දංකොටුව බුජ්ජංපොල ඝාතන පරීක්ෂණ රහස් පොලිසියට භාර දීමනෙියමිත බව පොලිස් මාධ්‍ය පුකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
බුජ්ජංපොල අතුරු පාරක දී වෑන් රථයක් ගිනි ගෙන ඇතැයි ද, පස් දෙනකුගේ සිරුරු හඳුනා ගැනීමට බැරි තරම් පිළිස්සී ඇතැයි ද ඔහු කියයි.
වෑන් රිය අසල නොම්මර තහඩුවක් වැටී තිබී පොලිසිය සොයාගෙන ඇත.
ලේ පැල්ලම් කිහිපයක් ද ඇතැයි පොලිසිය පවසයි.
මෙය සැක කටයුතු සිද්ධියක් යැයි පොලිසිය කියයි.
මෙම වෑන් රියේ තිබී හමු වූ වෑන් රියේ අංක තහඩුව අනූව එය කොළඹ කොල්ලුපිටියේ පුද්ගලයෙකුට අයිති බව පෙනේ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
පිළිස්සී තිබූ වාහනයේ සිරුරු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය මාරවිල අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා විසින් සිදුකැරිණි.
කළුතොට ෆිනෑන්ස් සමාගමට අයත් බව කියන ඩබ්ලිව්පී පීඑච් 1080 දරන අංකය ඇති වෑන් රථයක් වන එහි රියදුරු පන්නල ප්‍රදේශයේ පදිංචිකරුවකු විය හැකි බවත් කියති.
ඔහුගේ බිරිය එම වෑන් රිය හඳුනාගත් අතර පිළිස්සී ගිය මළ සිරුරු අතර සැමියාගේ සිරුර ඇත්දැයි හඳුනාගැනීමට ඇය අපොහොසත් වූවාය.
එම සිරුරු බෙහෙවින්ම පිළිස්සී තිබිණි. රිය පැදවූ පුද්ගලයා කපිල යනුවෙන් හඳුනාගෙන ඇති බවත් 10 වැනිදා රාත්‍රී 11ට පමණ ඔහු ජංගම දුරකථනයෙන් දියණියට කථා කළ බවත් මිතුරන් කිහිපදෙනකු සමග ගමනක් යන බවත් පවසා ඇතැයි කපිලගේ බිරිය පොලිසියට කියා ඇත. කපිලට එරෙහිව නඩු කිහිපයක් ඇති බවද ඔහු කල්බදු සමාගමක සීසර්වරයකු බවද කියති.
කොල්ලුපිටියේ පදිංචිකරුවකු ද 10 වැනිදා රාත්‍රියේ සිට ආගිය අතක් නැතැයි ඔහුගේ බිරිය පොලිසියට කියා ඇත.
කාර්මික දෝෂයක් නිසා වෑන් රථය ගිනි ගත් බව සිතීමට සාධක නැති බවත් මෙම ගැටුම පාතාල කණ්ඩායම් දෙකක් අතර ගැටුමක ප්‍රතිඵලයක් විය හැකි බවත් පොලිසිය සැකකරයි.
පිළිස්සීගිය වෑන් රිය ආසන්නයේ සෙරෙප්පු දෙකක්ද, වෑන් රිය ආ මාර්ගයේ ලේ පැල්ලම් කිහිපයක් ඇති බව මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සඳහන් විය.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුරු මීගමුව අධිකරණ වෛද්‍ය නිලධරයා හමුවට ඉදිරිපත් කිරීමටද නියමිතය. වෑන් රියේ සිටි අය කවුදැයි මෙතෙක් හඳුනාගෙන නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර කියයි.
මිය ගිය පුද්ගලයන් හඳුනා ගැනීම් අපහසු වුවහොත් ඩී.එන්.ඒ පරීක්ෂණයක් කිරීමට සිදුවන බවද ඔහු කීවේය.
