නාගොඩ රෝහලේ දී සිය බිරියගේ දකුණු පියයුරේ තිබූ ගැටිත්ත වෙනුවට වම් පියයුරේ ශල්‍යකර්මයක් කළ වෛද්‍යවරයකුට ඒ බව කී පසු දකුණු පියයුරේ තිබූ ගැටිත්ත ඉවත් කිරීමට නැවත සැත්කමක් කිරීමෙන් බලවත් වරදක් කළ ඇතැයි මතුගම අගලවත්තේ පදිංචිකරුවකු පැමිණිලි කළ බව අගලවත්ත පොලිසිය පවසයි.
දකුණු පියයුර වෙනුවට වම් පියයුරේ ශල්‍ය කර්මය කර ඇතැයි වෛද්‍යවරයාට දැනුම් දුන් විට ‘‘මට වැඩ වැඩියි“ යනුවෙන් එම වෛද්‍යවරයා සිය බිරිඳට පවසා ඇතැයි ද යළි සිය බිරිඳ සිහි නැති කර සැත්කමක් කළේ යැයි ද ඔහු සිය පැමිණිල්ලේ සඳහන් කැර ඇත.
කළුතර රෝහලේ අධ්‍යක්ෂවරයාගෙන් විමසූ විට කියා සිටියේ සිද්ධියට අදාල වෛද්‍යවරයාගෙන් ප්‍රකාශයක් ගත් බවයි. පියයුරු දෙකේම ගැටිති තිබූ බවත් එබැවින් ඒ දෙකේ ම කොටස් ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකළ බවත් වෛද්‍යවරයා කීවේ යැයි රෝහල් අධ්‍යක්ෂ කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශල්‍ය වෛද්‍යවරුන්ට වැඩ වැඩි නිසා වැරදි වෙන බව ඇත්ත. නමුත් ජනගහණය වැඩි වුණාට ඊට සමානුපාතිකව වෛද්‍යවරුන් ගණන වැඩි කිරීමට සෞඛ්‍යය අමාත්‍යාංශය කටයුතු කර නැහැ. ඔවුන්ද වරදකරුවන් වෙනවා. (නි)
කාර් පර්මිට් නැතුව සාංකාව වගේද කොහෙද. පයින් වෙන්න ඇති මේ දවස් වල ලෙඩ්ඩු බලන්න යනවා ඇත්තේ. එකයි වැඩ වැඩි. (අ)
අවයව දෙකම පරීක්ෂා කර බැලීමට දොස්තර මහතා කාරුණික වී ඇත (නි)
වම දකුණ නොතේරෙන මේ වගේ අයටද මිනිස් ජීවිත භාරදෙන්නේ? (නි)
දැන් ප්‍රකාශයක් ගත්තහම පියයුරු අලුතින් වැඩෙන්න පුලුවන්ද? අපි ඉන්න රටවල මේවට තදබල දඬුවම් ලැබෙනවා (නි)
මේ දොස්තරට කාර් පර්මිට් ලැබිය යුතුයි. (ස)