මාතර - කොළඹ හා මාතර - කඩුවෙල අධිවේගී මාර්ග බස් සේවය අද පෙරවරුවේ ඇරැඹිණි.
ලංගම හා පෞද්ගලික බස් දින 24ක් තිස්සේ කඹ ඇදිල්ලකින් පසු අද පෙරවරු 8ට ඇරැඹි බස් සේවය රාත්‍රී 10 දක්වා පැවැත්වීමට නියමිතය.
මිනිත්තු 20කට වරක් බසයක් ධාවනය වන බවත්, ගාස්තුව රුපියල් 500ක් බවත් දැනගන්නට ඇත.
එහෙත් මහින්ද රාජපක්ෂ ජනපති දින කිහිපයකට පෙර ප්‍රකාශ කළේ දකුණු අධිවේගී මාර්ගයේ කොළඹ-මාතර ගාස්තුව රුපියල් සියයකින් අඩු කරන බවයි.
ඇතැම් බස් වල වැසිකිළි, කැසිකිළි පහසුකම් ද ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් එක ඇතුළේ ඇති වැසිකිළිය නම් හොඳයි.මෙහෙ යුරෝපයේ බස් වල තියෙනවා වගෙයි. (නි)
මීනා,ඔය දෙවරක්ම මේකේ වැසිකිළිය පිරිසිදුව පාවිච්චි කරන්න කියලා ලිවුවා.මොකක්ද මේකේ තේරුම? (නි)
අපි හැමෝම වැසිකිලි ගැන කතා කරන්නේ, බහුතරයක් ජනතාව දුර ගමන් යන්න ගිහින් වැසිකිලි හොයමින් මට්ටු වුන අත්දැකීම් තිබෙන නිසා. (නදී)
වැසිකිළිය පාවිච්චියට යම් මුදලක් අය කළා නම් හොඳයි තමයි (නි)
හොඳට නීති දැම්මොත් හොඳින් පවත්වාගෙන යන්න පුළුවන්. සුභ පතනවා සැමට. (නි)
මෙදා සැරේ නම් සිංහල අවුරුද්ද අපිට සුභයි (නි)
සුලෝච්,මම නම් හිතන්නේ,පිරිසිදුව පාවිච්චි කරන්න කියන්නේ තම කාර්යය කරගෙන 'ප්ලෂ්' කරලා එන්න කියන එකයි (නි)
ගාන තමා ටිකක් වැඩි. බැරිද ටිකක් අඩු කරන්න? (නි)
හැකි සෑම අවස්ථාවකදීම සාමාන්‍ය ජනතාවට ප්‍රතිලාභ හැකි උපරිමයෙන් ලබා දීම රජය සතු වගකීමයි (නි)
බස් අපලය අවසන් වුණත් අපේ අපලය කවදා අවසන් වේවිද? (නි)
අපෝ! ගාණ නම් හොඳටම වැඩියි (නි)
සැමට සුභ අනාගතයක්! (නි)
කලක් යනකොට තමා මේවායේ වැරදි නිවැරදි කරගන්න හැකිවන්නේ (නි)
නඩත්තුව තමයි ඉතාම වැදගත් වෙන්නේ (නි)
අමන්තගෙ අදහස නම් හොඳයි තමයි (නි)
වැසිකිළියක් තියෙන එක නම් ඉතින් කාට කාටත් හොඳයි (නි)
වැසිකිළිය පාවිච්චියට යම් මුදලක් අය කළා නම් නේද හොඳ? (නි)
මොකද මේ හැමෝම වැසිකිළිය ගැන කතා කරන්නේ? (නි)
වැසිකිළි පහසුකම් තිබෙන එක මගීන්ට සහනයක්. (නි)
ලංගම අය වැසිකිළි වලට මුදල් අය කරන්න හරි දක්ෂයි. පිටකොටුවේ ලංගම බස් පොලේ වැසිකිළියට යන්න රු. 15/- ක් අය කරනවා. මේ බස්වල ඒවටත් රු. 50/- ක් වත් එකතු කරයි. (නි)
වැසිකිළි කැසිකිළි පහසුකම් තියෙන එක ලොකු දෙයක් තමයි (නි)
අම්මෝ ඇති යාන්තම්. අපිට දැන් අවුරුදු නිවාඩුවට කරදරයක් නැතිව ගමේ යා හැකියි. (ස)
නියමයි. ගාණ තමයි ටිකක් වැඩි. (ස)
පින් සිද්ධ වෙයි, ඔය වැසිකිළි කැසිකිළි හොඳින් පාවිච්චි කරන්න. (නි)
