දකුණු පළාත් සභා ඡන්දය සඳහා පළාත් සභාව විසුරුවා හැරීමත් සමඟ ඇල්පිටියේ ඈත ගම්වල පාළම් බෝක්කු දැමීමට රජය මුල්ගල් තබා ඇත.
වසර ගණනාවක් ඒ දඩු වලින් එගොඩ වු ගැමියනට මාර්තු අවසන් වන්නට පෙර පාළම් ලැබෙතියි ගැමියෝ කියති.
ඇල්පිටිය හා කරන්දෙණියේ හිඹුටුගොඩ ,පුල්ලිමලේ හා කළුගල්විල ගම්වලට මේ පාලම් ඉදිකිරීම සඳහා එස් එම් චන්ද්‍රෙස්න අමාත්‍යවරයා මුල්ගල් තැබීය.
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
දකුණේ ඡන්දය එගොඩ යන පොටක් පාදයි
චතුල වෙරෝනා Tuesday, 21 January 2014 02:21 PM
මෙව්ව හදන්න යන එව්වො කලිසම් ඈඳගෙනලුද යන්නෙ. එක අතකට මේව බලල ඡන්දෙ දෙන අපේ එව්වොත් රෙදි ඈඳගෙන නෙමේනෙ ඉන්නෙ.(නදී)
මොහාන් Tuesday, 21 January 2014 02:27 PM
ඡන්දය තියෙන එක හොඳයි. හදන්නේ නැති ස්ථාන හදාගන්න පුලුවන්.(නදී)
නිශාන්ත Tuesday, 21 January 2014 02:29 PM
ණයට නොගෙන නම් සංවර්ධනය කරනවා බොරු. මහවැලිය හැදුවෙත් ණය වෙලා තමයි .අනික පවුලකට මෙච්චරයි එක්කෙනෙකුට මෙච්චරයි ගනන් හදන්නේ දේශපාලන වාසියට. මේ ලක්‍ෂ අපි ගෙවන්නෙ නැහැනෙ. සිද්දවෙන්න ඕන කොමිස් ගහන්නෙ නැතුව සංවර්ධනය කීරීම. බොරු කිඹුල් කදුලු ජනතාව අඳුරනවා. (නදී)
විඳු Tuesday, 21 January 2014 02:42 PM
සිහලයා මෝඩයෝ කියල දන්නේ නැතිද? ඒක ඇත්ත කතාවක්නේ. (නදී)
මහින්ද ඩුබායි Tuesday, 21 January 2014 02:45 PM
පින්සිදුවේ දෙවියනේ , මෙවරවත් මේ අහිංසක ජනතාවට උදව් වන්න, පළාතට අවශ්‍ය නියම පුත්ගලයා තොර ගන්න ! ඔබට පින්.(නදී)
කුරුවිට Tuesday, 21 January 2014 03:16 PM
සෑමදාම රැවටෙන ජාතියක් තමා මිනිස්සු (දී)
හැරල්ඩ් Tuesday, 21 January 2014 03:35 PM
වසර ගණනාවක් ඒ දඩු වලින් එගොඩ වු ගැමියනට මාර්තු අවසන් වන්නට පෙර පාළම් ලැබෙතියි ගැමියෝ කියති. ඡන්ද ගුණ්ඩු නේද? (නදී)
අජිත් කරුණාරත්න Friday, 24 January 2014 08:32 AM
ඔය මුල්ගල් තිබ්බට වැඩක් නැහැ. දැන් ඡන්ද දායකයෝ ඡන්දෙ දෙන්නේ ඕවට නොවෙයි. අර වයඹ වගේ බෙදුවොත් තමයි. දැක්කනේ බෙදපුවයේ ප්‍රතිපලේ. නරක නැහැ නේද? (අ)
මහේස් Tuesday, 21 January 2014 03:58 PM
ඡන්ද පොරොන්දු දීල ඒවා ඉෂ්ට නොකොළොත් පොරොන්දු දීපු අයට විරුද්දව නඩු දාල දඬුවම් කල හැකි නීතියක් තිබුනානම් මේ අයට හොඳ වැඩක් දෙන්න තිබුනා.(නදී)
දෙවිනුවර ජයසිරි ලියනගේ Tuesday, 21 January 2014 04:17 PM
බඩු මිල නගිනවා නහුතෙට ඉහල ගිහින් බයිල ගහනවා ඇමතියෝ රුපවාහිනි යෙන් කිරිපිටි නැතිව දරුවන් අද සාගින්නෙන් බයිල අහනවා අපි අද බඩගින්නෙන් .(නදී)
තිලක් Tuesday, 21 January 2014 10:59 AM
ලංකාව නය වලට ගෙවන පොලියෙන් විතරක් කටුනායක අදිවේගය වගේ 20ක් හදන්න පුළුවන් කියල එක වැඩසටහනක ගියා මේක ඇත්තද ? (නදී)
චාරුක Tuesday, 21 January 2014 11:03 AM
එක පුද්ගලයෙක් ලක්ෂ 3 ක් නය නම් ළමයි පස් දෙනෙක් ඉන්න පව්ලක් ලක්ෂ 21 ක් ණයයි. අනේ මේ සල්ලි දුප්පත් දරු පවුල් වලට බෙදුවා නම්.(නදී)
