(අංජුල මහික වීරරත්න)

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා මහතා කෙටි සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

දකුණු අප්‍රිකා ජනාධිපතිවරයා හමුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටුනායකට ගිය අතර නායකයන් දෙපළ අතර ද්විපාර්ශ්වික කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැති බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

ඉන්දුනීසියාවේ බාලි දූපත් වල පැවැත්වෙන ජී 20 සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව නැවත දකුණු අප්‍රිකාවට යන ගමනේදී සිරිල් රම්පෝසා මහතා කෙටි සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය.