IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දකුණු අප‍්‍රිකාව ලකුණු 67 කින් පාකිස්තානු පිල පරාජය කරයි

අයි. සී. සී. ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පළමු වටයේ ‘බී’ කාණ්ඩයේ පාකිස්තානය සහ දකුණු අප‍්‍රිකාව අතර එජ්බැස්ටන්හිදී අද (10) පැවැති තීරණාත්මක තරගයෙන් (දිවා/රාත‍්‍රි) දකුණු අප‍්‍රිකානු පිල ලකුණු 67 ක ජයක් ලබමින් තවදුරටත් තරගාවලියේ බලාපොරොත්තු රදවා ගැනීමට සමත් විය.

පාකිස්තාන දෙවැනි පරාජයත් ලැබීම නිසා විශේෂ සිද්ධියක් නොවුණ හොත් තරගාවලියෙන් ඉවත්වීමට සිදුවේ.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 235 ක ඉලක්කය හඹාගිය පාකිස්තානු පිල  ඕවර 45 කදී ලකුණු 167 කට සීමා විය.
දකුණු අප‍්‍රිකානු වේග පන්දු යවන ක‍්‍රීඩක රයන් මැක්ලරන් දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 19 කට කඩුලූ 4 ක් දවා ගත්තේය. 

පාකිස්තානු නායක මිස්බා උල් හක් අන්තයක් ආරක්‍ෂා කරගනිමින් සටන්කාමි ඉනිමක් ක‍්‍රීඩා කළ ද පන්දු 75 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 55 ක් ලබා සිටියදී හත්වැනි කඩුල්ල ලෙස දැවී ගියේය.  
දකුණු අප‍්‍රිකානු පිල වෙනුවෙන් හසීම් අම්ලා සිය 20 වැනි එක්දින අර්ධ ශතක ලෙස පන්දු 97 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 81 ක් රැස්කිරීමට සමත් විය.

 

ලකුණු පුවරුව

දකුණු අප‍්‍රිකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම

දකුණු අප‍්‍රිකා කණ්ඩායම් ඉනිම

කොලින් ඉන්ග‍්‍රම්    -    ක.මු.කළා ප. මොහොමඞ් හෆීස්        20    
හෂීම් අම්ලා    -    ඇ. මොහොමඞ් හෆීස් ප. සයීඞ් අජ්මාල්    81
ෆෆ් ඩු ප්ලේසී    -    ඇ. ෂොයිබ් මලික් ප. මොහොමඞ් ඉර්ෆාන්    28
ඒ. බී. ඞීවිලියර්ස්    -    දුවද්දී දැවී ගියා    31
ජේ. පී. ඩුමිනි    -    දුවද්දී දැවී ගියා    24
ඩෙවිඞ් මිලර්    -    ඇ. මිස්බා-උල්- හක් ප. ජුනයිඞ් ඛාන්     19
රයන් මැක්ලරන්    -    ක.මු.කළා ප. ෂොයිබ් මලික්    4    
රොබින් පීටර්සන්    -    නොදැවී    16
ක‍්‍රීස් මොරිස්    -    දුවද්දී දැවී ගියා    1
ඒරන් පැන්ගිසෝ    -    දුවද්දී දැවී ගියා    0
අතිරේක            10
එකතුව  ඕවර 50 කදී කඩුලූ 9ක් දැවී    234

කඩුලු වැටීම:
1-53, 2-122, 3-145, 4-186, 5-195, 6-203, 7-231, 8-234, 9-234

පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයා:
ලොන්වාබෝ සොත්සෝබි

පන්දු යැවීම:
මොහොමඞ් ඉර්ෆාන්: 7-1-27-1, ජුනයිඞ් ඛාන් : 8-0-45-1, මොහොමඞ් හෆීස්: 10-0-38-1, වහබ් රියාස් : 9-0-50-0, සයීඞ් අජ්මාල් : 10-0-42-1, ෂොයිබ් මලික්: 6-0-27-1

 

පකිස්ථාන කණ්ඩායම් ඉනිම

ඉම්රාන් ෆර්හාත්    -    ප. මොරිස්        2    
නසීර් ජම්ෂෙඞ්    -    ඇ. සහ ප. සොත්සෝබි    42
මොහොමඞ් හෆීස්    -    ඇ. මිලර් ප. මොරිස්    7
ෂොයිබ් මලික්    -    ප. ඩුමිනි    8
මිස්බා -උල්- හක්    -    ඇ. අම්ලා ප. සොත්සෝබි      55
උමාර් අමීන්    -    ඇ. ඉන්ග‍්‍රම් ප. මැක්ලරන්      16
කම්රන් අක්මාල්    -    ඇ. ඩු ප්ලේසී ප. මැක්ලරන්    0
වහබ් රියාස්    -    ප. පැන්ගිසෝ    13
සයීඞ් අජ්මාල්    -    ඇ. ඉන්ග‍්‍රම් ප. මැක්ලරන්    5
ජුනයිඞ් ඛාන්    - ප. මැක්ලරන්    4
මොහොමඞ් ඉර්ෆාන්    -    නොදැවී    0
අතිරේක            15
එකතුව ඕවර 45 කදී සියළු දෙනා දැවී    167

කඩුලු වැටීම:
1-4, 2-18, 3-48, 4-86, 5-129, 6-184, 7-148, 8-162, 9-167, 10-167

පන්දු යැවීම:
ලොන්වාබෝ සොත්සෝබි: 9-1-23-2, ක‍්‍රීස් මොරිස්: 7-0-25-2, රයන් මැක්ලරන්: 8-3-19-4, ඒරන් පැන්ගිසෝ: 10-0-50-1, ජේ. පී. ඩුමිනි: 7-0-26-1, රොබින් පීටර්සන්: 4-0-17-0

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

දකුණු අප‍්‍රිකාව ලකුණු 67 කින් පාකිස්තානු පිල පරාජය කරයි

දසුන් Tuesday, 11 June 2013 01:06 PM

අනේ අපේ පැතුම ඉන්දියාව විසි වෙලා යනවනම් අපට මොන රට දිනුවත් කමක් නැ ඉන්දියාව දිනන එක තමා ඉවසන්න බැරි.(ස)

:       0       0

නොඑල් Tuesday, 11 June 2013 02:50 PM

දසුන්, ඔයා හරි. මගෙත් එකම පැතුම ඔය ඉන්දියාව කැපෙන එක (නි)

:       0       0

සමීර සාලින්ද Tuesday, 11 June 2013 10:23 AM

ජයවේවා පකිස්තානය ! එලියට විසිවුන ඉන්දියාව එලියට විසි වේවා ! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site