුලේ සහෝදරයෙක් ඔය කුඩු වසංගතයෙන් සදහටම දුක් විදිනවා. පොඩි කාලේ ඉදලා හැම සම්පතක්ම ලබපු ඒ දරුවා අන්තිමට කුඩු බොන්න හොරෙක වුනා. මේ වසංගතය බෝ කරපු අයට දැඩි දඩුවම් දෙන්න.(නදී)
මිනීමරු ප්‍රභාකරන්ට අවරුදු 35 කදිවත් මේ තරම් විනාශයක් නම් රටට කරන්න ලැබුනේ නැහැ.(නදී)
රට කුඩු වලින් "සුකිත මුදිත" වෙලා. තව මොනවද ඉල්ලන්නේ? (නදී)
පොලිසිය දැනුවත් කරලා ඉතිරි පළාත් වලටත් කිලෝ 10 ගානෙ බෙදලා දෙන්න .අර ර කිලෝ දෙසිය ගාන විකුණා ගන්නත් එපායැ. (නදී)
රජයේ මතට තිත ,වැඩ පිළිවෙලට මොකද ? තිතද? කෝ දැන් කෑගහපු අය (දිල්)
අලුත් ක්‍රමය අනුව කිලෝ දහය හතරෙන් බෙදල ගණන් ගන්න ,(දිල්)
කොහොමත් නීතිපති ඔය නඩුව ඉදිරියට ගෙනයන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. (දිල්)
කුඩු මත්ද්‍රව්‍ය ගන්න විදේශිකයන්ව ඔය ස්ථානවලට රැගෙන යන ගයිට් මාෆියාව ඔය කුඩු මාෆියාව සමග සම්බන්දවි කාලයක් මාට්ටු නොවී ගජරාමෙට වැඩ වගේ (දිල්)
මිනීමරු ප්‍රභාකරන්ට අවරුදු 35 ක දිවත් මේ තරම් විනාශයක් නම් රටට කරන්න ලැබුනේ නැහැ(දිල්)
අයියෝ කිලෝ දහයද (දිල්)
දැන් අල්ලන කොට කියනවා මෙන්න රට ආගාදෙට යනවා කියලා. ඉස්සර අල්ලන්නේ නැහැ. නිවුස් නැහැ. ඉතින් බනින්න කෙනෙක් නැ. පුදුම මිනිස්සු. (නදී)
දෙවියන් අන්ධකාරය කියල දෙයක් මැව්වේ අල්විස්ලා වගේ අඳුරට පෙම්කරන අයගේ සැනසීම සඳහා. නිසංසලා වැනි අය ඉන්නා රටකට දෙවියන් අහක බැලුවත් හිරු පායනවා.(දිල්)
මේවා යට නොගහ නිසි පියවර ගනු ඇතැයි බලධාරින් දෙස අප විමසිලිමත්ව බල සිටිමු....,????(දිල්)
"මතට තිත" අතේ පත්තු උන බොරුවක් කියල දැන් දැන් පැහැදිලිවෙනවා. කුඩු භාවිතය ට දැඩි නීති පනවා ඇති රටවල සිට නිදහසේ කුඩු උරන්න කැමති තරුණ සංචාරකයෝ විශාල වශයෙන් ලංකාවට එන්න ඉඩ තියෙනවා කුඩු නිසා. සංචාරක ව්‍යාපාරය ට පෙම් කරන වැඩි වෙයි වගේ.(දිල්)
අල්විස් සහ චින්තක එකම කාසියේ පැති දෙකක් වගේ ! (දිල්)
ඔය කුඩු, තව ටික දවසකින් වෙන මොනවා හරි වෙයිද දන්නේ නැහැ. මම මේ දන්නේ නැති නිසයි අහන්නේ, සීනි වගේ දෙයක් වෙන්න බැරිද ?(දිල්)