ජායාරූප - රවීන්ද්‍ර ලියනගේ
ජායාරූප හේමලතා ඩී.හේවගේ
ජායාරූප - චන්දන ප්‍රනාන්දු
ජායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ

![04[2]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/042.jpg)


![02[2]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/022.jpg)
![03[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/0311.jpg)
![01[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/011.jpg)
![04[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/0411.jpg)
![07[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/071.jpg)
![IMG_2865[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/IMG_28651.jpg)
![IMG_2869[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/IMG_28691.jpg)
![Share2016-03-11-7e8b16461b8274511cef8beebb5c53966c54eac63399ff12d2b37be72d47e6e7-Picture[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/Share2016-03-11-7e8b16461b8274511cef8beebb5c53966c54eac63399ff12d2b37be72d47e6e7-Picture1.jpg)
![Share2016-03-11-748231063426729c25dc443f8000dc7e8b2e039c02edfa6999cfcc93cdd02bc6-Picture[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/Share2016-03-11-748231063426729c25dc443f8000dc7e8b2e039c02edfa6999cfcc93cdd02bc6-Picture1.jpg)
![Share2016-03-11-a757c4131b8320b29fe00e5e2724613e4c54fa4b2a110ed0c5c219a2b37834a1-Picture[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/Share2016-03-11-a757c4131b8320b29fe00e5e2724613e4c54fa4b2a110ed0c5c219a2b37834a1-Picture1.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙක්සිකෝවේ මාෆියා කල්ලි අතර මේ අන්දමින්ම දරුණු සාහසික මිනීමැරුම් සිදුවෙනවා. ඉන්පසු ලෝකයේ මේ අන්දමින් සාහසික ලෙස අපරාධ සිදුවෙන දරුණුම රට ලංකාව බවට පත්වෙලා. දේශපාලනය කතාකරනවා නොවේ. එහෙත් නොකියා නොහැකියි. යහපාලනය මේවාට වගකිව යුතුමය. (නි)
අනේ අපේ රටට ගිය කලක්! ජනපතිතුමනි, අනෙක් කටයුතු පසෙකලා අපේ රටේ ජනතාව රැකදෙන්න. දිනපතාම මෙවැනි දේ පුවත්පත් වලින් දකින්නේ කුමන ශාපයක්ද? (නි)
අනේ මෙහෙමත් අපරාධ. (ර)
මීටවැඩිය ගොඩක් දේවල් කලින් සිදුවුණා. සුදු වෑන්? (නි)
යහපාලනයට බැනලා වැඩක් නැහැ .. මේ පහුගිය පාලකයෝ වපුරපුව තමයි දැන් පලදෙන්නේ . (ර)
මේක දැන් බුදු දහම පවතින රටක්ද කියලා හිතෙනවා මේවා දකිනකොට? (නි)
අනේ මේ මොනවද වෙන්නේ? බය හිතෙනවා. යහපාලනේ තිබෙන කරුණාව නිසා තමා මේ ඔක්කොම. (නි)
ඔය අපමණ අගයක් ලැබිල තියෙන්නේ,තව ඉස්සරහට තව තව ලැබෙයි (ම)
