දකුණු ආසියානු කනිෂ්ඨ මේස පන්දු තරගමාලාවේ කණ්ඩායම් තරගාවලියේදී රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සමත්වුහ. ඉන්දියාවේ ශිලොන්ග්හිදී ඊයේ (19) අවසන්වීමට තිබු මෙම තරගාවලියට ශ්‍රී ලංකාවෙන් වයස 15 න් පහළ සහ 18 න් පහළ (බාලක/බාලිකා) කණ්ඩායම් දෙකක් සහභාගිවිය.
තරගාවලියේදී වයස 18 න් පහළ බාලිකා, වයස 15 න් පහළ බාලක සහ බාලිකා කණ්ඩායම් රිදී පදක්කම් තුන දිනාගත් අතර වයස 18 න් පහළ බාලක පිල ලෝකඩ පදක්කම ලැබීය. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් සහභාගි වු කණ්ඩායම් හතරම පදක්කම් දිනා ගැනීමට සමත්වීම කැපී පෙනේ.
චන්දිමා මධුෂාණී, කසුනි පිටිගල සහ රුවිනි කන්නන්ගර රිදී පදක්කම්ලාභී ශ්‍රී ලංකා වයස 18 න් පහළ (බාලිකා) පිල නියෝජනය කළහ. උදය රණසිංහ, ප‍්‍රසාද් ද සිල්වා, නුවන්ති නිරෝෂණ වයස 15 න් පහළ බාලක පිලට ද, මුතුමාලි ප‍්‍රියදර්ශනී, පවනි සිරිසේන, ටී. තුෂාරා වයස 15 න් පහළ බාලිකා පිලට ද ඇතුළත් වුහ.
ලෝකඩ පදක්කම හිමිකර ගත් වයස 18 න් පහළ බාලක කණ්ඩායමට නුවන් ජයසුන්දර, සුපුන් සිරිසේන සහ තිළිණ විජේසිරි ඇතුළත් වුහ. උදය රණසිංහ, පවනි සිරිසේන, ප‍්‍රසාද් ද සිල්වා සහ රුවිනි කන්නන්ගර එහිදී දස්කම් දැක් වු බවද වාර්තාවේ.
චන්දන පෙරේරා (කණ්ඩායම් ප‍්‍රධානී), නුවන් සම්පත් (පුහුණුකරු) සහ ඞී.ආර්. දිසානායක (ක‍්‍රීඩිකාවන් භාර නිලධාරිනි) මෙම තරග සංචාරයට එක් වු නිලධාරීහු වෙති.
2025 දෙසැම්බර් මස 18
167
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
959
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දකුණු ආසියානු කනිෂ්ඨ මේස පන්දු තරගමාලාවේදී ශී‍්‍ර ලංකාවට රිදී පදක්කම් තුනක් , ලෝකඩ පදක්කමක්
සුභාෂිණි Wednesday, 20 June 2012 09:59 PM
ඔයාලගේ ජයග්‍රහණයට අපේ සුභ පැතුම්!