IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දකුණු පළාත් පාසල් කි‍්‍රකට් ක‍්‍රීඩකයන්ගේ දක්‍ෂතා හඳුනාගැනීමේ වැඩසටහනට 70 ක්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පුහුණු අංශය විසින් මෙහෙයවන ලද දකුණු පළාත් පාසල් ක‍්‍රීඩකයන්ගේ දක්‍ෂතා හඳුනාගැනීමේ වැඩසටහන මේ මස 21 සහ 22 දෙදින ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි. දිස්ත‍්‍රික්ක තුන නියෝජනය කරමින් වයස 14 ත් 19 ත් අතර ක‍්‍රීඩකයෝ 70 ක් පමණ මෙම දක්‍ෂතා හඳුනාගැනීමේ කඳවුරට සහභාගි වූහ.

ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත‍්‍රික්කවල දක්‍ෂතා ඇති පාසල් කි‍්‍රකට් ක‍්‍රීඩකයන් හඳුනා ගැනීම මෙම වැඩසටහනේ ප‍්‍රධාන අරමුණ විය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසන්නේ මෙම ක‍්‍රීඩකයන් ජාතික කණ්ඩායම දක්වා රැගෙන ඒමට ඔවුන් පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත් වන බවයි.

මෙහිදී දිස්ත‍්‍රික් සහ පළාත් පුහුණුකරුවන් යටතේ පුහුණුව ලැබිය යුතු ක‍්‍රීඩකයන්ද ජාතික පුහුණුකරුවන් යටතේ ජාතික වයස් කාණ්ඩ සංචිතවලට ඇතුළත් වියයුතු ක‍්‍රීඩයන්ද වෙන වෙනම හඳුනා ගැනීමට හැකිවිය.
මෙම පුහුණු වැඩසටහනට සමගාමීව දකුණු පළාතේ පාසල් පුහුණුකරුවන් නවින පුහුණු ක‍්‍රමවේදයන්ගෙන් සන්නද්ධ කිරීමේ වැඩසටහනක්ද පැවැත්විණි. එයට පුහුණුකරුවෝ 48 ක් සහභාගි වූහ. ඊට අමතරව පාසල් ක‍්‍රිකට් භාර ආචාර්යවරුන් වෙනුවෙන් ද විශේෂ පුහුණු වැඩසටහනක් පැවැත්විණ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පුහුණුකරුවන් වන නවීඞ් නවාස්, රොජර් විජේසූරිය, පියල් විජේතුංග, සුමිත‍්‍ර වර්ණකුලසූරිය, නුවන් සෙනෙවිරත්න, ජේ. සී. ගමගේ සහ හේෂාන් ද මෙල් යන මහත්වරු මෙම දක්‍ෂතා හඳුනාගැනීමේ සහ කි‍්‍රකට් උපදේශකයන් දැනුම්වත් කිරීමේ වැඩසටහන මෙහෙයවූහ.
දකුණු පළාත් ක‍්‍රිකට් සංගමය සංවිධානය කළ මෙම වැඩසටහනට දකුණු පළාත් කි‍්‍රකට් සංගමයේ ලේකම් ජයනන්ද වර්ණවීර සහ පාසල් ක‍්‍රිකට් සංගයේ ලේකම් ඩිල්ෂාන් ද සිල්වා යන මහත්වරු ද සහභාගි වුහ.



අදහස් (0)

දකුණු පළාත් පාසල් කි‍්‍රකට් ක‍්‍රීඩකයන්ගේ දක්‍ෂතා හඳුනාගැනීමේ වැඩසටහනට 70 ක්

යොහාන් Wednesday, 29 May 2013 05:51 PM

දකුණු පළාත් සංගමයේ එක්කනෙක් සහබාගි වුණ එක ගැන මට බයකුත් දැනෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site