මනෝගේ අදහසට මමත් එකඟයි. එයයි සිදුවිය යුත්තේ. (නි)
ආණ්ඩුව බයිලා ගහනවා. තාම මහින්දව හමගහන එක විතරයි කරන්නේ. රටම අනාථයි. (නි)
මේ සියලුම මිනීමැරුම් දිහා හොඳට හොයලා බැලුවොත් පෙනේවි මේවා දේශපාලන පළිගැනීම් වියහැකි බව. (නි)
මහින්ද පරාජයවීමෙන් පසු පාතාලය වියරු වැටී අැත. වහාම පාතාලය නැවැත්විය යුතුයි. (නි)
කළු ජුලිය මතක්වුණා. ඉදිරියට මොනවගේ කාලයක් උදාවෙයිද? (නි)
දරුණු අපරාධයක් (නි)
ගෝඨා නැතිකලට , පාතාලයෝ පණ්ඩිතයෝ.(බ)
යහ පාලනය හා රට යන අත තේරුම් නොගෙන හඬ නගන අය ගැන කණගාටුයි. මටනම් පෙනෙන හැටියට එයට ප්‍රධාන හේතුව වත්මන් ජනාධිපතිතුමා ගැලරිය සතුටු කිරීමට කතා නොකොට බුද්ධිමත් හා යමක් කරන ජනතාවට කතා කිරීමයි. (බ)
ජීවිතයට අපමණ අගයක් ලැබී ඇත! (නි)
තාමත් මේවා නැවතිලා නැහැ වගෙයි (නි)
බොර දියේ මාලු බාන්න එපා. හැම දේටම ආණුඩුව ගාවගන්න එපා. (ම)
මෙහෙම දේවල් අහන්න දකින්න තරම් අපි පවුකාරයන්ද? දැන් නම් කළකිරීම දරාගන්න අමාරුයි (නි)
මේවා පාතාල කල්ලි අතර මරා ගැනීම් (බ)
ජයතු, ඔබ හරි. මොකද ඒ දවස් වල පාතාලයට හිස ඔසවන්න දුන්නේ නැහැ (නි)
රට යන අත ගැන තවත් මොන කතාද? (නි)
යහපාලනයක මහිම , කලින් රජය කාලයේ මෙහෙම දේවල් සිදුවුනේ නෙහැ , හිටපු පාතාලය මර්දනය නිසාත් , පාතාල මැරයන් රටින් පිටව ගිය නිසාත් , දෙන ඔවුන් නැවත ලංකාවට පැමිණ කිසි බියක් සැකක් නොමෙතිව රජ කරන්නේ , නව රජයේ යහපාලනයත් නිදහසත් බුක්ති විඳින නිසා වන්නට ඕනේ (බ)
කොහොමහරි කරලා ඉදිරියටවත් මෙවන් සාහසික දේවල් අහන්න දකින්න ලැබීම නැවැත්වීමයි රජයේ වගකීම. (නි)
ඉස්සර මෙහෙම බිහිසුණු අපරාධ අහන්න ලැබුණේ බොහොම කලාතුරකින්. නමුත් දැන් දවස ගානේම අහන්න ලැබෙනවා (නි)
ලොකු වෙනසක් තිබෙනවා. උදේ පත්තරේ ඛැලුවහම යුද්ධ කාලෙ වගේ. හැමදාම මළමිනී ගණන් කරන්න වෙලා තියෙන්නෙ. (නි)
ඒ කාලේ සුදු වෑන්. කාලය මැවු වෙනසක අරුමේ! (නි)
අනේ මන්දා මොනවා සිද්ධවෙන්න යනවද කියලා (නි)
ඔබට සතුටුයිද දැන්? යහපාලනය දෝරේ ගලනවා නොවැ! (නි)
පාතාලය මර්දනය කරන්නේ කෙසේද? පහදා දුන මැනවි (නි)
මේකට යහපාලනය ගාවන්න එපා. සිදුවන්නට ඇති දෙයක් වළක්වන්න අමාරුයි. (නි)
හදුනාගන්ට බැරි වෙන්ටම කරලා තියෙන්නේ. (ම)
ආයේ සුදු වැන් ඇවිල්ල වගේ .........(ම)
බුදු අම්මෝ 88/89 කාලෙ ආයේ ඇවිල්ලද ? (ම)
ජීවන වියදම දරාගන්න බැරි වුනහම මිනිස්සු දරුණු වෙනවා. ඉක්මනින් බඩු මිල අඩු කිරීමට පියවර ගන්න. (බ)
මහත්තයෝ, මහින්දගේ කාලේ සුදු වෑන් වලින් අරගෙන ගියේ අරගෙන යන්න ඕනෑ අය. ඔය කෑගහන අයගෙ කිසිම නෑදෑයෙක් ඉන්නවද ඒ කාලේ එහෙම අරගෙන ගිය? එ්ත් මේ වගේ අපරාධ වුණ බවක් නම් මට මතක නැහැ (නි)
නොමිනිසුන් මැවු වෙනසක අරුමේ! අධර්මිශ්ට මිනිසුන් සොයා දඬුවම් දිය යුතුය! (ම)
ටිකිරි ඉස්සර කීවේ 88,89,කාලයේද? (බ)
