IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දකුණට වැහි

ගාල්ල, මාතර, තංගල්ල,හම්බන්තොට , ප්‍රදේශවල  මේ දිනවල වැසි සහිත කාලගුණික තත්ත්වයක් ඇති වී තිබෙන්නේ අභිසාරීය කලාපයේ වලාකුළු වර්ධනය වීම නිසා බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක එස්.ආර්.ජයසේකර මහතා හම්බන්තොට දී අද (28) දී  පැවසුවේය.

හම්බන්තොට දිස්ත්‍රික් ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් හම්බන්තොට දිස්ත්‍රික් පරිපාලන සංකීර්ණයේ දී පැවැත්විණී.මෙම වැඩමුළුව හම්බන්තොට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් සංවිධානය කර තිබිණි.

කාලගුණ දත්ත එක්රැස් කිරීම සහ අනාවැකි පලකිරීම සම්බන්දව මෙහි දී මාධ්‍යවේදින් දැනුවත් කෙරිණි.

මෙහිදී අදහස් දැක්වු ජයසේකර මහතා කියා සිටියේ අනාවැකි පලකිරීමේ දී කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවට පමණක් නොව මේ රටේ නමගිය ප්‍රධාන පෙලේ ජෝතිර්වේදීන්ටත් අනාවැකි වැරදුන බවයි.බොහෝ දෙනාගේ සිතට එදා සිටම කා වැදී ඇත්තේ කාලගුණයෙන් වහිනවා කියනවානම් එදාට පායන බවයි. එහෙත් ඒ යල් පැන ගිය කියමන අදට නොගැලපෙන බවද අති නවීන උපකරණ භාවිතයෙන් ජාත්‍යයන්තර තොරතුරු එක්ව අද පළකරන අනාවැකි සාර්ථක ඒවා බවට පත්වී තිබෙනවා. ඔය ඉඳලා හිටල එකක් දෙකක් වරදින්න පුළුවන් බවද ,අපට දිවැස් නොමැති බවද , ලැබෙන දත්ත හා තොරතුරු පදනම් කරගෙන අනාවැකි පළ කිරීම සිදු කිරීමයි.

දූපතක් ලෙස ලංකාව පිහිටා තිබීම නිසා මුහුදේ ස්වභාවය හා සුළං රටාව  නිතර ම අපේ රටේ කාලගුණය වෙනස් වීමට ඉඩ තිබෙනවා. ලබා ගන්නා දත්ත වල පවා හදිසි වෙනස්කම් ඇති වීමෙන් පළකරන අනාවැකියේ යම් යම් අඩුපාඩුකම් ඇති වෙනවා. හම්බන්තොටට වහිනවා කිව්වම පරිපාලන සංකීර්ණය පිහිටි ප්‍රදේශයට වැස්ස නැතිවන්නට පුළුවන් අහස වැටවල් ගහල  මායිම් කරන්න අපට හැකියාවක් නැහැ.

බෝහෝ දෙනා කියනවා කෝප්ප හතරක් කරකැවෙන එකයි. මී මැසි පෙට්ටියි වගේ තියන කාලගුණයට අනාවැකි කියන්නේ කොහොමද කියලා . 1867 වසරේ දී රත්නපුරය, බදුල්ල, හම්බන්තොට කාලගුණ විද්‍යා නිරීක්ෂණ මධ්‍යස්ථාන ආරම්භ කර තිබුණේ කොළඹ ආරම්භ වුයෙත් 1907 වසරේ දී වර්තමානය වන විට ඉතා දියුණු  උපකරණ අප සතුව තිබෙනවා. එහෙත් ඒවා පාරට පේන්න තියාගෙන ඉන්න බැහැ. අපි එම උපකරණ ප්‍රයෝජනයට ගෙන තොරතුරු රැස් කර අදාල තොරතුරු ලබා දෙනවා දැන් කාලගුණ විද්‍යා අනවැකි පෙරට වඩා සත්‍ය බව ඔප්පු වී තිබෙනවා.

මේ දිනවල හම්බන්තොට ප්‍රදේශයට වැස්ස තියනවා මෙය මුහුදේ වැස් ස වැඩියි අභිසාරී කලාපයේ වලාකුළු වර්ධනයවීම නිසා මෙම වැසි ඇතිවෙනවා. ගොයම් පැහිලා කහපාට වෙලා මම දැක්කා එනවිට  මේ අගෝස්තු මාසයේ වැස්ස බලාපොරොත්තු වෙන්න බැහැ. එහෙත් මෙවැනි අභිසාරී කලාප වර්ධනය වීමෙන් වැස්ස ඇතිවෙනවා. මෙම අනාවැකිය අපකියා සිටියා පුත්තලම සිට ගාල්ල , හම්බන්තොට , පොතුවිල් දක්වා මුහුදු බඩ තීරයේ වැසි ඇතිවිය හැකි බවයි. ඒ ආකරයෙන් තමයි අපි නිවේදන නිකුත් කරන්නේ.

අකුණු සම්බන්ධයෙන් කථා කරන විට අපිත් ටිකක් පරිසස්සමින් තමයි ඉන්නේ. මොකද බොරු කියන අයට අකුණු වදිනවා කියලා කියන නිසා. කොහොම වුණත් වැස්සට පෙර ගහන අකුණු වලින් ප්‍රවේශම් විය යුතුයි. ගොඩාක් දෙනා සිතා ඉන්නේ අකුණු ගහන්නේ වැස්ස සමඟ කියා. කණ්ඩායම් වශයෙන් එළිමහනේ සිටිමෙන් වැළකීම තමයි හොඳම ගැලවීම.



අදහස් (0)

දකුණට වැහි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site