ප්‍රමුඛ,නිරංජලා,නිසංසලා,විමුක්ති,නිර්මලා,තිලක් ඩුබායි,ටිකිරි බණ්ඩා,ඔබ සියලුම දෙන පෙන්වා දෙන සත්‍ය අද මට වැටහෙනවා.මටත් දරුවෝ ඉන්නවා.මේ රට තවත් මෙලෙසින් ඉදිරියට ගියොත් ඔවුන්ගේ හෙට දවස අනිවාර්යයෙන්ම කළුවර දිනයක් වනවා නොඅනුමානය.මේ කුඩු ජාවාරම් කරුවන් සුරතල් වන්නේ කාගේ ඔඩොක්කුවේදැයි මට ද තෙරේ.නමුත් මෙයට එරෙහිව ප්‍රතිචාර දැමීමට විවෘත වාතාවරණයක් ඔබලාට මෙන් මට නැත.මේ නිසා සත්‍ය ඉදිරියේ මගේ හෘද සාක්ෂිය දස දහස් වාරයක් හඩ වැටෙනවා.කරුණාකර මට සමාවන්න.(දිල්)
මට හිතෙන්නේ අල්විස් මහත්තයයි බන්දුල පෙරේරා මහත්තයයි කියන දෙන්නම එක්කෙනෙක් කියල. (දිල්)
ආඩම්බරයි (දිල්)
ලියුමක් අවශ්‍ය නම් දෙන්නම්.(නදී)
අල්විස්, ඔහේ ඉන්නේ ලංකාවේද ? සංස්කෘතික සෝදා පාළුව කියන්නේ මොකක්ද කියල තේරුම් ගන්න බලන්න මුලින්ම. පුතා තාත්ත මරනවා. තාත්ත අම්මව මරනවා. ස්ත්‍රී දුෂණ හැමතැනම. මේවා ඉස්සර තිබුනේ නෑ.(නදී)
අල්විස් මහත්තයෝ ටියුබ් ලයිට් පත්තු වෙන්න ටිකක් වෙලා යනවා තමා. සංස්කෘතිය සෝදා පාලුවකට ලක් වෙලා තියෙනවද නැද්ද වග නිවැරදිව තේරුම් ගන්න අපහසු නම් වෛද්‍යවරයෙක් හමු වී ඔබගේ මස්තිස්කය සහ අනුමස්තිස්කය පරීක්ෂා කරගන්න.ඉන් පසු විචාර බුද්ධියෙන් රටේ සිදුවන දෑ තේරුම් ගන්න උත්සාහ කරන්න.(නදී)
අල්විස් ,අමිත් මම අගමැති ලේකම් මාධ්‍ය වලට කරපු ප්‍රකාශය මම දුටුවා. ඔහු පැවසුවා කන්ටේනරයේ කුඩු තිබුන බව දැනගෙන හිටියේ නැති බව. නමුත් අග්‍රාමාත්‍ය තුමාගේ ලිපි ශීර්ෂයන් භාවිතා කරමින් පුද්ගලික ව්‍යාපාරිකයෙක් විසින් ගෙන්වන ලද කන්ටේනරයක් ගුදම් ගාස්තු අඩුවෙන් අයකරගෙන නිදහස් කරන ලෙස ඉල්ලමින් ලිපියක් යැවීම රාජ්‍ය බලය අයුතු විධියට භාවිතා කිරීමක් ලෙස තමයි මම දකින්නේ. ඔහු පවසනවා ඉට පසුදාම ඔහු අගමැති තුමාව මේ පිළිබඳව දැනුවත් කල බව. ඔහුගේ ප්‍රකාශය සත්‍ය නම් අගමැති තුමා ඔහුව එම අවස්ථාවේම සේවයෙන් ඉවත් කර රාජ්‍ය දේපල සහ බලය අයුතු ලෙස භාවිත කිරීමට විනයානුකුල පියවර ගත යුතුව තිබෙනවා.(නදී)
මම හිතන්නේ මේ කුඩු වෙනත් රටකට අපනයනය කරන්න ගෙනාපුවා මිසක් ලංකාවේ පරිභෝජනයට ගෙනාපුවා නෙවේ. (නදී)