දකුණු පළාත් සභාවේ නව ඇමැතිවරු ලෙස චන්දිම රාසපුත්‍ර (අධ්‍යාපන, ඉඩම්, ඉඩම් සංවර්ධන) යු ජී ඩී ආරියතිලක (කෘෂි කර්මාන්ත හා ගොවිජනසේවා ) හා ඩී වී උපුල් (ධීවර සත්ව නිෂ්පාදන පරිසර විදුලිබල) ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට ද ඇමැති පදවියක් පිරිනැමීමට නියමිතය.
බස්නාහිර පළාතට , උදය ගම්මන්පිල (කෘෂිකර්ම ගොවිජන සේවා පරිසර) ,නිමල් ලන්සා (ප්‍රවාහන ක්‍රීඩා යෞවන හා සමුපකාර) හා උපාලි කොඩිකාර (විදුලි බල පළාත් පාලන)රංජිත් සෝමවංශ (සෞඛ්‍ය දේශීය වෛද්‍ය)
දකුණු පළාත් සභාවේ නව මැති ඇමැතිවරු
බස්නාහිර පළාතේ නව මැති ඇමැතිවරු
(ඡායා ජනක අලහප්පෙරුම)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභපැතුම් වෙන මොනවා කියන්නද (දී)
බස්නාහිරට කාන්තා නියෝජිතයෝ 6 ක් ඉන්නවා. කාන්තාවනට සහ ළමා අතවර වලට විරුද්ධව හඩක් නැගීය හැකි කියලා බලාපොරොත්තු වෙනවා.(නදී)
සමාජයට සේවය කරන්න එච්චරයි අවශ්‍ය (දී)
මිනිස්සුන්ට හොද නිසා පත් කර ගත්තා මොකද්ද වරද (දී)
ඔය කොමියුනිස්ට් පක්ෂය කියන එක තවමත් තිබෙනවද? (නි)
මේ පාර චන්දෙ මිනිස්සු නොහිතපු පිදිහට සුළු බලවේග ජය ගත්තා (දී)
හැම මන්ත්‍රී කෙනෙකුට ම ඇමති කමක් දෙනන්න (ස)
චමිල දන්නේ නැද්ද පත් වෙලා ගියාම හඬ නගන්න බැරි වෙන වග? පත් වෙන්න ඉස්සර විතරයි හඬ .....! (ස)
මහා ඇමති වරු දෙන්නා හොඳට කැපිලා පේනවා මහා ඇමති කියලා. (ස)
හොල්මන් කියලා ජාතියක් ඇත්තටම නැති වුණත් සමහරු හිතනවා එහෙම දෙයක් තිබෙනවා කියලා. සමහර පක්ෂත් එහෙමයි. (නි)
හොඳ වෙලාවට 5ක් දෙන්න තියෙන්නේ.නැත්නම් ඔක්කොම ඇමතිවරු (නි)
පවු! අපේ අර නෝනාටත් සුදුසු ඇමතිකමක් දෙන්නයි තිබුනෙ. (නි)
හොඳ තීරණයක්. දේශපාලනයට ඕනෑ කයිවාරුකාරයින් හෝ පුයර බබාලා නොව ප්‍රායෝගිකව වැඩ කළ හැකි හා මිනිසුන්ගේ හැඟීම් තේරුම්ගත හැකි පිරිසක්. (නි)
සුදුස්සාට සුදුසු තැන ලැබීම ගොඩක් හොඳයි (නි)
මේ ඡායාරූප සංරක්ෂණය කරලා තියාගන්න ඕනෑ. මොකද අද මුහුණු නොවෙයි හෙට දකින්න ලැබෙන්නේ. (නි)
දකුණේ සත්ව නිෂ්පාදන ඇමති පදවිය සුදුස්සාට දීල තියනවා. (නදී)
නොදන්නා නිසා අහන්නේ දේශීය වෛද්‍ය කියන්නේ සෞඛ්‍යය සම්බන්ධ දෙයක් නෙවෙයිද?(දිල්)
කොමිනුස්ට් ,සමසමාජ ,මහජන එක්සත් පෙරමුණ පක්ෂ බෝර්ඩ් වලට පමණයි .ඔවුන් කෑ ගැහුවට ජේ වී පී එකට ළඟින්වත් යන්න පුලුවන්ද ? ජන්දේ ඉල්ලනේ කාගේ හරි එල්ලිලාන නේද ? තව පක්ෂයක් තියනවා නායකයා පදවියක් අරන් රට ගිහින් . දුවට බලාගන්න කියල ? (ස)
බලමුකෝ මොකද වෙන්නෙ කියලා (නි)
අනිත් අයගේත් ඔලුව නැතිව කද මහත් කරගන්න අවස්ථාවක් දෙන්න. (ස)
එතකොට ජනපති කැමති මහා ඇමති ? (නදී)
තේරී පත් උනා කියන්නේ ජනතා කැමැත්ත මත තමයි එහෙම වෙන්නේ (දී)
මට නම් ඔය කවුරු ආවත් එකයි (දී)
වෙනත් පක්ෂත් මෙහෙම ඉදිරියට ඒම හොඳයි (නි)
දැන් ඉතින් තියෙන්නේ ජනතා සේවයව (දී)