හැට්න්- බගවන්තලාව, හැටන් - මස්කෙළිය, හැටන් - ශ්‍රීපාද හා හැටන් - සාමිමලේ මාර්ග පිළිසකර නොකරතියි චෝදනා කරමින් නෝර්වුඩ් නගරයේ ව්‍යාපාරිකයෝ ද, ඇමැති ආරුමුගම් තොන්ඩමන් මහතාගේ කම්කරු කොංග්‍රසයේ වතු සේවකයෝ ද, මහජනයා ද, උද්ඝෝෂණයක් ඇරැඹූහ.
වෙනත් ප්‍රදේශවල මහාමාර්ගල වල කාපට් අතුරා ඇතත් උඩරට මාර්ගවල වළවල් හැරී වසර ගණනාවකින් අලුත් වැඩියා කර නැතැයි ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ අදහස නම් රටේ සංවර්ධනය හම්බන්තොටට පමණක් නොව සෑම ප්‍රදේශයකටම එක හා සමාන වියයුතුය. මන්දයත් සංවර්ධනය සදහා ගන්නා ණය බර සමස්ත ලංකාවාසීන් මත පැටවෙන බැවිනි. (නි)
ඡන්දේ කාලේ උජාරුවට දේශපාලකයින් මේ පැත්තේ ඉගිලුනේ..ඒත් ඒ ඒකෙක් වත් ආයේ එන්නේ නෑ..හැමදාම වතුකරේ ජනයාට හුළං තමයි..උතුරට වසන්තය දෙන්න ගිහින් වැලේ වැල් නැති වුනා. ඒ දේවල් උඩ රටට දුන්නා නම් ඒක ලාභයි.. (ස)
අපිට කැසිනෝ ඕනෑ. (නි)
දකුණේ පාරට කිරි තියෙනවද දන්නේ නැහැ. දැන්නම් පාරවල් ටික හොඳට තියෙනවා. 94න් ඉස්සෙල්ල දකුණෙන් බිහිවුණු එක කැබිනට් ඇමති කෙනෙක්ට නියෝජය ඇමති කෙනෙක්ට බැරි උනා දකුණට එක සංවර්ධන යෝජනා ක්‍රමයක් ගේන්න. ඒක නිසා දැන් තියෙන තත්වය ගැන දකුණේ අපට ආඩම්බරයි. (ස)
දකුණට මත්තල අනෙක් පැතිවල කරච්චල . (අ)
තොන්ඩමන් පාර කපා ගන්න යන්නේ.(නදී)
එතකොට උතුරට ලැබුනේ පිපින්නද ? කරච්චල් වනා දොරේ ? (ස)
හැටන් ඉඳල සිරිපාදේ ගියා නම් කට්ටියට තේරීයි පාරේ තරම . හැම දෙයක්ම හම්බන්තොටට විතරයි කියන කතාව මමත් පිලි ගන්නවා. (නදී)
මේ අයට යන්න එන්න වලවල් එක්ක හරි පාරවල් තියෙනවා. සමහර ගම් වලට තවමත් පාරක් නැහැ යන්න එන්න. ඒ වුනාට තව සමහර පළාත්වලට අධිවේගී මාර්ගත් තියෙනවා. (ස)
අනේ පව්, හැටන් - ශ්‍රී පාද පාරවත් හදල දෙන්න. එකේ ලොකු වටිනාකමකුත් තියෙනවනෙ. අනිත් එක මෙයාලා ජාතියෙන් දෙමල උනත් ලංකාවේ මිනිස්සුනි. කරුණාකරලා ඇහුන්කන් දීො උදව් කරන්න. (ස)