ශ්‍රී ලංකාවේ පවතින ගැටළු වලට ශ්‍රී ලාංකිකයන් විසින්ම සකස් කරගන්නා කල්පවත්නා විසඳුමක් සඳහා දකුණු අප්‍රිකාව සහාය ලබාදෙන බව එරට ජාත්‍යන්තර සබඳතා හා සහයෝගීතාව පිළිබඳ ඇමතිනී එමිලි කෝනා මාෂාබානා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 25 වන සැසිවාරය අමතමින් පැවසුවාය.
‘ශ්‍රී ලංකාවට 25 වන සැසිවාරය ඉතාම වැදගත්. රට අභ්‍යන්තරයේ ඇති ගැටළු සඳහා විසඳුම් සොයාගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතුයි. ඒසඳහා ජාත්‍යන්තර ප්‍රජාවද ලංකාවට සහාය ලබාදිය යුතුයි.
දකුණු අප්‍රිකාවේ ගැටළු වලට අප විසින්ම පිළියම් සොයාගත්තා. ඒ නිසා ශ්‍රී ලංකාවට ඔවුන්ගේ ගැටළු වලට සොයාගැනීමට අවස්ථාවක් සලසා දිය යුතුයි. ශ්‍රී ලංකාව එකිනෙකා හඳුනාගත යුතුයි. එවැනි සංවාදයක් තුළින් ලංකාවට දීර්ඝ කාලීන පිළියම් සොයාගත හැකියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවේ ජනාධිපති ඔබාමායි, බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරනුයි, ඩෙන්මාර්ක අගමැතිවරියයි....මැන්ඩෙලා මහතාගේ අවමගුල් උත්සවයේ හැසිරුණු ආකාරය අනුව, එකී අය මුල් වී ගෙනෙන පදනම් විරහිත යෝජනාවලට ජන්දය දෙන්නේ මොන එහෙකටද කියා දකුණු අප්‍රිකාවට හිතෙන්නැති. අපේ අසල වැසි ඉන්දියාව වගේ නොවෙයි, කොන්ද පන ඇති රාජ්‍යක්.(නදී)
දකුණු අප්‍රිකාව ඔබට ස්තුතියි.! (නදී)
ඔය පැන්නේ කෙහෙල් කැණ හොරා ට කලින්. ලන්ඩන් ම.කො යි, පැරිසියේ තානපතියි "නිදහස් සැමරුවේදී" කැප්පෙටිපොළ, වීර පුරන් අප්පු, ගොන්ගාලේගොඩ බණ්ඩාර වැනි ජාතික වීරයින් ගැන කතා නොකර නෙල්සන් මැන්ඩෙලා ගේ හපන් කම් ගැන කතා කරපු පින් වහාම පල දීල වගේ.(නදී)
ඔහොම එන්නකෝ.(නදී)
ඕක තම ලොවම පිළිගත් සත්‍ය..(දිල්)
දකුණු අප්‍රිකාව අපක්ෂපාතිව කතා කරන්නෙ.අනිත් රටවල් එහෙම නැහැ .තමන්ගෙ වාසි පදනම් කරගෙන කතා කරන්නවා (දිල්)
අයි.සී.සී සමුළුවේ දීපු වගේ සහයක්ද දන්නේ නැ? මන් මේ දන් නැති නිසා අහුවේ.(නදී)