(ක්‍රිෂාන් ජිවක ජයරුක්, යසන්ත ආරියසේන, එස් බාලසූරිය, ප්‍රියන්ත දහනායක, කේ.අජිත්, ජේ.කේ.එල්.චාමින්ද,පීති ජයවර්ධන)

අධිකවර්ෂාවත් ගිංගඟ, නිල්වලා ගඟ පිටාට ගැලීම නිසා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් සහ පහත්බිම් රැසක් ජලයෙන් යටවී ඇතැයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසයි. 

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් ජලයෙන් යටවී ඇතැයි ද ආපදා කළමණාකරන මධ්‍යස්ථානය කියයි

කිරම ආර පිටාර ගැලීම නිසා කඹුරුපිටිය රෝහලට යන මාර්ගය යටවීම නිසා රෝගීහු මෙන්ම කාර්ය මණ්ඩලය ද දැඩි අපහසුතාවයට පත්ව සිටියහ.

ගිංගඟ පිටාර ගැලිම නිසා බද්දේගම ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යටවූ අතර ඇතැම් ප්‍රදේශවල ජලය අද දහවල් වන විට බැස ගියත් බද්දේගම ප්‍රදේශයට ජල මට්ටම වැඩි වෙමින් පැවැති බව ගිංගඟ වාරිමාර්ග ඉංජිනේරු පියුමි රසාංජලි ද සිල්ව මහත්මිය සඳහන් කළාය. කිරම ආර පිටාට ගැනීම නිසා කඹුරුපිටිය කද්දූව මාර්ගය හා ගෝදාව බෝධි රාජාරාම විහාරය ද ජලයෙන් යටවී ඇත. 

මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස, අතුරලිය, මුලටියන, කොටපොළ, පිටබැද්ද,පස්ගොඩ, කඹුරුපිටිය, තිහගොඩ,ඇතුළු පහත් බිම් රැසකට ගංවතුර අවදානම් තත්ත්වයක් පවතින බව මාතර දිස්‍ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

මාතර දිස්ත්‍රික්කයේ  පවුල් 1695ක පුද්ගලයන් 6380 අවතැන්ව ඇති අතර එක අතුරුදහන් වීමක් වාර්තා වන බව ද දිස්ත්‍රික්ක ආපදා කළමනාකරන මධ්‍යස්ථානය කියයි. 

(ඡායාරූප: යසන්ත ආරියසේන)