IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දකුණු පළාත් ඇමැති පොලිසියට බාර වෙයි

බොරැල්ල බන්ධනාගාර ක්‍රීඩාංගනයේ සංගීතයක දී ගායක සමන් ද සිල්වාට පහර දුන් බව කියන දකුණු පළාත් සභා අමාත්‍ය බිංදු වීරසිංහ අද වැලිකඩ පොලිසියට බාර විය.

ඔහු නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සමග පැමිණියේය.

ගායක මධුමාදව අරවින්ද ද ගායක සමන් ද සිල්වා සමග පැමිණියේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ද එම ස්ථානයට පැමිණීමට නියමිත බව පොලිසිය කියයි.

 

 

 



අදහස් (0)

දකුණු පළාත් ඇමැති පොලිසියට බාර වෙයි

චමත් Wednesday, 04 December 2013 07:11 PM

ඔය වගේ අය ඇතුළට දන්න ඕනෑ. මහජනයාගේ මුදල් වලින් ජිවත් වෙන අය අද චන්ඩි (නි)

:       0       0

නන්දා ගනේගොඩ Wednesday, 04 December 2013 07:31 PM

ඕවා හැමදාම සිදුවෙන එදිනෙදා ජිවිතයේ කොටස්. මේවට පොලිසියට ගියත් එකයි නැතත් එකයි. ගොඩින් බේර ගත්තනම් මුලින්ම ඉවරයි . (නදී)

:       0       0

අමිල කටුනායක Wednesday, 04 December 2013 07:31 PM

ඔහොම ආවේ සමන්ගෙන් ලැබෙයි කියලද? (නදී)

:       0       0

සනත් -කටාර් Wednesday, 04 December 2013 07:37 PM

බලන්න රටේ නීතිය ක්‍රියාත්මක වෙන හැටි .දුප්පත් මිනිහට එක විදියක් දේශපාලුවන්ට එක විදියක්. මේ මනුස්සය පොලිසියට ගෙන්න කීදෙනෙක් ඕනද . ඩී.අයි .ජි . එන්නේ මොන එහෙකටද. මෙයා සාමාන්‍ය සැකකරුවෙක් විදියට අදිකරණයට ඉදිරිපත් කරන්න බැරිද. ඉතින් මහලොකු ප්‍රජතන්ත්‍රවාදේ ලු .(නදී)

:       0       0

සනත් -කටාර් Wednesday, 04 December 2013 07:38 PM

බලන්න රටේ නීතිය ක්‍රියාත්මක වෙන හැටි. දුප්පත් මිනිහට එක විදියක් දේශපාලුවන්ට එක විදියක්. මේ මනුස්සයා පොලිසියට ගේන්න කීදෙනෙක් ඕනද? ඩී.අයි .ජි . එන්නේ මොන එහෙකටද.මෙයා සාමාන්‍ය සැකකරුවෙක් විදියට අදිකරණයට ඉදිරිපත් කරන්න බැරිද. ඉතින් මහලොකු ප්‍රජතන්ත්‍රවාදේලු.(නදී)

:       0       0

නිලංකා Wednesday, 04 December 2013 07:44 PM

අම්මේ... මුතුහෙට්ටිගම එක්කද අවේ .එහෙනම් ඉතින්.(නදී)

:       0       0

සත්‍යයා Thursday, 05 December 2013 08:39 AM

කලකට ඉහතදී නීතිය සැලකුයේ පිරිසිඳු කන්‍යාවක් ලෙසයි. ඇගේ දෙමව්පියන් පමණක් නොව හැම වැඩි හිටියෙක්ම ඇයගේ පිරිසිඳු බව රැක්කා. පොලිසියේ රාජකාරිය දැන් ඇය ව රැකීම නොව ඇයව කෙලසන අයට ආරක්ෂාව දීමයි. (නදී)

:       0       0

ෂහාන් Wednesday, 04 December 2013 08:21 PM

සැක කරුවන්ට සෙලියුට් කරන රටක්ද මේක අනේ අපේ රටට ගිය කලක් (අ)

:       0       0

කෙවින් Wednesday, 04 December 2013 02:34 PM

මධු මාධව කියන්නේ චරිතේ කොහොම උනත් කොන්ද පණ තියන මනුස්සයෙක්..(නදී)

:       0       0

මදු Wednesday, 04 December 2013 02:36 PM

මුලදී එන්නේ නම් චන්ඩි වගේ. පහු වෙන කොට නොන්ඩි වගේ. (ස)