රට කොයිබටද තල්ලුවෙන්නේ කියලා හිතාගන්න අමාරුයි. හිතට පුදුම බයක් දැනෙන්නේ (නි)
මේ ඇවිල්ලා මහින්දගේවත් යහපාලනයේවත් වැරැද්දක් නෙමෙයි. යුද්ධයේ අතුරු ප්‍රතිඵල. මේක තේරුම්ගන්නෙ නැතුව හැමදෙයම පාට කණ්ණාඩි වලින් බලන මිනිස්සු ඉන්නතුරු ලංකාව හැදෙන්නේ නැහැ (නි)
අනේ පව් දරුවෝ ටික මේවා සහගහන අපරාධ (ම)
අද මෙතන දුක් අදෝනා කියන අය යහපාලනයක් උදෙසා ඡන්දය දුන් අය නෙමෙයි. මේ අය හදන්නේ හැමතැනින්ම දේශපාලන වාසියක් ගන්නයි. මේවා මාධ්‍යයට ආවේ නැත්නම් කවුරුත් දන්නේ නැහැ. (නි)
එ්ක තමයි අපි යුරෝපයේ ජිවත් වෙන්නේ. මොකද මේ වැඩකට නැති දේශපාලකයින් ඉන්නකම් මේ රට දියුණු වෙන්නේ නැහැ. හැමදාම මෙහෙම තමයි. අපි කොහොමද මේ වාතාවරණය යටතේ ලංකාවේ ජිවත් වෙන්නේ? (හේ)
මෙය පාතාලයේ වැඩක් නම් අනිවාර්යයෙන්ම බලයේ සිටින දේශපාලකයන් ගෑවිලා ඉන්නවා. අපේ වැඩිමනක් මිනිස්සු දන්නේ නැති වුණාට ඇත්ත එයයි. මේවට මිනිස්කම, ධර්මය හරියන්නේ නැහැ. (නි)
මෙවැනි දේවල් වලින් මොන සතුටක් ද මෙලොවදීම අපාගත වෙන වැඩ කරලා හොඳින් නිදා ගන්න පුළුවන්ද ? (ම)
89 ටයර් සෑ බලන කොට මේවා මොන මිනී මැරුම්ද? (ම)
සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුවය.(රේ)
සද මෝරන කොට පිස්සෝ කලබල වෙනවලු. ඒ කීවේ පාතාලේ ගැන. ඌරං කැකුණ තලන කොට හබන් කුකුලන්ට මගුල්ලු, ඒ කීවේ මේකේ සමහර කමෙන්ට්ස් ගැන. (ර)
සිරිමල් මහත්තයා හරි. ඒක තමයි මේකට තිබෙන එකම විසඳුම. මිනිස්සු සතුටින් ඉන්නවා නම් පාතාලත් නැහැ. රණ්ඩුත් නැහැ. (නි)
රටේ නීතිය, යුක්තිය, සාධාරණත්වය, එකිනෙකා කෙරෙහි තිබියයුතු සංහිදියාව, විශ්වාසය, සමානාත්මතාව, ගරුත්වය වැනි ගුණාංග තිබු මට්ටමට වඩා අතිශයින් බිඳ වැටී ඇති බව නොවේද මේ සිදුවීම් තුළ තිබෙන්නේ? (නි)
අත්තටම මේවට ආණ්ඩුවට බොරුවට බැනලා වැඩක් නැහැ පුළුවන් තරම් ඉක්මනින් අපරාදකාරයෝ අල්ලා ගන්න ලැබේවා. (ර)
මෙහි අදහස් දක්වන සමහරු වෙනත් යටි අරමුණක් තියාගෙනයි අඬා වැළපෙන්නේ. ප්‍රවේශමෙන්! (නි)
ඉස්සර ටයර් දාලා පිච්චුවා. දැන් වෑන් ඇතුළෙම දාලා පුච්චනවා. ඉස්සර සුදුවෑන් වලින් ඉස්සුවා. දැන් සුදුවෑන් ඇතුළෙම දාලා පුච්චනවා. "කාලය මැව් වෙනසක අරුමේ..." (නි)
අම්මේ , යහපාලනේට පින් සිද්ද වෙන්න ලංකාව විසාලා මහනුවරක් වෙලා කොහොමද වෙනස?(කෞ)
88-89 පසුකොට පැමිණි පාතාල රාජධානි සමය මතකයට නැඟේ. එය නැවත පැමිණ ඇද්ද? (නි)
ලංකාවට ගිය කලක් ඉස්සරහට අනාගතය අඳුරුයි (ම)
කුමාර එතකොට ඉස්සර මිනිස්සුන්ට වාතයක් ගියත් ඔයාල මහින්දට බැන්නේ? එහාකොට ඒවා හොඳයි නේද?(කෞ)
මහින්ද මහතාගේ කාලයේ ලංකාවේ මිනිස්සු හතර පෝයටම සිල් ගත් අතර මෙහෙම දෙයක් විහිළුවටවත් අහන්න ලැබුනේ නැත. (කෞ)
කට්ටිය එකතුවෙලා වැඩ පටන් අරගෙන වගේ. දේශපාලකයන්ගේ හස්තයෙන් මිදෙනතුරු පාතාලය අවසන්වෙන එකක් නැහැ. (නි)