ආලෝකා Tuesday, 21 January 2014 04:30 PM
මොනවා නැතත් කමක් නැහැ අලුත් වාරායයි, ගුවන් තොටයි, ක්‍රිකට් පිටි තියෙනවනේ; දැන්නම් නින්ද යනවා ඒවා ගැන හිත හිත (දී)
සේන Tuesday, 21 January 2014 11:16 AM
මේ සෙල්ලම හැමදාම සිද්ද වෙනවා. ඡන්දෙ ඉවර උනාම ඔක්කොම ඉවරයි. අපි කොච්චර මෝඩ ජාතියක්ද? (නදී)
සෑම් Tuesday, 21 January 2014 11:39 AM
දෙන්නම් කාසි වලට ඡන්දෙ දීලා වෙලා තියන දේවල් මේ මිනිස්සු දන්නේ නැද්ද? සමහර පළාත් වලට ලයිට් කණු ගෙනත් දාල ඡන්දෙන් පස්සේ අපහු ගෙනියන්න හදනකොට ගම්මු එකතුවෙලා ඒක වැළැක්වූවාට විදුලිය තවම නැහැ, (දිල්)
සමන් Tuesday, 21 January 2014 11:50 AM
මෝඩ ජහමනයා ඉතින් කතිරෙ ගහනවා. ඊට පස්සෙ බනිනවා . ආයෙත් ඒකම කරනවා. අපි හරි මෝඩයෝ ජාතියක්. (නදී)
ශාන්ති Tuesday, 21 January 2014 11:58 AM
ඇත්ත අපි හරි මෝඩ මිනිස්සු තමයි. හැමදාම ඔය සෙල්ලම වෙනවා අපිත් රැවටෙනවා.(නදී)
ලාල් කැන්ඩි Tuesday, 21 January 2014 05:57 PM
ඔය පාලම් බෝක්කු ඡන්දෙට කලින් හදල ඉවර කලොත් විතරක් මනාපය දෙන්න. (නදී)
කුසුම් Wednesday, 22 January 2014 10:34 AM
පොලි ගෙවන සල්ලි වලින් ඒවා හැදුවනම් ඉවරනේ ණය ගන්න ඕනේ නැහැනේ (දිල්)
අශාන් Tuesday, 21 January 2014 12:27 PM
දැන් ඉතින් උඩ දාගෙන ඡන්දෙ දෙයි. අපේ මිනිස්සු මෙච්චර මෝඩ ඇයි කියල මට හිතා ගන්න බැහැ.(නදී)
ක්‍රිෂාන් ප්‍රනාන්දු Tuesday, 21 January 2014 12:36 PM
ඡන්දෙට කලින් මොනවා හරි දුන්නොත් නිකම්ම ඡන්දෙ දෙනවා. තව යන්න යන්න අපේ රට විදෙස් රටවලට විකුනන්න වෙන්නේ. පව් අපේ රටේ දුප්පත් මිනිස්සු.(නදී)
හේවගේ ඩී රංගි Wednesday, 22 January 2014 11:53 AM
ලැජ්ජා නැති පරයෝ.(නදී)
ආරියසේන Tuesday, 21 January 2014 12:59 PM
මුල් ගල් තියන්නේ මුල් ඇදෙන්න. මුල් නැතිවෙලා ගල් එන එක වැඩි ඈතක් නැත.(දිල්)
සෙහාන් අමරසිංහ Tuesday, 21 January 2014 01:03 PM
චාරුක, මෝඩ කතා කියන්න එපා. ලංකාවේ අය කැමතියි වැඩක් නොකර මුදල් හොයන්න.(නදී)
බන්දුල Tuesday, 21 January 2014 01:28 PM
අපිත් දකුණේ ඉන්නේ . අපිට පාලමක් තියා ඒදණ්ඩක්වත් නැ.(දී)
සුබේ Tuesday, 21 January 2014 01:29 PM
ලංකාවේ මිනිස්සුන්ට මේ රැවටිල්ල තේරුම් ගන්න බැහැනේ තාමත්. මේ පාරත් චන්දෙ දෙයි උඩ පැනගෙන ගිහින්. මේ නරා වලේ හැමදාම මිනිස්සු වැටෙනවා. (දී)
ජයා Tuesday, 21 January 2014 01:50 PM
මේ ප්‍රතිචාර වලට අනුවනම් වැඩි දෙනෙක් හරි මග දන්නවා. ? (නදී)
අසේල Tuesday, 21 January 2014 09:11 PM
මගේ ගාණ ගෙවලා ණයෙන් නිදහස් වෙන්න බැරිද දන්නෙ නහැ නේද ? (නදී)
ඔසන් සලාම් - කටාර් Tuesday, 21 January 2014 01:54 PM
ඔව් ඉතිං එගොඩ යන පාළම් ටික පෙන්න පෙන්න මන්ත්‍රීන් ටික නම් එගොඩ යයි !(දිල්)
ජිලෝ Tuesday, 21 January 2014 02:19 PM
මෝඩ කම ප්‍රසිද්ද කරන්න එපා.(නදී)