ගාල්ල දිස්ත්‍රික්කයෙන් දකුණු පළාත් සභාවට හිටපු මන්ත්‍රීවරු හත් දෙනකු පරාජය ලබා නවක මන්ත්‍රීවරු හය දෙනකු එක්ව සිටිති. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරග කළ ගා.දේනෙත්ති, අජිත් ප්‍රසන්න, ටී.ඩී.එස්.එල්.ජයවීර, විජිත කුමාර විජේනායක, ජේ.කේ.ඩී.ජයවික්‍රම හා කේ.පී.ජී.සිසිර කුමාරරත්න මෙවර පළාත් සභාවට තේරීපත් වී නැත. 2009 පළාත් සභා මැතිවරණයෙන් පළාත් සභාව තේරීපත්ව සිටි ආනන්ද පද්මසිරි කාරියවසම් මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් ගාල්ලට තරග වැදුණ ද පරාජයට පත්වූයේය. ගාල්ලේ පළාත් මන්ත්‍රීවරියක ව සිටි අනර්කලී ආකර්ශා මෙනවිය මෙවර මාතරින් තරග වැදී පරාජයට පත්වූවාය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සභාපති චානක සම්පත් මාදුගොඩ, බෙන්තර ඇල්පිටිය සංවිධායිකා ගීතා සමන්මලී කුමාරසිංහ, හිටපු අමාත්‍ය අමරසිරි දොඩංගොඩ මහතාගේ පුතු ඉසුරු දොඩංගොඩ, රත්ගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති ආරියවංශ සම්මු නවකයන් ලෙස පළාත් සභාවට තේරීපත්ව සිටිති. එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව රජයට එක්වූ ක්‍රිෂාන්ත පුෂ්පකුමාර ද එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවර පළාත් සභාවට පත්ව සිටියි. ඔහු නවකයකු නොවූව ද රජයට නවකයෙකි.
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් තරග කරමින් ගාල්ලෙන් ජය ලැබූ අමරසිරි කුරුවගේ සහ පද්මසිරි සිල්වා දෙදෙනා ම පළාත් සභාවට නවකයෝ වෙති. පසුගි පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හය දෙනෙක් සිටිය ද ක්‍රිෂාන්ත පුෂ්පකුමාර රජයට එක්වී තරග කළ අතර මෛත්‍රී ගුණරත්න තරග කළේ නැත. මෙවර මැතිවරණයෙනුත් එක්සත් ජාතික පක්ෂයේ හය දෙනෙක් පළාත් සභාවට තේරී ඇතත් හිටපු හතර දෙනාට අමතරව තේරීපත් වූ දෙදෙනා ද මීට පෙර පළාත් සභාව නියෝජනය කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පත් අතුකොරලට මගේ උනුසුම් සුභ පැතුම්! (නදී)
සුනිල් සේනානායක මැතිතුමාට මාගේ සුබ පැතුම්. (ස)
අපි සොයපු අපේ මනුස්සකම. බෝපේ පොද්දල ප්‍රාදේශීය සභාවේ සබාපති ඡනක මාදුගොඩ නාවින්නට ජනතාවගේ උණුසුම් සුබ පැතුම්! (නදී)
ගීතව දිනවන්නත්, අනර්කලීව ,හා අනෙක් නිළිය පරදන්නත් ජනතාව ඡන්දේ දීල තෙයෙනවා. මේක වැදගත් පණිවිඩයක්. ගීතා කියන්නේ නිලියක් වගේම මේ රටේ ආර්ථිකයට ලොකු මෙහෙයක් කරන ව්‍යාපාරික කාන්තාවක්. නිලියක් උනත් සමාජයේ පහල තැනින් උඩට ආව කෙනෙක්. හැබැයි ජන්ද ප්‍රතිපලය ආණ්ඩුවට හිතුව තරම් හොඳ නැහැ නේද? (නදී)
ගීහා කුමාරසිංහ දිරිය කාන්තාවට සුභ පැතුම්. තව බොහෝ දුර ගමනක් යාමට පෙරට යනු කියා පතමි.(නදී)
අමරසිරි දොඩන්ගොඩ නමට අපි සැමදා ගරු කරනවා. ඉසුරු දොඩන්ගොඩ මැතිතුමාට මගේ සුබ පැතුම් (දී)
මම නම් කැමතියි දේශපාලනයට නවක මුහුණු එනවට මොකද එතකොට ඒ අයටත් කාලයක් යනකොට දේශපාලන පරිනත කමක් එනවානේ (දී)
ඊළඟ ජනාධිපතිවරණයේදී එජාප අපේක්ෂක කෙනෙක් ඉදිරිපත් කිරීමට නොහැකි බව පෙනේ. පොදු අපේක්ෂකයා ජවිපෙ කැමති කෙනෙක් වීමට පුළුවන් (දී)
ගාල්ලට යලි මහා ඇමතිකම ලබා ගන්නට කටයුතු කළ මාතර හා හම්බන්තොට ජනතාවට අපේ ප්‍රණාමය. දකුණම කැමති අපේ මහා ඇමති ශාන් විජයලාල් මුළු දකුණටම මිසක් ගාල්ලට පමණක් මහා ඇමති නොවේ. එතුමන් ඔබ සියලු දෙනා සමග දකුණ ගොඩ නගනවා ඇත. (ස)
ජනතාව නියම පිළිතුරක් දී තිබෙනවා පවාදෙන්නන්ට. (නි)
ඉසුරු දොඩංගොඩ ට අපගේ උනුසුම් සුබ පෑතුම්! (නදී)
දකුනම කැමති අපේ මහ ඇමති තුමාට මගේ උනුසුම් සුභ පැතුම්.(නදී)
ජයලලිතා වගේ නොවී තමන්ගේ තරම දැන කටයුතු කළොත් ඔබටත් අනාගතයක් ඇත ගීතා නෝනා.(නදී)