:       0       0

උපාලි Wednesday, 04 December 2013 02:48 PM

පරණ කතන්දර මතක් වෙලා පොලිසිය හිතයිද දන්නේ නැහැ දෙන්නම ඇවිත් තියෙන්නේ බාර වෙන්න කියලා? (ස)

:       0       0

මොහාන් Wednesday, 04 December 2013 02:51 PM

මධු මාධව කියන්නේ චරිතේ අපිරිසිදු කර ගත පුද්ගලයෙක් නොවේ. මඩ ගහන්න එපා මිනිස්සුන්ට. (ස)

:       0       0

සමන් - කෙන්යා Wednesday, 04 December 2013 02:52 PM

මධූ ඔයා කරන දේ ගොඩක් හොඳයි.ඔයාට ස්තූතියි. (ස)

:       0       0

බන්දුල Wednesday, 04 December 2013 02:55 PM

හෙට පත්තරේ වැටෙයි මුතු හෙට්ට්යි බිංදුයි එඅකතු වෙලා වැලිකඩ පොලිසියේ ලොක්කට ගහලා කියලා කල්පනාවෙන් ලොක්කෝ.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 04 December 2013 03:02 PM

මේවට තමයි ලෝක විහිලු කියන්නේ මේ ප්‍රශ්නෙට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයෙක්, නියෝජ්‍ය ඇමති වරයෙක් මොකටද ? මේ අය‍ට වෙන වැඩ නැතිද ? වැලිකඩ පොලිසියේ ලොකු මහත්තයට පුළුවන් මේ ප්‍රශ්නය විභාග කරන්න. සමතයකට පත්වෙන්නේ නැත්නම් උසාවියට යොමු කරන්න මේ ප්‍රශ්නය සදහා නියොජ්‍ය පොලිස් පති වරයෙක් , නියෝජ්‍ය ඇමති වරයෙක් ඒ ගොල්ලන්ගේ ආරක්ෂාවට නිලධාරීන් , වාහන වලට ඉන්ධන ? බදු ගෙවන දුප්පත් ජනතාවගේ මුදල් විනාශ කරන්න එපා. කරුණාකර මෙවැනි මැර දේශපාලකයන්ට සහ ඔවුන්ට උදවු උපකාර කරන දේශපාලකයන්ට මනාපය දීමෙන් වළකිමු.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 04 December 2013 03:04 PM

මෙයාල හිතන් ඉන්නේ ලංකාවේ අදිපතියෝ කියලනේ. ඇයි මෙහෙම වෙන්නේ , බලමුකෝ ඊලග ඡන්දෙදි මේ කට්ටිය අනාගන්න හැටි.(නදී)

:       0       0

නිහාල් Wednesday, 04 December 2013 03:11 PM

මේ ප්‍රශ්නවල ඇතුලේ අප නොදන්නා දේවල් බොහෝයි, කාගේ කාගේත් හොඳට ප්‍රශ්නය නිරාකරණය උනත් එය සාධාරණයට නම් නොවේ. (ස)

:       0       0

ධම්ම Wednesday, 04 December 2013 03:28 PM

මොකද මේ සහායකයොත් එක්ක? ගුටි කාපු මිනිහා නම් කමක් නැහැ කියමුකෝ. ගුටි ගහපු මිනිහත් 'සපෝටර්ලා' එක්ක. (ස)

:       0       0

යසවතී Thursday, 05 December 2013 10:16 AM

බාර වෙනවා කියන්නේ කොහොම දෙයක්ද ??? (ස)

:       0       0

රනිල් Wednesday, 04 December 2013 03:34 PM

එයා හංගපු ආයුධ පෙන්නන එක්කගෙන ගියා නම් හොඳයි. ඉන් පස්සෙවත් ඉන්න අනිත් අය නිකරුනේ දේශපාලු චන්ඩිකම් පෙන්නන එක අඩුවෙයි. (ස)

:       0       0

රවී මිලානෝ Wednesday, 04 December 2013 03:51 PM

මේ වගේ හරක් ඉන්නකම් අපේ රට හදන්න බැ .ඔව්න් දෙන්නවම අල්ලලා සති දෙකකට ඇතුලට දන්නේ ඕනේ. (අ)

:       0       0

ඉන්දික Thursday, 05 December 2013 10:52 AM

සත්‍යයා, කලකට ඉහත කිව්වේ 1988-89 කාලේ වගේද? (ස)

:       0       0

ගාලු කුමාර Thursday, 05 December 2013 02:26 AM

කොහොම වුණත් නැවත යාලු වුණානේ. ඒක හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 653 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1107 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site