2015 ගෝලීය සෞභාග්‍යය දර්ශකයට අනුව ලොව සමෘද්ධිමත්ම රටවල් අතර දකුණු ආසියාවේ පළමු තැනට ශ්‍රී ලංකාව පත්ව තිබේ.
ලන්ඩන් නුවර පදනම් කර ගත් ආයතනයක් වන මෙය රටවල් 142ක් යොදා ගනිමින් වර්ගීකරණ 08ක් යටතේ එම අධ්‍යයනය සිදුකර ඇත.
ලෝක සමෘද්ධි දර්ශකයේ ශ්‍රී ලංකාව පසුවන්නේ 61 වන ස්ථානයේය. රටේ ජනතාවගේ යහපැවැත්ම, ආර්ථිකය, ව්‍යවසායකත්වය, අධ්‍යාපනය, සෞඛ්‍යය, ආරක්ෂාව, සුරක්ෂිතතාව, පුද්ගල නිදහස සහ සමාජ ප්‍රාග්ධනය පිළිබඳ මෙහිදී සැළකිල්ලට ගත් බව අධ්‍යයනය සිදුකළ සමීක්ෂණ ආයතනය කියයි.
ශ්‍රී ලංකාව මෙම දර්ශකයේ 62 වැනි ස්ථානයේ පසු වු අතර 2013 වසරේ 60 වන ස්ථානයේත්, 2012 වසරේ 58 වැනි ස්ථානයෙත් පසු විය.
නෝර්වේ රාජ්‍යය ලොව සමෘද්ධිමත්ම රටවල් අතර පළමු තැන පසුවන අතර දෙවන තැන පසුවන්නේ ස්විස්ටර්ලන්තය වෙයි.
අසල්වැසි ඉන්දියාව ලෝක සමෘද්ධි දර්ශකය තුළ 99 වන ස්ථානයේ පසුවන අතර පාකිස්ථානය 130 වන ස්ථානයේ සහ ඇෆ්ගනිස්ථානය 140 වන ස්ථානයේ පසුවෙයි.චීනය පසුවන්නේ මෙම දර්ශකයේ 52වන ස්ථානයේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හිතාගන්න පුළුවන් අනිත් රටවල් කොහොම ඇද්ද කියලා. අපි ඇත්තටම සමෘද්ධිමත්ද ? (නි)
එහෙනම් මේ අපිටත් පිටිපස්සේ ඉඳගෙනයි ඉන්දියාව අපිට චණ්ඩිකම් පෙන්වන්නේ (නි)
දින 100 යේ ආශ්චර්යද මේ? නැත්තම් ජනතාව ප්‍රතික්ෂේප කළ පාලනයේ ප්‍රතිඵලද? (නි)
ඔන්න බලන්නකෝ, යහපාලනය ආවා විතරයි වෙනස. (නි)
මහින්ද යුගයේදී 58 වැනියා. යහපාලනයෙන් පසු 61. මේ මාස 10ට ඔහොමනම් ඉතිරි මාස 50 කොහොම වෙයිද. මාස 60න් අලුත් රටක්!! (ස)
මහින්ද මහත්තයාත් ගෝඨාභය මහත්මයාත් මතක් වෙනවා. (ස)
යහපාලනයට කලින් 60. දැන් 62යි. (ස)
ඔන්න බලන්නකෝ, යහපාලනය ආවා විතරයි වෙනස. (ස)
සරත්, ඇත්තටම අපි යම් ප්‍රමාණයකට සමෘද්ධිමත්. ඇත්ත ඒකයි. ඇතැම් අයගේ තිබෙන ඍණ ආකල්ප නිසයි එසේ අපිට හිතෙන්නේ. (නි)
පහුගිය කාලයේ නාස්තිකළ සල්ලි ටිකත් රටට යෙදෙව්වා නම් තවත් ඉදිරියට එන්න තිබුනා (නි)
'සමෘද්ධිමත්කම' කියන එක එක නිර්ණායකයකින් මනින්න බැහැ. ඉන්දියාවට විශාල ආර්ථිකයක් තිබෙනවා. නමුත් දුප්පතුන් වැඩියි. අරාබි රටවල දුප්පතුන් අඩුයි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස නැහැ. ඒ නිසා මෙවැනි ලැයිස්තු පිළිගැනීමේදී සැළකිලිමත් වියයුතුයි (නි)
යහපාලනෙන් එක් ස්ථානයක් ඉදිරියට ඇවිල්ලා. ශාන්ත කියන වෙනස එ්ක වෙන්න අැති (නි)
මට දන්න කෙනෙක් කියනවද දකුණු ආසියාවට රටවල් කීයක් අයිති වෙනවද කියලා (නි)
මම පදිංචි රට ඔය ලැයිස්තුවේ අංක 4 වීම සතුටට කරුණක්. (ම)
