දකුණු පළාතේ ‘‘ගමින් ගමට-දොරින් දොරට“ වැඩසටහන යටතේ සිදුකළ ව්‍යාපෘති සඳහා රුපියල් කෝටි 293ක් ගෙවා නොමැතිවිමෙන් බරපතල ගැටලු ඇතිවී තිබෙන බව දකුණු පළාතේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් එරන්දි උමංගා මෙන්ඩිස් මෙනවිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී කීවාය.
දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සමන් පාඬිකෝරාළ මහතා මෙසේ කීවේය. ‘‘ මේ ව්‍යාපෘති ආරම්භ කළේ මුදල් ලැබීමට පෙර. ව්‍යාපෘති යෝජනා යැව්වාම පසුගිය රජයේ අවසන් කාලයේ දී දැනුම් දුන්නා වහාම ව්‍යාපෘති පටන් ගන්න මුදල් දෙන්නම් කියා. සාමාන්‍යයෙන් රජයේ ව්‍යාපෘති කරන්නේ ඒ ආකාරයට. කොන්ත්‍රාත්කරුවන් සමග ගිවිසුම් අත්සන් කර පළාතේ පළාත් පාලන දෙපාර්තමේන්තුව සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් ව්‍යාපෘති පටන්ගත්තා. ව්‍යාපෘති අවසන්වන විට රජය වෙනස් වෙලා. දැන් රජය දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් සිදුකළ ව්‍යාපෘති සඳහා මුදල් ගෙවා අවසන්. ඉතිරි ව්‍යාපෘති සඳහා සියයට 25 බැගින් මුදල් ගෙවීමට තීරණයක් ගෙන තිබෙනවා. ගැටලුව ඉක්මණින් විසඳිය හැකිවේයැයි සිතනවා “

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න යහපාලානේ.(හේ)
අයියෝ ඉන්දියාවෙන් හරි ඇමරිකාවෙන් හරි ගෙවයි. බය වෙන්න එපා (බ)