දකුණු පාදයේ දණහිසේ අබාධයකට ප්‍රතිකාර ගැනීමට පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ වයස අවුරුදු 14 ක පාසල් ශිෂ්‍යාවකගේ වම් පාදයට ශල්‍ය කර්මයක් කර ඇතැයි දැරියගේ පියා පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
පිළිමතලාව විජේතුංග මාවතේ පදිංචි නවවැනි වසරේ ඉගෙනුම ලබන දැරිය කුඩා කල සිටම දකුණු පාදයේ දණහිස ළඟ ගැටිත්තක් තිබුණු බවත් එයට ප්‍රතිකාර ගැනීම සඳහා පසුගිය 20 වැනිදා පේරාදෙණිය රෝහලේ 16 වැනි වාට්ටුවට ඇතුළත් කර ඇතැයි ද පසුව ඇය ශල්‍ය කර්මයකට භාජනය කරන ලද බවත් එයින් පසු දැරිය වාට්ටුවට ගෙනෙන විට දැක ඇත්තේ දකුණු පාදය වෙනුවට වම් පාදයේ ශල්‍ය කර්මයක් කර ඇති බවත්ය.
වෛද්‍ය වරයාගෙන් ඒ පිළිබඳව විමසා ඇතත් ඔහු ප්‍රකාශ කර ඇත්තේ 3 වැනිදා දකුණු පාදයට ශල්‍යකර්මය කරන බවයි.
පේරාදෙණි රෝහලට ඇතුළත් කර සැත්කමට ලක් කල දැරියගේ වෛද්‍ය පරික්ෂණ අනුව වම් කකුලේද රෝගි තත්වය ඇති බව පේරාදෙණි ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එච්.ඩබිලිවු.ඡේ හේරත් මහතා කියයි.
දැරියගේ ඇටවල අසාමාන්‍ය වර්ධනයක් ඇති බවත් රෝහලේදි ලක්කළ පරික්ෂණ වලදි වම් කකුලේද එම රෝගි තත්වය ඇති බවට තහවුරු වි ඇති නිසා වෛද්‍යවරයා වම් කකුලද සැත්කමට ලක් කර වම් කකුලේ ඇට වල සියුම් කොටස් රසායානාගාර පරික්ෂණ සදහා යොමු කර ඇති බවත් මෙම දැරිය කුඩා කළ සිටම ප්‍රතිකාර කල විකලාංග රෝග පිලිබද විශේෂඥ වෛද්‍යවරයා විදේශ ගත වි ඇති බවත් ලබන මස 8 වෙනිදා මෙරටට පැමිණීමෙන් පසු අවසන් තිරනයක් ගන්නා බවත් මෙම සැත්කමට ලක්වු දැරිය සදහා රෝහලෙන් කිරිමට ඇති සියලු වෛද්‍ය පහසුකම් ලබා දිමට කටයුතු කර දිමට සියලු පහසුකම් ලබා දෙන බවත් පියාට පැවැසු බවත් රෝහල් අධ්‍යක්ෂ වරයා පැවැසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩුම තරමින් කළ යුතු ශල්‍යකර්මය මොකක්ද , කරන්නේ කොහෙද කියන එක බලන්නේවත් නැද්ද? (ම)
ගුරාටත් අකුරු වරදිනවා (ම)
දැන් දරුවාගේ පියාට කියයි දෙකේම අසනීපයක් තිබුණා කියලා (ම)
සයිටම් එකේ ළමයි වෛද්‍යවරු වුණොත් නේද මෙහෙම දේවල් වෙනවා කිව්වෙ. මේ දොස්තර කොහෙන් පාස් වෙච්ච කෙනෙක්ද කියල බැලුවොත් හොඳයි. (ම)
මගෙත් දතක අමාරුවකට ඊළඟ හොඳ දතට ස්නායු මරණ ප්‍රතිකර්මය වැරදෙමකින් සිදුකර තිබුනා ඊළඟ දවසේ අමාරුව අඩු නැති නිසා දත් දොස්තර අනෙක් දතටත් නැවත ප්රෙතිකර්ම කලා. පෞද්ගලික නිසා ලොකු මුදලකුත් ගෙවන්නට සිදුඋනා. (ර)
ඒ මහත්තුරුන්ට මේ දවස්වල තියෙන වැඩවල හැටියට කකුල් මාරු වෙන එක ගැන කලබල වෙන්න ඕන නැහැ. (ර)
වම් පාදයේ සැත්කම කිරීමට රෝගියාගේ හෝ බාරකරුගේ අවසරය ගත්තද? එසේ නොවී නම් මෙය වෛද්‍ය ආචාරධර්ම කඩකිරීමක් සේම, නොසැළකිලිමත් වෛද්‍ය ශල්‍යකර්මයකි. වෛද්‍යවරයා අවංකවම වරද නොපිළිගනී නම්, දෙමාපියන් හට ඉහත වැරදි සඳහා ස්ථිර ලෙසම වන්දි ලබාගත හැකිය. වෛද්‍ය සභාව හා උසාවිය මෙවැනි වංචනික මිනිසුන්ගෙන් රෝගීන් රැකගැනීමට වහාම ඉදිරිපත් වියයුතුය. අත්වැරදී සිදුවීම පිළිගත හැකිවුවද, වංචනික ලෙස රෝගීන් රැවටීමට සමාව නොදිය යුතුය. (නි)
අනේ මන්දා. දවසින් දවස ලංකාව එපා වෙන වැඩ තමයි තියෙන්නේ (බ)
මාතෘකාව දැකල මං නම් හිතුවේ පානදුර ඉස්පිරිතාලේ කියල, පානදුර ඉස්පිතාලේනම් එහෙම වෙන එක නම් සමාන්‍යයි (බ)
" පය බරවායට පිටිකර බෙහෙත් බඳනා සේ " ධර්මසේන හිමියන් කිවුවේ මේ ගැන වෙන්නැති. (බ)
මෙන්න ලංකාවේ දොස්තරලගේ වැඩ .රටේ වෙන දේවල් වලට දොස්තරලා විරෝධතා පානවා. දොස්තරලා ,දොස්තරලගේ වැඩ හරියට බලාගන්න .රට පාලනය කරන්න ඡන්දයෙන් පත්වූ අයට දෙන්න (බ)
ඉන්දියාවේ දොස්තර කෙනෙක්ද? (නි)
මීට සුදුසු දඬුවමත් උසාවිය මඟින් ලබාදෙන්න. (නි)
සමන්, රට පාලනය කරන්න දීලා නිකන් බලාහිටියොත් රටක් නැතිවෙන නිසයි උගත් දොස්තරවරු වීදි බහින්නේ. (නි)
දකුණු කකුලේ කලින්ම ශල්‍යකර්මය කරන්න හිතෙන්න ඇති. පව් අර පුංචි එකාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා (නි)
ඕකනේ අපේ අය සිංගප්පුරු යන්නේ. (නි)
කණ්ණාඩියකින් බලාගෙන වෙන්න ඇති මේක කරන්න ඇත්තේ (නි)