මෙවර පළාත් සභා මැතිවරණයේ දී දකුණේ ඡන්ද දායකයන් 621,508 ක් ඡන්දය භාවිතා කැර නැත. දකුණේ ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව 1,873,804 කි. ඡන්දය භාවිතා කැර ඇත්තේ 1,252,296 කි. දැමූ ඡන්ද වලිනුත් ඡන්ද 47,726 අවලංගු වී ඇත. ඒ අනුව දකුණේ මන්ත්‍රී ධූර තෝරාපත්කැර ගැනීම සඳහා ඡන්ද දායකයන් 1,204,570 දෙනකුගේ ඡන්ද පමණක් වලංගු වී ඇත. ඡන්දය නොදුන් සංඛ්‍යාව ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් තුනෙන් එකකට ආසන්නය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කැමතියි ඉහත ප්‍රකාශ යම් ප්‍රමාණයක් වෙනස් කරන්න. දකුණේ මිනිස්සු බුද්ධිමත් නෙමෙයි කට්ටයි නේද? බළල් පැටියාගේ කතන්දරේ මට මතක් වෙනවා.(නදී)
ජිනීවා පරාජයත් සමඟ විපක්ෂයේ සැඟවුණු පීබිදිමත් සමඟ විපක්ෂයේ වැඩි පිරිසක් ජන්දය දුන්නා. ඔවුන්ගේ බලාපොාරාත්තුව වුනේ මහින්දව දංගෙඩියට ගොස් ආණ්ඩු පෙරළිමක්. නමුත් ආණ්ඩුවට ජන්දය දෙන අයට මේ ජන්දය එතරම් වැදගත් වුනේ නැහැ. ඒ අය දන්නවා මේක කොහොමත් අාණ්ඩුව දිනන බව. ඒ නිසා වැඩි පිරිසක් ජන්දය දැම්මේ නැහැ.(නදී)
දැන් කාලේ ඔහොම උනාට අසූවේ දශකයේ නම් ඡන්ද පොලට කිසිම කෙනෙක් ආවේ නැතුවත් පාවිච්චිකළ ඡන්ද ප්‍රතිශතය 100%. දැන් ඇයි එහෙම නැත්තේ?(නදී)
නිලියන් චන්දය ඉල්ලන්න ගියත් ඉල්ලන පක්ෂයත් පරාදවෙන්න පුළුවන්, ඒකනිසා කල්පනා කර කරන දේ කරන්න. (දී)
කවුන්සිලයකදි යෝජනාවක් සම්බන්ධව ජන්දය ප්‍රකාශ නොකර සිටිමයි ජන්දයකදි ජන්දය නොදැමිමයි පැහැදිල වෙනසක් ඇති කාරණා දෙකක්. ඕන කෙනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපු අය ඒ දෙකම සමාන කිරීම පුදුම වෙන්න දෙයක් නැහැ.(නදී)
ඡන්දෙට ඉදිරිපත් කරන්නේ ජනතාව කැමති අය නෙමෙයිනෙ.(නදී)
"බමුණු සහදරයෝ බුද්දිමත් හින්දද නිළියන්ගේ පස්සේ යන්නේ" (නදී)
අපි ලියන ඒවා ඵලවෙන්නේ නැහැනේ.(නදී)
අපේ ප්‍රොපෙසර්ට අනුව කාට වීරුද්ධ අයද? (නදී)
දකුණේ මිනිස්සු කොහොමත් බුද්දිමත්.(නදී)
නොදුන්නු ඡන්ද ටික 3 බෙදලා අර තුන්දෙනාට දෙන්න හොදේ. හීනෙන්වත් ජනාධිපති වෙන්න. මොකද පළාත් සභා ඡන්දෙන් හරි ගොඩ එන්න බලාගෙන ඉන්නේ තුන් දෙනා.(නදී)
එතකොට ජනතාව ජවිපෙට ලෙක්චර් එකක්ද දුන්නේ? (නදී)
ඕකට කියන්නෙ බුද්ධිමත් කම නෙවේ මෝඩ කම. තමන්ගේ දේශපාලන අඳබාලකම පෙන්වීම. තමනගේ දේශපාලනික අයිතියවත් තේරුම් ගන්න බැරි මේ අය ගැන කණගාටුයි. ඡන්දෙ කුරුටු ගෑවාම, චන්දෙ නොදී හිටියාම ඒකෙන් වාසිය ලැබෙන්නෙත් අර දිනුවයි කියන අයටම තමා. ඒක තේරුම් ගන්න බැරි අපූරු බුද්ධිමත් ජනතාව.(නදී)
ජි.එල් පීරිස්ගේ තියරිය අනුව සන්ධානයට ඡන්දය දුන් කට්ටියයි ඡන්දය නුදුන් කට්ටියයි එකතු කරපුවම සන්ධානයට විශිෂ්ට ජයක්.(නදී)
ජාතික මැතිවරනයකට තිබෙන උනන්දුව පලාත් සභා හෝ පලාත්පාලන මැතිවරණවලට නැහැ. 65-68% ක් කියන්නෙ හොඳ අගයක්. ජි එල් මහතා ගේ තර්කය මේකත් එක්ක පටලවගන්න හොඳ නැහැ. ජන්දය නුදුන්න අයගෙ ප්‍රතිශතයත් ඔය අනුපාතයටම තමා වැටෙන්නෙ. යෝජනාවකට පක්ෂ අපක්ෂ වීම කියන තර්කය අතින් පීරිස් මහතාගෙ තර්කය නිවැරදිවුනත්, අපගේ විදෙස් ප්‍රතිපත්තියේ විශාල අඩුවක් තියෙන බවක් පේනවා.(නදී)
"දකුණේ මිනිස්සු කොහොමත් බුද්දිමත්" (නදී)
"දකුණේ තුනෙන් එකක් ඡන්දය දී නෑ' හොද ප්‍රවනතාවයක්.(නදී)
මෙතරම් ප්‍රමාණයක් චන්දය නොදීමෙන් පෙනීයන්නේ රටේ ජනතාව ජවිපෙ කියනතරම් පීඩනයකට පත්වෙලා නැහැ කියන එක. එසේ ජනතාව පිඩනයට පත්වී ඇත්නම් ජනතාව පක්ෂවල බලපෑමකින් තොරව ස්වේච්චාවෙන් චන්ද පොලට විත් ආණ්ඩුව ගෙදර යැවීමට පියවර ගන්නවා. (දී)
මාතරින් ඡන්දය ඉල්ලුච කිරිල්ලියන් දෙන්නාට මාතර ඡනතාව අමතක නොවන පාඩමක් ඉගැන්නුවා (නි)
බමුණු සහදරයෝ බුද්දිමත් හින්දද නිළියන්ගේ පස්සේ යන්නේ.(නදී)
එතකොට මේ කට්ටිය වෙනත් රටකද? කොහොමද මෙහෙම කරලා ගැලපෙන කෙනා තෝරාගන්නේ. වෙන රටක නම් මෙය නීති විරෝදී ක්‍රියාවක් දඩ ගහනවා.(නදී)
මේ අයුරින් නිතරම ඡන්දේ පැවැත්තුවොත් නම් තුනෙන් එකක්වත් ඉදිරියේ දී දෙන එකක් නැහැ . මොකද ජනතාව බුද්දිමත්.(නදී)
ජිනීවා ප්‍රථිපළ අනුව ඡන්දෙ නොදීපු කට්ටිය ආණ්ඩුවට විරුද්දයි.(නදී)