IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


දකුණෙ ලෙඩේ උතුරටත් බෝ වෙයි

යාපනය විශ්ව විද්‍යාලයේ කලමණාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ (11) ඇති වූ ගැටුමක් හේතුවෙන් සිසුන් තිදෙනෙකු තුවාල ලබා රොහල් ගත කොට ඇති බවට යාපනය කෝපායි පොලීසිය කියා සිටියේය.

කලමණාකරණ පීඨයේ තෙවන වසර සිසුන් හා දෙවන වසර සිසුන් අතර මෙම ගැටුම ඇතිව තිබෙන අතර ගැටුමට හේතු වී ඇත්තේ එම පීඨයේ තෙවන වසරේ සිසුන්ගේ දෛනික ක්‍රියාවන් පරිහි ඇති බවටත් එම ක්‍රියාවන් හෙලා දකිමින් දෙවන වසර සිසුන් විසින් යාපනය සරසවියේ පුස්තකාල ගෙඩනැගිල්ලේ අලවා තිබූ පොස්ටර් කිහිපයක් නිසාවෙන් බවට කෝපායි පොලීසිය කියා සිටියේය.

අදාල ගැටුමේදී තෙවන වසරේ සිසුන්ගේ පහර දීමන් දෙවන වසරේ සිසුන් තිදෙනෙකු  රෝහල් ගත කොට ඇති අතර අදාල සිසුන්ට පහර දුන් සිසුන් කව්රුන්ද යන්න පිළිබඳව වැඩිදුර පරික්ෂණ කටයුතු සිදු කරන අතර අද උදෑසන වන විට පහර කෑ රෝහල් ගත වූ සිසුන් තිදෙනාගෙන් දෙදෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් ඇති අතර තවත් එක් සිසුවෙකු ප්‍රතිකාර ලබන බවට කෝපායි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.



අදහස් (0)

දකුණෙ ලෙඩේ උතුරටත් බෝ වෙයි

ලලිත් Friday, 12 February 2016 09:12 PM

රට ගිහින් ඉගෙනගෙන එන පුත් කුමාරවරුන්ට රස්සා නැත්නම්, පුද්ගලික විශ්ව විද්‍යාල වල ඉගෙනගන්න අයට රස්සා නැත්නම්, මේවා ආදර්ශයට ගෙන එයාකාරයෙන්ම යළි යළිත් පෝස්ටර් ඇලවීම යෙහෙකි. එවිට පසුකාලීනව එම විශ්ව විද්‍යාල වසා දැමීමට සිදුවනවා ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස පෙරකී පුත් කුමාරවරුනට බොහෝ රැකියා අවස්ථා සම්පාදනය වනු ඇත. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site