එරංග ගෙ කතාවට මමත් එකඟයි. පිරිසිදුව පාවිච්චි කළොත් ඒකෙ වාසිය අපිටමයි. එහෙම නේද මගෙ යාළුවනේ. (ස)
ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා..... වරෙල්ලා වරෙල්ලා ගමට යන්න කාලෙ ඇවිල්ලා...... (ස)
රටේ මේ වනවිට නිම කළ හා නිමවෙමින් පවතින බොහෝ සංවර්ධන කටයුතු රටේ සාමාන්‍ය ජනයාට හෝ දෛනික ආර්ථිකයට දැනෙන ඒවා නොව... දිගුකාලීන ප්‍රතිලාභ අපේක්ෂාවෙන් කරගෙන යන රටක් ලෙස ඉදිරියට යාමට අත්‍යවශ්‍ය සාධකයන්ය... බොහෝ දෙනා අප්‍රසාදයෙන් පසුවන්නේ තමන්ට ඉන් ඇති පලක් නැති නිසාය... මෙය අද ඊයේ නොව එදා සිටම ලංකාවේ තත්වයි... එබැවින් හැකි හැම අවස්ථාවකදීම සාමාන්‍ය ජනතාවට එහි ප්‍රතිලාභ හැකි උපරිමයෙන් ලබා දිය යුතුය... ජනපති තුමනි හැකිනම් බස් ගාස්තුව අඩුකර ජනතාවට එම සහනය ලබාදෙන්න මැදිහත් වන්න. (ස)
වැසිකිලි ඇති නැති. ප්‍රමිතිය එකක් වෙන්න ඕනේ . වැසිකිලි සහිත නම්, වැසිකිලි කැඩුණාදාට බස් එක දුවන්න බැහැ. වායුසමීකරණ කැඩිලා නම් දුවන්න බැහැ. දිනපතා ඕවා හොයල බලන්න ඕනේ. ගුණාත්මක සේවයකට ඕව තියෙන්න ඕනේ. (ස)
හප්පගන්න නම් එපා අසූචි නාගෙන තමයි ඉස්පිරිතාලෙ යන්න වෙන්නෙ මම නම් මේවයේ අහලකින්වත් යන්නෙ නෑ.(නදී)
හැම දෙයකම ආරම්භයෙ දී ඔහොම ටිකක් කඩතොළු තියෙනවා. කලක් යනකොට තමා මෙහි හරි වැරැද්ද පේන්නෙ. අපේ අය හුඟාක් හොඳ දේවල් පටන් ගන්නවා. නමුත් පටන් ගන්නවා විතරයි. නඩත්තුව නම් අන්තිම තමා. මේකත් හරියට අර එලවළු කූඩා වගේ කොහෙවත් හුළගේ යන්න දෙන්න එපා. හොඳට නීති දැම්මොත් හොඳට තියේවි. සුභ පතනවා සැමට. (ස)
වැසිකිළියට යන දොර බස් රථයෙන් එළියටද දන්නේ නැහැ තියෙන්නේ. රෑට නින්දෙන් ඇවිදින අයට ප්‍රශ්නයක් වෙයිද? (නි)
වැසිකිලි කැසිකිලි පහසුකම් තියෙන එක ලොකු දෙයක්. මම කීපාරක් මාතර යද්දී අඳුරන්නේ නැති ගෙවල් වලට ගිහින් තියෙනවද ඔය වැඩේ කරගන්න. හැමෝටම ස්තුති වේවා. (ස)
උදිත, ඔයාට ඔය වැඩේ ඔච්චර ප්‍රශ්නයක්ද ? යනකොට මතක ඇතුව වතුර බාල්දියකුත් අරගෙනම යන්න. (ස)
මගේ සිත් ගත්තෙත් වැසිකිළිය තමයි. (නි)
වැසිකිළි කැසිකිළි තියෙන එක නම් හොඳ නැහැ. අපේ අය ඕවා සුද්ද කරන්නේ නැති නිසා ටික දවසක් යනකොට ගඳ ඉවසගන්න බැරුව තමයි යන්න වෙන්නේ. (නි)
මේකේ පොඩි බාර් එකකුත් දැම්මනම් අපිට පොඩි අඩියක් එහෙම ගහගෙන ගොරියකුත් දාගෙනම මාතර යන්න පුළුවන්.(නදී)
අපේ කවියට වැසිකිලියක් තියෙන එක නම් හොඳයි. (නදී)
