(එෆ්.අස්ලම්)
ඉදිරි ජනාධිපතිවරණයේ දී දකුණේ කිසිදු දේශපාලන පක්ෂයක හෝ එකී පක්ෂයකින් එන සිංහල නායකයකුට දෙමළ ජනතාවගේ සහාය හිමිනොවනු ඇති බවත් දෙමළ ජාතික සන්ධානය කෙරෙහි ඇත්තේ ද බලවත් අප්‍රසාදයක් හා කලකිරීමක් බවත් හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී ටෙලෝ සංවිධානයේ සභාපති එම්.කේ.සිවාජිලිංගම් මහතා කීය.
2015 දී මෛත්‍රී රනිල් ආණ්ඩුව විශ්වාස කිරීමෙන් දෙමළ ජනතාව රැවටීමට ලක්වූ බවත් දෙමළ ජාතික සන්ධානය ද සිදුකළේ ජනතාව රැවටීම පමණක් බවත් මේ නිසා දෙමළ ජනතාව මෙම ස්ථාවරයට පැමිණ සිටින බවත් සිවාජිලිංගම් මහතා කීය.
ඉදිරි ජනාධිපතිවරණය හා උතුරේ දේශපාලන හා සමාජීය තත්වය පිළිබඳ ලංකාදීපයට අදහස් පලකරමින් සිවාජිලිංගම් මහතා මේ බව කියා සිටියේය.
"දෙමළ ජනතාව දැන් මේ ආණ්ඩුව ගැන විතරක් නෙවෙයි දකුණේ සියලු සිංහල නායකයින් ගැන කිසිම විශ්වාසයක් නැතිවයි සිටින්නේ. ඒ ජනතාව ඊළඟ ජනාධිපතිවරණයේ දී දකුණේ කිසිම අපේක්ෂකයකුට සහාය නොදෙන ස්ථාවරයෙන් පසුවෙනවා. මොකද දෙමළ ජනතාවගේ ජාතික ප්‍රශ්නය ඇතුළු මූලික ප්‍රශ්න වලට විසඳුම් ගේනවා කියල පොරොන්දු වෙලා ඒ ජනතාවගේ සහායෙන් බලයට පත්වුණ මෛත්‍රී රනිල් ආණ්ඩුවත් කලින් ආණ්ඩුවල මෙන් දෙමළ ජනතාව රැවටූ බවට ඒ ජනතාව තේරුම් අරන් තියෙනවා.
ඒ එක්කම දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට කොන්දේසි සහිතව හා කොන්දේසි රහිතව සෑම අවස්ථාවලම සහාය දුන්නා. ඒත් දෙමළ දේශපාලන සිරකරුවන් තවමත් සිරගෙවල්වල. ජනතාවගේ ඉඩම් තවමත් ආරක්ෂක හමුදා බාරයේ. වගවීමේ යාන්ත්‍රණය තවමත් ක්‍රියාත්මක කරල නැහැ. දේශපාලන විසඳුම් ගෙන ඒම වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ උත්සහය ද අතරමඟ නැවතිලා.
දෙමළ ජාතික සන්ධානය පසුගිය සිව් වසර පුරාම කීවේ මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ජාතික ප්‍රශ්නයට විසඳුම් ගෙන එනවා කියලයි. ඒ ආකාරයෙන් දුන් සෑම පොරොන්දුවක්ම ඉටු නොකළ නිසාත් ආණ්ඩුවට අසීමිත ලෙස සහාය දැක්වීම නිසාත් දෙමළ ජාතික සන්ධානය කෙරෙහිත් ජනතාව තුළ අද තියෙන්නේ කෝපයක්. මේ නිසා මින් ඉදිරියට කිසිදු දකුණේ දේශපාලන පක්ෂයකට හෝ අපේක්ෂකයකුට දෙමළ ජනතාවගේ සහාය නොලැබෙන තත්වයක් තමයි පවතින්නේ. දෙමළ ජාතික සන්ධානය කෙරෙහිත් කිසිදු විශ්වාසයක් නැති තැනට පත්වෙලා.
ඒ වගේම අපේ ජාතික ප්‍රශ්නයට විසදුම් ගෙන ඒම,යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම, අතුරුදන් වූවන් පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීම, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, ආරක්ෂක හමුදාව බාරයේ ඇති දෙමළ ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම ඇතුළු කාරණාවන් ශ්‍රීලංකාවේ බලයේ සිටින හෝ බලයට එන කිසිදු ආණ්ඩුවකින් ඉටුනොවන නිසා ඒ වෙනුවෙන් ජාත්‍යන්තර වශයෙන් බලකිරීම් සිදුකිරීමට සිදුවෙනවා. ඒ වෙනුවෙන් අප රාජ්‍යතාන්ත්‍රික මාර්ගයෙන් සටන් කරනවා" යැයිද සිවාජිලිංගම් මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කතාකරන්නේ සියළු දෙමළ ජාතිකයින්ගේ අදහස් විමසලාද? පොඩි ඡන්දයක් තියලා බැලුවොත් නරකද මෙයාගේ පම්පෝරිය?මේගොල්ලෝ වගේ කට්ටිය හින්දා තමයි අවුරුදු ගන්නනක් දුක් වින්ද අහිංසක අයට සහනයක් නැත්තේ. එක එක්කෙනාගේ කකුල් වලින් ඇද ඇද ඉන්න එක තමා මෙකට්ටියගේ වැඩේ.
