යාපනය විශ්ව විද්‍යාලයේ කලමණාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ (11) ඇති වූ ගැටුමක් හේතුවෙන් සිසුන් තිදෙනෙකු තුවාල ලබා රොහල් ගත කොට ඇති බවට යාපනය කෝපායි පොලීසිය කියා සිටියේය.
කලමණාකරණ පීඨයේ තෙවන වසර සිසුන් හා දෙවන වසර සිසුන් අතර මෙම ගැටුම ඇතිව තිබෙන අතර ගැටුමට හේතු වී ඇත්තේ එම පීඨයේ තෙවන වසරේ සිසුන්ගේ දෛනික ක්‍රියාවන් පරිහි ඇති බවටත් එම ක්‍රියාවන් හෙලා දකිමින් දෙවන වසර සිසුන් විසින් යාපනය සරසවියේ පුස්තකාල ගෙඩනැගිල්ලේ අලවා තිබූ පොස්ටර් කිහිපයක් නිසාවෙන් බවට කෝපායි පොලීසිය කියා සිටියේය.
අදාල ගැටුමේදී තෙවන වසරේ සිසුන්ගේ පහර දීමන් දෙවන වසරේ සිසුන් තිදෙනෙකු රෝහල් ගත කොට ඇති අතර අදාල සිසුන්ට පහර දුන් සිසුන් කව්රුන්ද යන්න පිළිබඳව වැඩිදුර පරික්ෂණ කටයුතු සිදු කරන අතර අද උදෑසන වන විට පහර කෑ රෝහල් ගත වූ සිසුන් තිදෙනාගෙන් දෙදෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් ඇති අතර තවත් එක් සිසුවෙකු ප්‍රතිකාර ලබන බවට කෝපායි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ගිහින් ඉගෙනගෙන එන පුත් කුමාරවරුන්ට රස්සා නැත්නම්, පුද්ගලික විශ්ව විද්‍යාල වල ඉගෙනගන්න අයට රස්සා නැත්නම්, මේවා ආදර්ශයට ගෙන එයාකාරයෙන්ම යළි යළිත් පෝස්ටර් ඇලවීම යෙහෙකි. එවිට පසුකාලීනව එම විශ්ව විද්‍යාල වසා දැමීමට සිදුවනවා ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස පෙරකී පුත් කුමාරවරුනට බොහෝ රැකියා අවස්ථා සම්පාදනය වනු ඇත. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. (නි)