අමන්ත 2014-04-08 13:28:16 මේකේ පොඩි බාර් එකකුත් දැම්මනම් අපිට පොඩි අඩියක් එහෙම ගහගෙන ගොරියකුත් දාගෙනම මාතර යන්න පුළුවන්. හිනා යන කතාව ..මොකද පැය 1 1/2 ගමනනේ . අසෝක 2014-04-08 13:26:32 වැසිකිළි කැසිකිළි තියෙන එක නම් හොඳ නැහැ. අපේ අය ඕවා සුද්ද කරන්නේ නැති නිසා ටික දවසක් යනකොට ගඳ ඉවසගන්න බැරුව තමයි යන්න වෙන්නේ. මොකද පැය 1 1/2 ගමනනේ. (ස)
සනත්, පැය 1 1/2 ගමනක් වුණත් මඟදී යන්න ඕන වුණොත් මොන දෙයියන්ට කියන්නද?? (ස)
වැසිකිලි පහසුකම් තියෙන එක වයසක මගීන්ට සහනයක්. මොකද අසනීප තියෙන මිනිස්සු මොන දේවියට කියන්නද හදිස්සියක් වුණොත් එහෙම. (ස)
බලන්න මේ වැසිකිලි දැන් කොච්චර පිරිසිදුවට තියෙනවද කියල. හැබැයි පාවිච්චි කරන්න ගත්තොත් ඒක නැතිවෙලා යාවි. ඒක නිසා පිරිසිදුව තබා ගැනීම අපි කාගෙත් වගකීමක් වගේම යුතුකමක්. (ස)
අපේ ලංකාවේ මිනිසුන්ට වැසිකිලි පෙන්නන්න බැහැ. කුණු හරුප ලියනවා. පොදු දේපල විනාශ කරන මෝඩ මිනිසුනේ මේවා හොඳින් පරිහරණය කරන්න. (ස)
මට නම් පැය එක හමාරක් ඉවසන්න පුළුවන්. (ස)
වැඩේ නම් හොඳයි. හැබැයි ගාන තමා ටිකක් නෙවෙයි ගොඩක්ම වැඩි! (ස)
රන්දික මහත්තයෝ ඉවසීමෙන් සැනසීම ලැබේ. හැබැයි මල පන්න ගන්න එපා! (ස)
බොහොම සරලයි. වැසිකිලිය පාවිච්චියට රුපියල් 50ක් අය කරන්න.ඒකෙන් වැසිකිලිය නඩත්තු කරන්න.එතකොට අනවශ්‍ය විදිහට මිනිස්සු වැසිකිලියට යන්නෙත් නැහැ. වැසිකිලියත් හොඳට නඩත්තු කරන්න පුලුවන්.වැසිකිලි සෝදන කෙනෙකුට පොඩි වේතනයකුත් ලැබෙනවා.. (ස)
නියමයි. බඩේ අමාරුකාරයෙකුට වුණත් දැන් මාතර යන්න පුළුවන් බයක් නැතිව. (ස)
අනේ කොච්චර දෙයක්ද? පොඩි ළමයි අරන් ගමන් යන්න ගියාම තමයි මේ වගේ දේවල්වල වටිනාකම වැඩි වෙන්නෙ. හොඳින් පරිහරණය කරන්න හැම නිතරම වගබලා ගන්න. (ස)
නියමයි. මට නම් දැන් ගමේ යනකම් ඉවසිල්ලක් නෑ වගේ. නැත්නම් වෙනදට අවුරුදු නිවාඩුවට ගමේ යන්න ගියාම කොච්චර කාලයක් නම් මගටම යනවද? (ස)
චිහ්.. මම ඔය බස් වල යන්නේ නැහැ. වැසිකිලි එක්ක ගමන් ගිහින් පුරුදු නැහැ මට. (ස)
'කොමඩ්' එකේ හරියට වාඩිවෙන්න. නැත්තම් 'ඉන්ටර්චේන්ජ්' එකේ වංගුව ගන්න කොට විසිවෙලා යාවි. (ස)
වැඩේ නම් හොඳයි. ඒත් වැලිගම අපිට වල්ගම යන්න වෙනවා බස් එකට නගින්න.වැලිගමින් පටන්ගන්න බස් දම්මොත්. (ස)
වැසිකිලිය කී දවසක් යනකම් පිරිසිදුව පිළිවෙලට පාවිච්චි කරාවිද දන්නේ නැහැ. පොදු වැසිකිලි භාවිතය අපේ උදවියට අමුතුවෙන් උගන්නන්න වෙලා තියෙන දෙයක්නේ.! (ස)
වැසිකිලි පාවිච්චිය ගැන අපේ කස්ටියට අමුතුවෙන් පුහුණුවක් දෙන්න ඕන. පොදු වැසිකිලි වලට ගියපු අයට මම කියන දේ තේරෙනවා ඇති. (ස)