පසුගිය දුෂිත දේශපාලනයේ පැවැත්ම සිදුවුනේ සාමාන්‍ය පාතාලය සහ රාජ්‍ය බලය සමඟ සුදුවෑන් පාතාලය සමඟය. රාජ්‍ය බලය පාතාල සුවරුපයක් ගැනීම නිසා සාමාන්‍ය පාතාලය මර්ධනය කිරීමට හැකිවිය. අද ඒ රාජ්‍ය බලය සමඟ සුදුවෑන් පාතාලය අහෝසි විය. මේ නිසා නැවත පැරණි පාතාලය ඉදිරියට පැමිණ ඇත. (කෞ)
රටේ වෙන හැම දෙයක්ම පවතින ආණ්ඩුවට අපහසකිරීමට යොදාගන්නවා. මේ වගේ දේවල් ලෝකයේ හැමරටකම සිදුවෙනවා මේවගේ මරණ ලංකාවේ මිට පෙර වුනේ නැතිද? හොදම දේ තමා චුදිතයන්ව අත්අඩංගුවට ගෙන නිතිය ක්‍රියාත්මක කිරීම. මේ ආණ්ඩුවට කරන්න තියන්නේ හැකි ඉක්මනටම එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීම. (ර)
දශක දෙක තුනකට කලින් ලංකාව මේ වගේ සිද්ධීන්ගෙන් ස්වයංපෝෂිත වෙලා තිබුනා. එ්ත් 2009 සිට 2015 දක්වා මේවා දකින්න තිබුණේ නැහැ. දැන්නම් අපි හරිම වාසනාවන්තයි කියලා හිතෙනවා. (නි)
ආණ්ඩු වෙනස් වුනාට, තවම ඉන්නේ පරණ මිනිස්සුමයි. රටක් වෙනස් කරන්න ආණ්ඩු පමණක් වෙනස් වෙලා මදි; මිනිසුන්ගේ ගුණධර්ම වෙනස් වෙන්න ඕනේ, මිනිසුන්ගේ අධ්‍යාත්මික සාරධර්ම වෙනස් වෙන්න ඕනේ! (බ)
කාට කාටත් උවමනා වුයේ ඕක තමයි (බ)
මොන අපරාධයක්ද මේ. (ර)
කිසිම චාරයක් නැති අය මේ රටින් තුරන්කර දැමිය යුතුයි (බ)
ඔබ හරි රේණුකා. පහුගිය කාලේ හිටපු අය වපුරපු ඒවා මේ අය නෙළාගන්නවා. ඒක පැහැදිලිව පෙනෙනවා. (නි)
යහපාලනය දොරේ ගලා ගිහින්. (ර)
මේ අපරාධ වෙන එකට යහපාලනයේ සම්බන්ධයක් නැහැ මිනිසුනේ. කලින් නම් වුණේ අතුරුදහන් වුණ එකනේ. (නි)
80 දශකයේ රට විනාශ වුනේ රනිල්ලාගේ පාලන සමයේ. නැවතත් එලෙසෙම සිදුවන බවක් තම පෙනී යන්නේ. යහපාලනයට චඡන්දෙ දුන්නු සැමට දැන් ගොඩක් සතුටු ඇති. මේ පාරත් රට විනාශ කරලා තමා නවත්තන්නේ. (බ)
සුද්දාටත් එහා ගිහින් රටේ භික්ෂුන් වහන්සේලා මේ වනවිට 48 නමක් අත් අඩංගුවේ.ඒ ශාපය තමයි මේ සිදුවෙන්නේ. (බ)
දැන් හැමදාම අහන්න දකින්න තියෙන්නේ මේ වගේ මිලේච්ච වැඩ. නින්දිතයි... අපේ රටේ සමාජයම ඉවරයි... අවසානය අත ලඟයි.. මනුෂයෙක් මැරුණත් සතෙක් මැරුණත් එ් දිහා දේශපාලන ඇසින් බලල සාධාරණී කරණය කරන්න තරම් මිනිසුන් සීටීමත් මහත් කණගාටුවක් (කෞ)
ආණ්ඩු වෙනස් උනාට මිනිසුන්ගේ සාරධර්ම වෙනස් වෙන්නේ නැහැ. මේ අද ඉන්නේ එදා හිටපු මිනිසුන්ම තමයි!(කෞ)
භීෂණය පටන් අරන් වගේ කෝ අර මානව හිමිකම් කාරයෝ. උන් පෙනී සිටින්නේ එල් ටී ටී ඊ එක වෙනුවෙන් විතරද. (කෞ)
ඊයේ පත්තරේ සහ අන්තර්ජාලයේ තිබුණා පිරිමි 7 දෙනෙක් වටවෙලා පන පිටින් ඉන්න රාජාලියෙක් හම ගහන හැටි. අසරණ සතාගේ කකුල් දෙක කපා දමා සතා ඉදිරියෙන්ම තියලා තිබුණා. වටේටම අහිංසකයාගේ ලේ. එක වනචාරියෙක් පිහියක් උගේ බෙල්ලට දික්කර චන්ඩි පාට් දානවා. අනිත් අය හිනා වෙනවා. රාජාලියා ඉතාම අසරණ විදියට බලන් ඉන්නවා. මෙය දැකීමෙන් පුදුම කලකිරීමක් ඇතිවුනා. (ර)
