තංගල්ලේ ලංගම බස් රියදුරකුට තංගල්ලේ දී පහරදුන්නැයි සැකපිට දකුණු පළාත් ධීවර හා සංස්කෘතික ඇමති ඩී.වී.රෝහණප්‍රිය උපුල් භාරවීමට පොලීසියට පැමිණි අවස්ථාවේ අද (01) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා පැවසුවේ මෙම පහරදීමට එරෙහිව තංගල්ලේ බස් වර්ජනයක් පවතින බවට ද තොරතුරු ලැබී ඇති බවයි. පහරකෑ රියදුරා තංගල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට ඔවුන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක්කේය (නි)
කෝ දැන් අර නගරාධිපති? (ස)
අද මේවගේ අයටනේ අපේ ජනතාව වැඩිපුරම මනාපය දෙන්නේ. (ස)
ඇමතිතුමාගේ බස් එකකට ඉස්සර කරලා ගිහින් සෙනග අරගෙන. ඕකනේ පටලැවිල්ල. (ස)
ඇත්තටම මට හිතෙන්නේ අර 1505 දී කවුද කිව්වලු නේද සිංහලයා මෝඩයා කියලා. ඒක ඇත්තක්ද? එච්චර ඈත අතීතයේ ? අනේ මන්දා මට මොනවා වෙලාද? සමහර වෙලාවට මාත් මෝඩයි. (නි)
මේ රියදුරත් පස්සේ කියයිද දන්නේ නැහැ මිනිහම ගහගත්තා කියලා. (නි)
මේවා ආදර්ශයට අරගෙන අපේ මිනිස්සු ඊළඟට ලහන කතිරය දෙතුන්වරක් හිතලම ගහන්න.(ස)
මෙයම නේද අපේ ජිප්සීස් සුනිල් අයියටත් අර අයිඩොන්ට් නෝ වයි සින්දුව කියන්න එපා කියල සත්තම දැම්ම කිව්වේ?ගමේ චන්ඩි මේ අය තමා (දී)
නැවත ඉස්කෝලේ යවමුද (දී)
මෙවෙනි පුද්ගලයින් ප්‍රසිදියේ තමන් කුමන අන්දමට ජනතාව සමග හැසිරිය යුතුද. තමන් සදාචාරය ගැන දෙමව්පියන්ගෙන් ගුරුවරුන්ගෙන් උගත් දේවල් මොනවද කියා අසල පැරණි කලේ දුන් දඩුවම් වගේ කස පහරවල් දීල තමියි හිරයට දාන්නා ඕනේ එතොකොට එයත් එයාගේ පවුලේ අයත් අමතක නොවන්නට පාඩම් ඉගෙන ගනීවි. (දී)
තමන්ගෙ බසය ලංගම බස් රථය මගින් පසුකර යාම නිසා, එහි රියදුරාට සහ කොන්දොස්තරවරයාට ගසා, ලංගම බසයේ සිටි මගීන් තමන්ගෙ බසයට එවලෙම නන්වගෙන ගිය එක තමයි තිත්ත උනත් අත්ත කථාව. මිනිස්සුන්ගෙ සල්ලි හූරගෙන කාල, ඡන්ද්යක් කිට්ටුවෙනකොට බොරුවට උදලු තල,පොත් වගෙ දෙවල් බෙදල මිනිස්සුන්ගෙ ඡන්ද ටික ගන්නව. ගරු ජනාධිපති තුමනි මෙවන් බඩ වඩාගන්න අමතිවරු පන්නා දමන්න. මෙය අවස්තාවක් කරගන්න. (දී)
එකත් එකටම ඇමතිගේ බස් එකකුත් දුවනවා ඇති. (ස)