ඒ උනාට ඔයාල බයවෙන්නෙපා, දකුණේ සිංහල නායකයෝ සිංහල ඡන්ද වලින්ම ආවත් කොන්දක් නැති නිසා ඔයාලගේ ඔය සොච්චම් ඡන්ද වලට පෙරේත වෙලා, මේ රටින් හතරෙන් තුනක්ම ඔයාල කැමති විදිහට පරිහරණය කරන්න ඔයාලට දේවි. සතුටින් ඉන්න හොදේ.!
ඔය අන්තවාදී, බෙදුම්වාදී අදහස් අතඇරලා තමන්ගේ මව්බිම මේ සිංහල රට කියලා හදවතින්ම හිතනතුරු මේ මිනිසුන්ට හරියන්නේ නෑ. මැරෙනතුරුම උපන් රටට විරුද්ධව වැඩකරලා... ඒ පාපකර්මයෙන් නැවත උපදින්නේ අනාථයන් වෙලා...
ඔයාලා වගේ ත්රස්තවාදීන් ඉන්නකන් මේ රටේ සිංහල, දෙමළ ජනතාව අතර කවදාවත් සාමය, සමගිය ඇතිවෙන එකක් නැහැ.
අනේ ඔව් සිවා, අපි මේ හිතාගෙන ඉන්නේ දෙමළ පොරක් ජනපතිවරණයට ඉදිරිපත් කරන්න...
අපිට එපා 79 % ඉන්න සිංහල ජාතියේ 12% ඉන්න උබලගේ ජාතියේ සහයෝගේ ඕනේ නැහැ ඉදිරියේ දී උඹලගේ ප්‍රශ්න විසදා ගන්න හැටි බලමු අපට හරි නායකයෙක් හදාගන්න බැරි උනොත් රටේ පාලනය හමුදාවට බර දෙනවා කවුරු අකමැති උනත් ජනතා බලය යොදා එය කරනවා .......
අහිංසක දෙමළ මිනිස්සුන්ගේ ප්‍රශ්න පේන්නේ නෑ. ඡන්ද ටිකක් ගොඩ දාගන්න තිබ්බම ඇති.
නුඹලාගේ සහාය දෙන්නේ නැතිනම් තියා ගනිල්ලා....
මෙතුමාට ඉන්දියාවේ එන්ජීඕ එකකින්වත් සපෝට්ද දන්නේ නැහැ? 21 වෙනි සියවසේවත් ලංකාව එක භාෂා යටතට නොගෙනාවොත් අනාගතය සුභ නැත. සිංහල නායකයෝ, දමිල නයකොයෝ කියල කියන තැනම රට ආපස්සට ඇදීමක් තියෙන්නේ. ලංකා ව්‍යවස්ථාවේ ජාතික, රාජ්‍ය, පරිපාලන භාෂා වෙනස් කිරීමක් අවශ්‍යයි.
කලබල වෙන්න එපා.. මේ ඉන්න සිංහල නායකයන් කියන්නේ මුළු මහත් සිංහල ජාතියම නෙමෙයි. ඒ වගේම සිවාජිලිංගම් කියන්නේ මුළු මහත් දෙමළ ජනතාවත් නෙමෙයි. ඔය එයාගේ පුද්ගලික මතය...
පුලුවන්නම් දෙමල කෙනෙක් ජනාධිපතිවරණයට දාන්න. එතකොටවත් සිංහල නායකයින්ගේ ඇස් ඇරෙයි. සිංහල අපි අති බහුතරෙන් සිංහල නායකයෙක් පත්කළාම ඔබතුමාලගේ සුළුජන්ද වලට යනඑන මන් නැති කරනවා. එතකොට තේරෙයි අනුන්ගේ රටක ඉන්න ඕනෑවිදිය... ආයේ එන්න එපා රටේ කෑලි ඉල්ලගෙන බය කරන්න...
දැන් ඉතින් අපේ පක්ෂ නායකයෝ යන්න පටන් ගනියි පස්සෙන් වැඳගෙන උදව් ඉල්ලගෙන..
ඒ කියන්නේ රනිල් දෙමළද?
දෙන්න එපා අයියා දෙන්න එපා...!