අලුත් වැසිකිලියේ ගඳ දැනෙමින් පවතී ------ එහෙත් පැරණි වැසිකිලියේ පනුවන් කලබලවියයුතු නැත . (කෞ)
රටකට ගිය කලක්! (නි)
රටේ වැඩි ජනතාවට අවශ්‍ය වූ වෙනස මේක තමයි.(කෞ)
මහින්ද යුගයේ මේගොල්ලෝ කී සුරංගනා කතා වල තිබුණු සුදු වෑන් මේවා වෙන්න ඇති. (නි)
අප රවටලා, කාලය ගෙවීලා වෙනසක් මැවූ අරුමේ... හොඳ අය අද නැත වෙන අය එහි ඇත රට නැවතත් අඳුරේ...(නි)
මේ තරම් මිනිසුන්ගේ සිත් ම්ලේච්ඡ තත්ත්වයට පත්වෙන්න හේතුව මොකක්ද කියන එකයි තේරුම් ගන්න බැරි (නි)
මේ වගේ දේවල් හැමදාම අහන්න වෙනවා දැන්. රටේ තිබෙන තත්වය මේක තමයි. හැබැයි සමහරු මේවාට නොයෙකුත් අර්ථකථන දෙනවා. මිනිසුනි, සැබෑ ලෙස දකින්න (නි)
කට්ටියට වෙනස සැප ඇති. ඒ බව ප්‍රතිචාර වලින්ම පෙනෙනවා (නි)
ලාංකික පැතුම් බොඳවී අවසන්. අප පැතූ යහපාලනය මේකද? (නි)
අනේ දෙවියනේ, රට යන අත කුමක්ද? මේ සිද්ධවෙන්නේ මොනවාද? (නි)
හොඳට තිබුන රටට සිද්ධවුණ දෙයක්! (නි)
සරත්, මේවා කලින් කළේ කවුද? දැන් තියෙන්නේ මේ අපරාධකාරයෝ ටික අල්ලන එක විතරයි (නි)
මේ ශාපය යහපාලනයට ඡන්දය දුන් අපටත් වදීවිද? අනේ දෙවියනේ අප මෙවැනි රටක් ඇතිකිරීමට ඡන්දය දුන්නේ නැත. අප රැවැට්ටුවා. අප රැවටුනා. අපිට සමාවන්න. (නි)
පශ්චාත් මරණ පරීක්ෂණය කරලා අවසන් වුණාම බොහෝ රහස් හෙළිවේවි (නි)
" ඒ කලෙත් මේවා උනානේ " කියන එක නෙමෙයි වෙන්න ඕනා. වෙනසක් ඕන උනේ ඒකාලේ වෙච්ච දේවල් අයෙත් වෙන කවුරු හරි කරන එකටද.(කෞ)
අනේ මගේ රටට වුණ විපතක්! (නි)
අපරාධයක් සිද්ධවුණ ගමන් ආණ්ඩුවට බනින දැන් ගොඩක් දෙනාට පුරුදුවෙලා. වසර 30ක් පුරා අපිට දායාද කළ සංස්කෘතිය තමයි අපි මේ දකින්නේ. මිනිසුන් සතුන් වෙලා. සතුන් මිනිසුන් වෙලා. මේ ලියන කිසිම කෙනෙක් කල්පනා කරනවද මිනිස්කමට මොකද වුණේ කියලා (නි)
කාලය මැවු වෙනසක අරුමේ. වෙනස සැපයි නේද? (නි)
භීෂණ යුගයක් නැවතත් ආරම්භවෙලාදෝ කියා සිතෙනවා, මෙවන් දේ පෙනෙනකොට (නි)
නව රජය පත්වූ විගස වැරදිකරුවන්ට දඬුවම් නොදීම නිසා සිදුවන දේ තමයි මේ. ඔවුන්ගේ ගැළවීම උදෙසා මෙවන් දෑ සිදුකරනවා (නි)
පහුගිය කාලෙ වගේ නෙමෙයි, දැන් සුදු වෑන් එන්නේ අමුතුම ක්‍රමයකට. (නි)
කව්රු කළත් සුදුවෑන් එච්චර නරක නැත සුදුවෑන් වලින් අතුරුදහන් වුනේ සමාජයටත් රටටත් බරක් වුණ මැරයන් සහ කොටි හිතවාදීන් බහුතර ජනයාගේ යහපත උදෙසා (බ)
ඔබට සතුටුයිද දැන්? ඉල්ලූ වෙනස දැන් ලැබුණාද? (නි)
මේ පුද්ගලයින් මියයද්දී මොනතරම් වේදනාවක් විඳින්න ඇද්ද? ඇයි මිනිස්සු මෙච්චර කුරිරු විදිහට හිතන්නේ? මොනවාද මේ රටට වෙන්නේ? (නි)
රටේ බහුතරයක් ජනතාවට මිල දැරිය නොහැකි නිසා ඌණ පෝෂණයෙන් පෙළෙනවා. බඩු මිල අඩු කිරීමට පියවර ගන්න (ම)
