( ජේ.කේ.එල් චාමින්ද)
දකුණු පළාත් සභාව යටතේ පවතින අධිකාරි පහේ සභාපතිවරුන්ට අද (28) සිට සභාපතිධුරයෙන් ඉල්ලා අස්වන ලෙස වාචිකව දැනුම් දුන් බැව් දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් ඒ. යු වේලාරත්න මහතා පවසයි.
දකුණු පළාත් නව ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතාගේ උපදෙස්මත දකුණු පළාත් සංවර්ධන අධිකාරිය, කාර්මික සංවර්ධන අධිකාරිය, දකුණු පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය, දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, රුහුණු සංචාරක කාර්යංශය යන ආයතනවල සභාපතිවරුන්ට ඉල්ලා අස්වන ලෙස වාචිකව දැනුම් දුන් බවද දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම්වරයා සදහන් කළේය.
ඉදිරියේ දි මෙම ආයතන සදහා සභාපතිවරුන් සම්මුඛ පරික්ෂණයක් පවත්වා සුදුසු අය තොරාපත්කරගන්නා බව පවසන ආණ්ඩුකාර ලේකම්වරයා මෙම ආයතනවල සභාපතිධුරයන් දරනු ලැබු සභාපතිවරුන්ට ද තම ජිව දත්ත පිළිබද පත්‍රිකාවක් ඉදිරිපත්කොට ඒ සදහා අයදුම් කළහැකි බවද ආණ්ඩුකාර ලේකම්වරයා සදහන් කළේය.
ඒ අනුව සමහරක්විට දැනට සිටින සභාපතිවරුන්ටද එම තනතුරුවලට පත්විමට හැකි බවද ආණ්ඩුකාර ලේකම්වරයා පැවසිය.
ඉල්ලා අස්නොවන සභාපතිවරුන් ඉවත්කිරිමේ බලය ආණ්ඩුකාරවරයා සතුව පවතින බවද ආණ්ඩුකාර ලේකම් ඒ.යු වේලාරත්න මහතා සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන්ව පමණක් නොවේ, ආණ්ඩුවට අවනත නොවන සියලුම රාජ්‍ය සේවකයින්ව එම තනතුරුවලින් පහකිරීම ඉතාම සාධාරණයි. හැකිනම් එන නොතකන, රාජ්‍ය සේවයෙන් නෙරපාම හරින්න ඕනෑ. දැනටමත් රාජ්‍ය සේවයේ විශාල සේවක අතිරික්තයක් තිබෙනවා. මේ සියලු දෙනාටම වැටුප් ගෙවන්නේ දුප්පත් අසරණ ජනතාව ගේ බදු මුදලින්? ඒ වගේම මේ රටේ යටත් වැසියන් පවා. පවතින රජයට පක්ෂපාතීව, විනීතව කීකරු ලෙස හැසිරීමට පුරුදු පුහුණු කළ යුතුයි. ජාතික අභිමානය දනවන ගීත, හා බොදු බැතිගීත පමණක් ඇසීමට සලස්වා, පූජ්‍ය ස්ථානවලට දිනපතාම බැතිමත් ජනතාව ඒකරාශී කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවිය යුතුයි. (සියලුම තැබෑරුම් වසා දමා) එසේ නොකර මේ විනාශ වී තියන රට ගොඩගන්න බැහැ...