ඉන්දියාවත් එක්ක තිබෙන ගනුදෙනු දැන්වත් නවතා දමමු. (නි)
එතකොට වංචාව , දුෂණය, භීෂණය, මත්කුඩු පැත්තෙන් අපි ඉන්නේ කොතැනද? (නි)
ඇන්ටන්,දකුණු ආසියාවට අයිති යැයි නිල වශයෙන් සළකන රටවල් අටකි. ඒ ඇෆ්ඝනිස්තානය,බංග්ලාදේශය,භූතානය,මාල දිවයින,ඉන්දියාව,නේපාලය,පකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන රටවල් වේ. (නි)
බොහොම සතුටුයි (නි)
තව තවත් ලංකාව දියුණු වේවා! නිලු දැක්වු අදහසට මමත් එකඟ වෙමි (නි)
මේ ප්‍රතිළුලය හිටපු පාලකයන්ගෙන් අප එපා කිවුවෙ ඔවුන්ය.(ම)
මේ හිටපු පාලකයන්ගේ තිබුන දක්ෂතාවය....(ම)
නිලූ හිතන් ඇති කිසි දෙයකට ආයෝජනය නොකර නිකම් හිටියම සමෘද්ධිය නිකම් පහළ වෙනවා කියල. පසුගිය පාලකයන් ගැන කවුරු ඉරිසියා කලත් මේ ඔවුන් නිසා අපට ලැබුණ දේයි. අපි ඔවුන් ප්‍රතික්ෂේප කිරීම නිසා අපිට ලැබෙන දේත් නොබෝ දිනකින් අපිට දැක බලා ගැනීමට හැකිවනු ඇත. (ම)
නිලූ, ඒ කියන්නේ දැන් පසුගිය කාලයටත් වඩා තත්ත්වය අයහපත් කියලද? (නි)
හිරු, ස්ථානය අඩුවෙන තරමට තමයි හොඳ (නි)
හරිම සතුටුයි (නි)
මට නම් අදහාගන්නත් බැහැ (නි)
මේවා ඔක්කොම පසුගිය ආණ්ඩුව කළ වැඩවල ප්‍රතිඵල. මේ ආණ්ඩුව මොනවද කළේ රට සමෘද්ධිමත් වෙන්න? බඩුමිල අඩුකළාද? රට සංවර්ධනය කළාද? (නි)
ලංකාව ලෝකයේ හොඳ තැනකට ගන්න පුළුවන්. පිටරට ඉන්න අපිට එය පැහැදිලිව පෙනෙනවා. (නි)
ඔහොම යං. මගේ ජීවිතකාලේ අවසන් වෙන්න කළින් ඉතියෝපියාව අපිට වඩා ඉස්සරහට ආවෙ නැත්තං මදෑ. (රේ)
මේක නම් ආශ්චර්යයක් (නි)
යහපාලන වෙනස! ඔව් අලුත් රටක් (නි)
කවදාවත් පිටකොටු පැත්තේ ගිහිල්ල නැහැ ලන්ඩන් කට්ටිය මයේ හිතේ ....(රේ)
හොඳයි හොඳයි. ජයවේවා! (නි)
ඔහොම යමුකෝ! (නි)
ජයවේවා ශ්‍රී ලංකා! (නි)
අපිත් එහෙනම් තැනක ඉන්නවා! (නි)
බලන්න අපි කොච්චර දියුණුද කියලා (නි)
දිලුම්ගේ කටේ මසුරන් දාන්න වටිනවා (නි)
අනේ! අපිට නම් මොන පාලනය ආවත් ඔය කියන සමෘද්ධිය නම් තවම පහළවෙලා නැහැ. "අපි කන හැටි ළිපා දනියි" කිව්වලු....අල්ලපු රටවල නෑදෑයින්ගේ තරමත් අපිට හිතාගන්න පුළුවන් ඔය කියන වාර්තාවෙන්ම. (නි)
අපිට හදවතින්ම සතුටුයි (නි)
අපි ආර්ථිකය වගේ දේවල් වලින් පස්සෙන් හිටියත් අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ දේවල් වලින් ඉදිරියෙන්ම ඉන්න නිසා ලකුණු ලැබෙනවා. ඉතින් නිර්ණායකයෙන් ඉදිරියට ආවත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අපි සමෘද්ධිමත්ම රට කියලා. (නි)
එන්න එන්නම පල්ලට යනවා. තව ටික දවසකින් සිම්බාබ්වෛ් වෙයි. (ස)
කොහොමද අපේ වැඩ?? (නි)