සමන්, ඔබ උපහාසයෙන් ඔහොම කිව්ව්වත් ඇත්තටම ඒක තමයි වෙන්නේ. මේ කට්ටිය චන්ද රැස්වීම් 10 කින් ලැබෙනවා හා සමාන ප්‍රසිද්ධියක් මේවගේ දෙයින් ලබා ගන්නවා. ඔබත් මමත් හිතන්නේ ඒ ප්‍රසිද්ධිය ඒ ගොල්ලන්ටම අවාසියට හිටියි කියල නේද? නැහැ සමන්, බලන්න ඔය කිටුවම ගාල්ලේ ප්‍රසිද්ධ උදාහරණය දිහා. (දී)
කරුණාකර මේ පලා බබාලට වෙනම පත්තරයක් ගහමු අපි (නි)
අනේ තියෙන විසයක්. (ස)
තංගල්ලේ පදිංචිකරුව කියන දේ ඇත්තනම් මොහුට විරුද්දව නීත්‍යනුකුලව කටයුතු කල යුතු වෙනවා. මෙහෙම හොර මිනිස්සුන්ට නමයෝජනදීම නවතන්ට ජනාධිපතිතුමාට ශක්තිය තිබෙන්න අවශ්‍යයි.., තවද , පළාත් සභා ක්‍රමය මේ රටෙන් අහෝසි කල යුතුය. . . (දී)
"ඇත්තටම මට හිතෙන්නේ අර 1505 දී කවුද කිව්වලු නේද සිංහලයා මෝඩයා කියලා" කවුරුත් නොවෙයි ඕක කිවුවේ ආයුබෝවන්, රටට ආපු එංගලන්තේ සුදුමහත්වරු (නි)
මේ අයව පන්නන්න ඕනේ ජනතාව මයි . කතිරේ ගහනකොට මතක නැති වෙනවා නේද. (දී)
සිංහලයන්ට ඉක්මනින් අමතකවෙනවා කියන්නේ හරි,චන්දෙ ආවම නෙවතත් ඔය නුගත් මැරයින්ට කතිරය ගහයි ,අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු ඉන්න රටක් ලෝකේ වෙන කිසිම රටක නැහැ (දී)
මේ මනුස්සයා නම් මාර කරදරයක් උනානේ , දවසකට එකෙක් මොකක් හරි බිය්ස්කොප් එකක් පෙන්නවනවා , අමතක කරන්න එපා හෙට අනිද්දට චන්දයක් තියෙනවා හොඳේ ! (දී)
තව මදි. තව ගහන්න. එතකොට වඩිපුර ඔයාට චන්දෙ ලැබයි. (ස)
කියන්න දේකුත් නැහැ, කරන්න දේකුත් නැහැ. ලංකාව ගැන හරිම කනගාටුයි. (ස)
සංස්කෘතික ඇමතිගේ විෂය පථයට අයිති ඇති. (ස)
ඇමතිතුමා බස් එකේ ගියාද ඇත්තටම.. (ස)
අපිට වෙලා තියෙන්නේ රටේ ඉන්න ජනගහනයට ඔරොත්තු නොදෙන ඇමතිවරු පිරිසක් ඉන්න එක. මේ ටික තේරෙන්නේ නැති ඡන්ද දායකයෝ තව තවත් එලව එලවා මේ අයටම කතිරේ ගහනවනේ. (ස)
වරද කරන අයෙකු කෙසේවත් යහමගට ගත නොහැකි නම් සාමකාමී ජනතාවගේ යහපත සඳහා උපරිම දඬුවම නිත්‍යානුකුලව දුන්නාට වරදක් නැහැ.නමුත් දේශපාලන සවිය ගෙන ක්‍රියා කිරීම වැරදියි. එවැනි අය දේශපාලනයට පැමිණීම වැළැක්වීම සදහා නව ව්‍යවස්ථාවේවත් නීති නැහැ නේද? (නි)
මේක දැන් වසංගතයක් වෙලා ප්‍රාදේශීය සභාවේ සිට ඉහලටම මැරයෝ වැඩිවෙලා.ගරු ජනාධිපති තුමනි, අහිංසක ජනතාව අනාරක්ෂිතයි නේද? මම කියන්නේ බස් රථ රියදුරා හරි කියල නොවෙයි. "අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ" (ස)
අපි මෙවරත් මේ අයටම දෙමු. තව ටිකක් ඉවසමු. (නි)