මේ ආණ්ඩුවේ ඇමතිවරු මේවා ගැන මොනවද කියන්නේ? යහපාලනයට කඩේ ගිය අයට මේවා ගැන කතාකරන්න අයිතියක් තිබෙනවා (නි)
මහ ලොකුවට අපි පම්පෝරි ගහන්නේ අපි ධර්මද්වීපයේ අභිමානවත් ජාතියක් කියලා. පේනවා නේද දැන් ඇත්ත තත්ත්වය? (නි)
මනුස්සයෙක් තියා සතෙක්වත් අපිට මරන්න බැහැ. මෙතන මරලා විතරක් නෙමෙයි පුළුස්සලාත් දාලා (නි)
මටනම් 88/89 කාලය මතක් වෙනවා. එජාප ආණ්ඩුවකින් ඒ කාලෙත් සිද්ධ වුනේත් එහෙමයි (බ)
ලංකාවේ ගොඩක් මිනිස්සු නොදන්නවා උනාට දේශපාලකයා සහ පාතාලය එකම කාසියේ දෙපැත්ත වගේ . මොකද ඡන්දෙ දිනන්න , ජරා වැඩ කරවගන්න දෙශපාලකයන්ට පාතාලය ඕනේ . නීතිවිරෝදී වැඩ පොලිසියේ කරදරයකින් තොරව කරගෙන යන්න දේශාපලන රැකවරණය පාතාලයට ඕනේ . ඒක නිසා තමයි හමුදාවෙන් පොලිසියෙන් පටන් ගත්ත කිසිම පාතාල මර්දනයක් ඉදිරියට නොගියේ . (ර)
ඔවු ඔවු ජයතු, මහින්දට රට බාරදෙන්න. එතකොට තව හොඳ හොඳ සෙල්ලම් බලන්න පුලුවන් (නි)
පහුගිය කාලේ පන බයේ හැංගිලා හිටපු අය දැන් එළිපිටම ගිනිකෙළි සංදර්ශන දාන්න පටන් අරගෙන. මේ දැන් පටන්ගෙන තිබෙන පාතාල නැටිල්ල පටන්ගත්තේ පසුගිය මැතිවරණයෙන් පස්සේ කියායි අපි හැමෝටම පිළිගන්න වෙන්නේ. (නි)
මත්පැන් මුදලාලිලා සහ කුඩු මුදලාලිලා විදේශ විනිමය වංචා කරුවෝ ඉන්න පාර්ලිමේන්තුවක් ඇති රජයකට යහපාලනයක් ගෙනාවට වැඩක් නැහැ.(කෞ)
මොනවාහරි කරලා පාතාලය මර්දනය නොකළොත් ඉදිරියට මගේ රටේ අනාගතය අවිනිශ්චිත තත්ත්වයකයි තිබෙන්නේ (නි)
අපේ රට නැවතත් 1988, 1989 යුගයට යනවා වගේ දැනෙනවා (අ)
මේවා කවුරු කළත් අහිමිවෙන්නේ වටිනා ජීවිත නොවේද? (නි)
අවුරුද්දක් ඇතුළත පාතාලයට ලැබුණු අපමණ අගය නම් කියා නිම කරන්න බෑ - හරියටම 88-89 ට කලින් 86-87 කලින් , 93-94 කලින්, 2000-2004 කලින් තිබුණා වගේ. (අ)
අපෝ, ඒකාලේ පාරවල් දිගට මිනි කඳු ගොඩගහපු, පාරවල් දිගට ටයර් සෑයන් හි සිය දහස් ගණන් මිනිසුන් පුච්චපු උදවියට මේවා මොන සුළු වැඩද? (අ)
මේවා කලින් කළේ කවුද කියලා අපිට මතකයි. ඒ ටයර් යුගයේ කාලයේ (නි)
වහාම මේ සම්බන්ධයෙන් පරික්ෂණ කරන්න. මොකක්ද හේතුව කියා හොයා ගන්න.(හේ)
මහින්ද හිටියා නම් මේ වගේ අපරාධ සිදුවෙන්නෙ නැහැ. යහපාලනයේ සිදුවන අපරාධ මේ. මේවායින් මිදෙන්නට නම් මහින්දට රට බාරදිය යුතු බවයි මට හිතෙන්නේ. (නි)
සුදු වෑන් කාලේ මෙහෙම දෙයක් වුණාම වරදකරුවන්ට ආයුධ පෙන්වන්න එක්කගෙන යනවා. සැඟවූ ආයුධයකින් පහරදෙන්න හැදුවහම පොලිස් වෙඩි පහරින් මැරෙනවා. සමාජය හුරේ දානවා. ඒත් ඇත්තටම වෙඩි කෑවේ වරදකරුමද? එකපාරටම හරිම වැරදිකාරයාව අල්ලන්න බැහැ කියලා මිනිසුන්ට තේරුනේ සේයා දැරියගේ ප්‍රශ්නෙදි. (නි)
මම බොරුවට කිව්වේ යහපාලනයට ඡන්දේ දුන්නා කියලා. මම නම් දුන්නේ මහින්දට (නි)
අනේ අපිට මොනවද මේ වෙන්න යන්නේ? (නි)
රට යන්නේ කොයිබටද (නි)
මේක ලොකු සිද්ධියක්.මේ ගැන විදිමත් පරික්ෂණයක් කරන්න.(හේ)
