IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


දකුණු අප‍්‍රිකාව දින තුනෙන් ටෙස්ට් තරගය ජය ගනියි

ඕස්ටේ‍්‍රලියාව සහ දකුණු අපි‍්‍රකාව අතර කේප් ටවුන් නුවරදී පැවැති පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 8 ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩකයෝ අද (11) සමත්වුහ. දින දෙකක් සම්පුර්ණයෙන්ම ඉතිරිව තිබියදී දකුණු අප‍්‍රිකාව තරගය ජය ගැනීම කැපී පෙනිණ. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස දකුණු අප‍්‍රිකාව පෙරමුණ ගත්තේය. ජයග‍්‍රාහණය සඳහා ලකුණු 236 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප‍්‍රිකාව ඊයේ දිවා විවේකයටත් පෙර කඩුලූ 2 ක් දැවී සිටියදී සපුරා ගැනීමට සමත්විය. ගේ‍්‍රඒම් ස්මිත් (නොදැවී 101) සහ හසීම් අම්ලා (112) තුන්වැනි කඩුල්ල සඳහා ලකුණු 195 ක සබඳතාවක් පවත්වමින් දකුණු අප‍්‍රිකාවට ජය ගෙන දුන්හ. නායක ගේ‍්‍රඒම් ස්මිත් පන්දු 140 කදී හතරේ පහර 15 ක් සමග නොදැවී ලකුණු 101 ක් ලබා ගැනීමට සමත්විය. වේගවත් පිතිහරඹයක නිරත වු හසීම් අම්ලා හතරේ පහර 21 ක් සමගින් ලකණු 112 ක් ලබා ගත්තේ පන්දු 134 කිනි. ඕස්ටේ‍්‍රලියානු පිල ටෙස්ට් ඉනිමකදී දැවී ගිය සිවුවැනි අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් දෙවැනි ඉනිම ලකුණු 47 කට සීමාවිය. වේගපන්දු යවන ක‍්‍රීඩක වර්නන් පිලැන්ඩර් සිය මංගල ටෙස්ට් තරගයේදී ලකුණු 15 කට කඩුලූ 5 ක් ලබා  ඕස්ටේ‍්‍රලියානු දෙවැනි ඉනිම සුණු විසුණු කළ පන්දු යවන්නා විය. පළමු ඉනිමේදී ලකුණු 284 ක් ලබාගත්  ඕස්ටේ‍්‍රලියාව වෙනුවෙන් මයිකල් ක්ලාක් ලකුණු 151 ක් ලබාගත් අතර දකුණු අපි‍්‍රකානු පළමු ඉනිමට ලකුණු 96 ක් රැස් කළේය. ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම 284 (ෂෝන් මාෂ් 44, මයිකල් ක්ලාක් 151, ඬේල් ස්ටීන් 55/4, වර්නන් පිලැන්ඩර් 63/3, මෝන් මෝකල් 82/3) සහ දෙවැනි ඉනිම 47 (වර්නන් පිලැන්ඩර් 15/5, මෝන් මෝකල් 09/3) දකුණු අපි‍්‍රකාව පළමු ඉනිම 96 (ජැක් රුඩොල්ෆ් 18, ගේ‍්‍රම් ස්මිත් 37, රයාන් හැරිස් 33/4, ෂේන් වොට්සන් 17/5) සහ දෙවැනි ඉනිම කඩුලූ 2 ට 236 (ගේ‍්‍රඒම් ස්මිත් නොදැවී 101, හසීම් අම්ලා 112)  



අදහස් (0)

දකුණු අප‍්‍රිකාව දින තුනෙන් ටෙස්ට් තරගය ජය ගනියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 573 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site