කඳාන හපුගොඩ ජී ඩී සඳලි නෙත්මිණි (15) දැරිය පසුගිය 21 වැනි දා සිට ආගිය අතක් නැතැයි ඇගේ මව කඳාන දකුණු බටගම රේණුකා ප්‍රියංගනී මහත්මිය කඳාන පොලිසියට පැමිණිලි කළාය.
තම දියණියගේ වයස අවුරුදු 15ක් වුවත් පෙනුමෙන් ඇය ඊට වැඩි වයසක් පෙන්වන බවත්, ඇය අපොස සාමාන්‍යපෙළ විභාගයට ද පෙනී සිටි බවත් ඇය කියන්නීය.
කඳාන පොලිසියේ ස්ථානාධිපති චන්දිමාල් විජේසිංහ මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක සෙව්වන්දි මහත්මිය පරීක්ෂණ පවත්වන්නීය.
මේ සම්බන්ධයෙන් මීගමුව මහේස්ත්‍රාත් උසාවියට ද වාර්තා කර ඇතැයි පොලිසිය පවසයි.
තම දියණිය සොයා ගැනීමට උදව් කරන්නැයි ඇය ඉල්ලීමක් කරන්නීය. ළඟම ඇති පොලිසියට හෝ 072 34 74 579 අංකයට තොරතුරු දන්වන ලෙස ද ඇය ආයාචනය කරන්නීය.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
275
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දැක්කොත් කියන්න
ඉඳුනිල් Monday, 28 December 2015 12:13 PM
මොනවා වුණාද දෙවියනේ මේ දරුවාට? (නි)
සුමිත් බස්නායක Monday, 28 December 2015 01:58 PM
අනේ ඉක්මනට එයාගේ යාලුවන්ගේන්වත් අහල බලන්න. හෝඩුවාවක් හොයාගන්න පුළුවන් වෙයි. (අ)
නිශාන්ත Monday, 28 December 2015 02:32 PM
මට නම් මොකුත් හිතාගන්න අමාරුයි (නි)
යසපාල Monday, 28 December 2015 05:42 PM
ඇය පිළිබඳව කණගාටුයි අපිට (නි)
ඉසුරන්දි Tuesday, 29 December 2015 08:23 AM
අනේ දෙයියනේ කාගේ වුණත් දරුවෙක්නේ.අපිත් දරුවෝ ඉන්න දෙමව්පියෝ. මොන දෙමාපියන්ටද දරුදුක නැත්තේ මෙහෙම වුණාම.(ම)
ආනන්ද දොඩන්ගොඩ Monday, 28 December 2015 10:40 PM
මෙම දැරිය කාමාතුර පාපතරයකුගේ බිල්ලක් නොවන්නටයි කියා දෙවියන් අයදිමි. ඉතා ඉක්මනින් දැරිය සොයාගන්නට ලැබේවායි පතමි (නි)