උතුරේ ප්‍රශ්නයක් මුල් කරගෙන දකුණේ ඇතැම් බලවේග උතුරේ විරෝධතා දැක්වීම උතුරේ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව අතර අනාදිමත් කාලයක සිට ගොඩනැගී ඇති සංහිඳියාවට ලොකු තර්ජනයක් බව උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් මාධ්‍ය නිවේදනයකින් පෙන්වා දෙයි.
බොදුබල සේනා සංවිධානය ඇතුළු සංවිධාන කීපයක් පසුගිය සිකුරාදා (30) දහවල් වවුනියාවේ පැවැත්වූ විරෝධතාවයට හේ විරුද්ධත්වය පළ කළේය.
වවුනියාවේ සිංහල වැසියන්ට සිදු වූ ඕනෑම අසාධාරණයක් වෙනුවෙන් ඔවුන් වීදිබැස උද්ඝෝෂණය කරන්නේනම් එහි සාධාරණයක් ඇති නමුත් පිටස්තර පළාත්වලින් සංවිධානාත්මකව පැමිණ විරෝධතා දක්වන විට ඉන් උතුරේ වැසියන් අතර පවතින සංහිඳියාවට, සහෝදරත්වයට විශාල හානියක් සිදුවන බවට අමාත්‍යවරයා පැවසුවේය.
සිංහල බෞද්ධ ජනතාව නොවෙසෙන පළාත්වල බුදු පිළිම ඉදිකිරීම අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්නක් බවද හින්දු ජනතාව නොමැති බෞද්ධ ජනතාව පමණක් වෙසෙන පළාත්හි කෝවිල් ඉදි කිරීමටද තමන් විරුද්ධ බව ඇමැතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට නාගදීපෙත් අයින් කරන්න ඕනද? (ර)
සිංහලයෝ කවදාවත් දෙමල මිනිස්සුන්ට දකුණේ පදිංචිවීම තහනම් කරලා නැහැ. දකුණේ හැම ගමකම වගේ සිංහල, දෙමල, මුස්ලිම් ඔක්කොමල්ල ඉන්නවා. එත් දකුණේ මිනිස්සු බෙදිලා මරාගන්නේ නැහැ. එක තමා නියම සහජීවනය. එත් යාපනේ, මුලතිව් වගේ ප්‍රදේශවල ඉන්නේ දෙමල මිනිස්සු විතරයි. (ර)
එක්කෙනෙකුටවත් තවම බැරිවුණා සුද්දා අපිව භේදකරපු එක වෙනස් කරලා එකමුතුකමෙන් අපි ශ්‍රී ලාංකික කියන එක එකතු කරන්න. (නි)
පෙඩරල් දුන්නම බලාගන්න පුළුවන් සංහිඳියාවේ තරම (බ)
‘එතකොට මේවා අපේ පළාත්, උඹල මෙහෙන් පලයල්ලා, මෙහෙ අපිට විතරයි උඹලට මෙහෙ බෑ‘ කියනකොට සංහිදියාව තර වෙනවද? (බ)
ඕනෑ කෙනෙකුට ඕනෑ ආගමක් ඇදහීමට බාධාවක් කරන්න කාටවත් බැහැ. ඇයි බුද්ධාගම අදහන දෙමළ ජනතාව නැද්ද. හින්දු ආගම හා බුද්ධාගම අවිහිංසාවාදී අාගම්නේ. (නි)
මොනවද ඔය කතා කරන්නේ. කතා කරන්නෙම උතුර දකුණ ගැන. මේ එකම ශ්‍රී ලංකාව බව අමතක කරන්න එපා. ඕනෑ කෙනෙකුට ඕනෑ දිහාවකට ඇවිල්ලා තම දුක් ගැනවිල්ල හෝ අසාධාරනය ගැන කියන්න පුළුවන්. (නි)
උතුර දකුණ නැගෙනහිර කියලා වෙන්කරන්න බැහැ. අසාධාරණයට ඕනෑම පුරවැසියෙක්ට ඕනෑම තැනක උද්ඝෝෂණ කරන්න අයිතිවාසිකමක් තියනවා. රටේ ඕනෑම තැනක ඕනෑම පුරවැසියෙක්ට ජීවත්වෙන්න, විරෝධය දක්වන්න පුළුවන්. මේ රට පළාත් වලට බෙදුවේ සුද්දන් විසින්. දැන් ඔය පළාත් ක්‍රම රටට අවශ්‍ය නැහැ. (නි)
දකුණ උතුර කියලා කියන්නේ දිශා දෙකක් මිසක රටවල් දෙකක් නොවේ. දෙපැත්තේම සිටින්නේ ශ්‍රී ලාංකිකයෝමය. දකුණේ අයට උතුරට ගොස් ඕනෑම හඬක් නඟන්නට හැකිවිය යුතුය. ඒ වගේම උතුරේ අයත් දකුණට ඇවිත් ඕනෑම හඬක් නඟන්න. හැබැයි ජාතිවාදී, ත්‍රස්තවාදී නොවී. (නි)
එයාලට හොඳ වුණත් අපිට හොඳ නැහැ? (නි)
මේක දකුණේ උතුරේ ප්‍රශ්නයක් නෙවෙයි ,ලංකාවේ ප්‍රශ්නයක් . විග්නේශ්වරන් ජාතිවාදය අවුස්සනකොට අපි කටවහගෙන ඉන්න ඕනේ ? (බ)
හැම දෙයක්ම කරන්න දීල බලාගෙන ඉන්නද කියන්නේ? (බ)
ඒක ඇත්ත, සම්බන්ධන්ලා, විග්නෙශ්වරන්ලා, කොළඹ ඉදන් ගිහින් පටන්ගත්තු විරෝධතා පෑම තමයි මේ ඔක්කොටම මුල.(බ)
සිංහල බෞද්ධ ජනතාව නැති පෙදෙස්වල බුදු පිළිම තැනීම තහනම්. එතකොට බොදු පුදබිම් තිබිය යුත්තේ සිංහලයන් සිටින පෙදෙස්වල පමණි. නමුත් කෝවිල් මුළු රට හැමතැනම. (නි)
මුළු ශ්‍රී ලංකාවම එකම ඒකීය රාජ්‍යක් නිසා රටේ ඕනෑම කෙනෙකුටම ගිහින් උද්ඝෝෂණ කළාට වරදක් නැහැ? (ම)