එරන්ද, මේවා කලින් කළේ මහපාරේ. ඒ කාලේ ටයර් ඇවිලිලා ගිය හැටි මට මතක්වුණා (නි)
කෝ ඔය කියන සාරධර්ම..? මෙහෙම ගිහින් අපේ රට කොහාටද යන්නේ? (නි)
දැන් සමාජය ගොඩක් පිරිහිලා. මිනී මැරුම් දැන් එන්න එන්න වැඩි වෙනවා.(හේ)
කුමාර ඔබ හරි. බොරුවට ආණ්ඩුවට බැණ බැණ ඉන්න එපා. දවල් වෙනකොට මියගිය අය කවුද කියලා දැනගන්න ලැබෙයි. කවුරු රටපාලනය කලත් කර්මය වලක්වන්න බැහැ. (ර)
පාගාකරුවන්ගේ, මිනීමරුවන්ගේ, හොරුන්ගේ, කුඩු මුදලාලිලාගේ අතට රටේ දේශපාලනය නතුවන්නේ ජනතාවගේම වරදින්. සෑම දේශපාලකයෙකුගේම කාර්යාල, නිවසේ කාර්යාල සීසීටීවී කැමරා මඟින් පරීක්ෂණයට ලක් කරන්න. ඔවුන්ගේ දුරකථන ඇමතුම් පටිගත කරන්න. (නි)
මිනිස්සු මෙහෙම විවිධ හේතු මවමින් කලහකාරී ලෙස හැසිරෙන්නේ අධික ජීවන වියදම නිසා දැඩි මානසික පීඩනයකට ලක්ව තිබීම නිසයි. මෙය මනෝවෛද්‍ය විද්‍යාවට අනුව කදිමට පැහැදිලි කළ හැක. කළයුත්තේ හැකි ඉක්මනින් බඩු මිල පහත හෙළීමයි. (නි)
බොරුවට ආණ්ඩුවට බැණ බැණ ඉන්න එපා. දවල් වෙනකොට මියගිය අය කවුද කියලා දැනගන්න ලැබෙයි. රටකට නෙමෙයි නුඹලට ගිය කලක්! (නි)
මේ සිදුවන්නේ රටේ ජනතාව බලාපොරොත්තු වූ දෙය නොවන බව පාලකයන් වටහාගත යුතුය. පාතාලය නිර්මාණය කළේත්, කිරිදී වැඩුවේත් කවුද යන්න ඉතිහාසය දත් සියල්ලෝ දනිති. මේ සියල්ල මෙසේ වෙද්දී , කිසිවිටෙකත් අද සිදුවන දෙය දිහා බලාගෙන, පසුගිය රජය සහ එහි පාලකයන් නිවැරදි යැයි නිගමනය කළනොහැක. අද කරන වැරදි නිසා එදා කළ වැරදි කිසිවිටෙකත් නිවැරදි නොවේ. එබැවින් රාජපක්ෂලාගේ පාලනය නිමාකිරීම උදෙසා බහුතර ජනතාව ගත් නිවැරදි තීරණය අද දක්වාම වලංගු බව අවධාරණය කිරීමට කැමැත්තෙමි. (නි)
එරන්ද, ඉස්සර මතකද පාරවල් වල ටයර් සෑ තිබුණා. කව්ද ඒවා කළේ? (නි)
ජයතු."මහින්ද පරාජයවීමෙන් පසු පාතාලය වියරු වැටී අැත. වහාම පාතාලය නැවැත්විය යුතුයි".ඉස්සර පාතාලය මෙහෙයවපු "අයගේ" තවත් වික්‍රමයක්. (අ)
මේකත් සුදු වෑන් එකක්. හොඳ වෙලාවට ගෝඨාභය මහත්තයා දැන් ගෙදර. නැත්නම් මේකත් එතුමන්ලාගේ ගිණුමට තමයි වැටෙන්නේ. (නි)
කවුරුහරි පරණ කෝන්තරයක් පිරිමහලා වගේ. (නි)
අපමණ අගයක් ලැබිලා තියෙන්නේ... එක දවසට මිනී මැරුම් 07ක්. (ර)
කිසිකෙනෙක් කලබල වෙන්නෙපා."ජනපති අනින් පාතාලය මර්දනය කොට ඇත...." (ර)
මොන දේ හරි කරලා මේ අපරාධ කරන අය නීතිය ඉදිරියට ගෙනෙන්න. (නි)
සරත් හොඳ කවිකාරයෙක්නේ. දැන් කොහොමත් ඒ අයට තියෙන්නේ සින්දු කියන එක විතරයි. ඒ දවස් වල ක්‍රියාත්මක නොවූ නීතිය දැන් ක්‍රියාත්මකවීම ගැන සුළුතරයක් කණගාටු වන බව නම් පේනවා. (නි)
ලෙඩා මළත් බඩ සුද්දයිලුනේ. මහින්ද පරාජය කරන්නනේ ඕනෑ වුණේ. අහෝ රටකට ගිය කල! (නි)
පුදුම කතාවක්නේ මේක. ඇයි මහින්දගේ කාලේ කුරා කුහුඹියෙක්වත් මැරුනේ නැද්ද? (නි)