IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


දකුණු කොරියාවට හමදා නීතිය පනවයි

(විමුක්ති එස් රුද්‍රිගු)

දකුණු කොරියාවට හදිසි හමුදා නීතිය පනවන බව ජනාධිපති යුන් සුක් යෝල්  රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් අද ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා හමුදා නීතිය පැනවීමත් සමග දකුණු කොරියානු පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන්ට ඇතුළුවීමට නොහැකි පරිද්දෙන් මාර්ග බාධක යොදා වසා දැමීමට එරට පොලිසිය කටයුතු කළ අතර විශේෂ බළකා සෙබළුන් පාර්ලිමේන්තුව තුළට බලෙන් ඇතුළු විය.

විරුද්ධ පක්ෂයේ රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීමටත් උතුරු කොරියානු කොමියුනිස්ට් බලවේගයන්ගෙන් දකුණු කොරියාවට එල්ල වන තර්ජන වලින් රට ආරක්ෂා කර ගැනීමටත් හමුදා නීතිය පැනවීමට තීරණය කළ බව ජනාධිපතිවරයා රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් පැවැසුවේය.

හමුදා නීතිය යටතේ නැවත වරක් නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී දකුණු කොරියාවක් ගොඩනැගීමට කටයුතු කරන බවද එහිදී ඔහු ප්‍රකාශ කළේය. රාජ්‍ය විරෝධීන් රටතුළ නොසන්සුන් තත්වයක් ඇති කිරීමට උත්සාහ දරන බවත් එවැනි තත්වයක් මත දකුණු කොරියානු ජනතාවගේ නිදහස හා ආරක්ෂාව සහතික කිරීම සඳහා හමුදා නීතිය පැනවීමට සිදුවූ බවත් ජනාධිපති යුන් සුක් යෝල් පැවැසුවේය.

දකුණු කොරියානු පාර්ලිමේන්තුව ජාතික මෙහෙයුම්, මත්ද්‍රව්‍ය අපරාධ වැළැක්වීම සහ මහජන ආරක්‍ෂාව සඳහා අත්‍යවශ්‍ය අයවැය සම්පූර්ණයෙන්ම කප්පාදු කර ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.ඉන් රාජ්‍යයේ මූලික කාර්යයන් හෑල්ලුවට ලක්වී රට කඩා වැටීමට ලක්වී ඇති බවද ඔහු සඳහන් කළේය.

හමුදා නීතිය ඉවත්කරන තුරු ජෙනරාල් පාර්ක් අන් සෝ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරනු ඇති බවද ජනාධිපතිවරයා එහිදී පැවැසුවේය.

දකුණු කොරියානු පාර්ලිමේන්තුව, ප්‍රාදේශීය සභා, දේශපාලන පක්ෂ, සහ දේශපාලන සංගම් මෙන්ම රැස්වීම්, පෙළපාලි ඇතුළුව, සියලුම දේශපාලන ක්‍රියාකාරකම් හමුදා නීතිය ඉවත් කරන තුරු තහනම් බව හමුදා නීතිය පැනවීමෙන් පසුව ජෙනරාල් පාර්ක් අන් සෝ වත්මන් තත්වය පැහැදිලි කරමින් ප්‍රකාශ කළේය.

හමුදා නීතිය පැනවීමත් සමග දකුණු කොරියානු පාර්ලිමේන්තුව ඉදිරිපිටට රැස්වන ලෙස දකුණු කොරියාවේ ප්‍රධාන විපක්ෂය වන ඩිමොක්‍රටික් පක්ෂයේ නායක ලී ජේ මියුන්ග් ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. එම ඉල්ලීමත් සමග දකුණු කොරියානු පාර්ලිමේන්තුව ඉදිරිපිටට ජනතාව විශාල වශයෙන් එක්රැස් වූ අතර ඔවුන් හමුදාව සහ පොලිසිය පසු කරමින් පාර්ලිමේන්තුව ඇතුළුවීමට උත්සාහ කළේය.



අදහස් (1)

දකුණු කොරියාවට හමදා නීතිය පනවයි

පම්පෝරි ජනක Wednesday, 04 December 2024 09:08 AM

ලංකාවේ ටික්ටෝක් කරන නංගිලා ඇන්ටිලා තමයි මේ ප්‍රවෘත්තිය නිසා හුඟක් ම බය වෙලා ඇත්තේ

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 620 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site