හම්බන්තොටදී පුරා දින හතක් පැවැති පළමු දකුණු ආසියානු වෙරළ (බීච්) ක‍්‍රීඩා උළෙල අද (14)රාත‍්‍රියේ කථානායක චමල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති වර්ණවත් සමාප්ති උළෙලත් සමග අවසන් විය.
දෙවැනි දකුණු ආසියානු වෙරළ (බීච්) ක‍්‍රීඩා උළෙල ලබන 2013 වසරේ මාලදිවයිනේදී පැවැත්වීමට නියමිතය. දෙවැනි ක‍්‍රීඩා උළෙලේ සත්කාරක රට වන මාලදිවයින් ඔලිම්පික් කමිටු සභාපති ඊබ‍්‍රයිම් ස්මයිල් සහ මාලදිවයින් ක‍්‍රීඩා අමාත්‍ය හසන් ලතීෆ් යන මහත්වරුන්ට ක‍්‍රීඩා උළෙලේ ධජය
නිලවශයෙන් බාර දුන් අවස්ථාවට සමාප්ති උළෙලේ විශේෂ ස්ථානයක් හිමිවිය.
මාලදිවයින් ක‍්‍රීඩිකාවන්ගෙන් සමන්විත නර්තන කණ්ඩායමක් බෙර වාදනය කරමින් අපේ ජාතිය යන තේරීම ගෙනෙන ‘මීරාජේ’ නැමැති නර්ථනය ඉදිරිපත් කිරීම කැපී පෙනුණි.
සමාප්ති උළෙලට ද ත‍්‍රිවිද හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්‍ෂක බලකාය එකතුව වර්ණවත් නර්ථන සංදර්ශනයක් ඉදිරිපත් කළ අතර පසුව ඉදිරිපත් කළ මල්වෙඩි සංදර්ශනය හම්බන්තොට අහස් කුස වර්ණවත් කළේය.
සමාප්ති උළෙල ඇමතූ ක‍්‍රීඩා උළෙලේ සංවිධාන කමිටු සභාපති අමාත්‍ය ඩිලාන් පෙරේරා සහ ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා යන මහත්වරු පැවසුවේ 2018 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේ සත්කාරත්වය සඳහා ලබන නොවැම්බර් මස 11 වැනිදා ශාන්ත කිඞ්ස්හිදී පැවැත්වෙන ඡන්ද විමසීමෙන් අනිවාර්යයෙන් ජය ලබා එය හම්බන්තොට පවත්වන බවයි.
ඉන්දියාව රන් පදක්කම් 11ක්, රිදී පදක්කම් නවයක් සහ ලෝකඩ පදක්කම් පහක් දිනා ගනිමින් පළමු ස්ථානය දිනා ගත්තේය. පාකිස්තානය රන් පදක්කම් පහක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් හතරක් දිනා තෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.
ඡායාරූප: රොමේෂ් ධනුෂ්ක සිල්වා


1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd