මහින්දගේ රජය කාලේ උතුරේ ඡන්ද වැළැක්වීමට කොටින්ට සල්ලි ලබාදීමට ක්‍රියා කළ බවත් ඒ පිළිබඳ තමා සතුව සාක්කි ඇති බවත් ප්‍රාදේශිය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද ඇමැතිධූරය භාරගැනීමෙන් පසු පළමුවරට පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.
එදා ජනපතිව සිටි මහින්ද රාජපක්ෂ අද මන්ත්‍රීව තමා ඉදිරිපිට සිටින බවත් දැන් තමා ඇමැති බවත් කී ෆොන්සේකා මහතා ‘දුක සැප නිති පෙරැළේ - රිය සක ලෙස ලෝකේ‘ යනුවෙන් ගීතයක කොටසක්ද සිය කථාවට එකතු කළේය.
මම එකහෙල්ලේ කියා සිටිනවා යුද්ධය කරපු හමුදාපති හැටියට විදේශීය නිරීක්ෂකයන්ට මෙරටට පැමිණ පරීක්ෂණ කිරීමට ඉඩ දිය යුතුයි. වැරදි කරපු අය සිටිනවා නම් අනිවාර්යයෙන්ම දඬුවම් ලැබිය යුතු බවත් සුදු කොඩි කතාව සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවස් දොළහෙන් පස්සේ සිකුරිටි කොම්පැනියක නිකම්ම නිකම් සිකුරිටි කාරයෙක් වෙන්න හිටපු කෙනාව මහින්ද තමයි හමුදාපති කළේ. රනිල් කටුස්සාගේ කරේ රත්තරන් ගැට ගහලා...(බ)
ෆීල්ඩ් මාෂල්තුමනි, දුක සැප කාටත් පොදුයි. මහින්ද මහතාගේ පාලන කාලය තුළ සිදුවූ වැරදි කොතෙකුත් මා විවේචනය කර ඇත. නමුත්, ඇත්ත කියනවා නම්, මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාට ලක්ෂ 4 ට වඩා ඡන්ද ප්‍රමාණයක් ලැබිණ. ඡන්ද පන්දහසක් පමණක් ලබා දිස්ත්‍රික්කයෙන් ආසනයක්වත් දිනාගත නොහැකි පක්ෂයක අපේක්ෂකයකුට කොහොමද අමාත්‍යධූරයක් හිමිවෙන්නේ? (නි)
මුල අමතක කරන්න එපා. (නි)
කට්ටියගේ හතර වරම් ගැහිලි ගැන සොයන්න ජෙනරල් ෆොන්සේකාට බාරදෙන්න. ඒ රට වෙනුවෙන් රටේ බදු ගෙවන අසරණ මිනිසුන් වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම යුතුකම සහ වගකීම වනු ඇති. (නි)
විධායක ජනාධිපති වෙලා දෙපාරක් ඉඳලා ලැජ්ජාවක් නැතුව "මන්ත්‍රීකමක්" අරගෙන පසුපෙළ ඉන්නවා. අම්මපා ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලාවත් නැද්ද? (නි)
මේවා අහලා අපිට එපාවෙලා තියෙන්නේ. මොනවා කිවුවත් කළත් අපි අප්පච්චිට. (නි)
කොහොමද අපේ දේශප්‍රේමීන්ගේ දේශප්‍රේමය? (නි)
අර ජනවාරි 8 වෙනිදා කළා යැයි කියන කුමන්ත්‍රණය ගැන පරීක්ෂණය කරන්න පටන් ගන්නේ කවදාද? (නි)
දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු ලොවේ බිහිවූ විශිෂ්ට හමුදාපති ලෙස නමක් දිනා සිටින මෙතුමා තමන්ගේ ප්‍රතිරූපය රැක ගැනීම ඉතා වැදගත්ය. (ර)
මහින්ද මන්ත්‍රී වෙලා ඉන්නේ ජනතාවගේ ඡන්දයෙනි. මොහු ඇමති වී සිටින්නේ පස්සා දොරෙන් ඇවිල්ලාය. (ර)
ඇයි දන්නේ නැහැ මේවා දැන් කියන්නේ? ඕවා කියන්න ඇමතිකමක් ගන්නම හිටියේ මොකද දන්නේ නැහැ. (නි)
දැන් ඉතින් ටිකක් දොඩන්න එපැයි නේද? (නි)
නිරීක්ෂකයෝ විතරක් නෙමෙයි, දැන් යහපාලකයින් විදේශීය විනිසුරන්, නීතිඥයින්, පරිචෝදිතයින් ඇතුළු සියල්ලම ගෙන්වන්නනේ යන්නේ. ඔහොම යමු ඔහොම යමු, පළිගැනීම් සහ පෞද්ගලික තරහ පිරිමැසීම් රට වගේද, ඊටවඩා දහස් ගුණයක් වටිනවනේ. (නි)
මෙතුමා කියන දේ හරි. වරදක් කරලා නැත්නම් ඇයි විදේශීය නිරීක්ෂකයින් ගෙන්වනවාට බය? (නි)
විදේශ නිරීක්ෂණය හොඳයි (නි)
වීරයා කවුද දුෂ්ඨයා කවුද යන්න ජනතාව හොඳින් තේරුම්ගෙන තියන බව පසුගිය මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල වලින්ම පැහැදිලියි. පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී මහින්දට අවලාද නැඟීමට අපි විරුද්ධයි. වෛරය හා ක්‍රෝධය වැපිරීමෙන් වන්නේ මහින්ද තවත් ශක්තිමත්වීමයි. (නි)
සොයිසා, මෝඩ කතා කියන්න එපා. යුද්ධයක් දිනපු ජෙනරාල් කෙනෙකුට ලෝකයේ ආරක්ෂණ සමාගම් වල විධායක ශ්‍රේණියේ රැකියා වලට ලේසියෙන්ම යන්න පුළුවන් (නි)
මහින්ද, ගෝඨා යුද්ධ කළේ නැහැ කියන අය මට කියනවද, ෆොන්සේකා කොහෙද යුද්ධ කළේ කියලා? කොහොමත් ජනපති, ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරු කරන්නේ තීරණ ගන්න එක විතරනේ. (නි)
මහත්තයෝ, දැන් ඔන්න ඕවා තිබෙන කොමිසමකට කරගෙන යන්න කියලා අපි ලැබුණු ඇමැති තනතුරේ වැඩ කරමු. (නි)
කෙළෙහිගුණ නැති අයට නම් ඔය ගීතය හරියටම ගැළපෙනවා. ඕක තමයි දෛවය (නි)
අප්පච්චි, අප්පච්චි, රජතුමා කිය කියා අපේ අය තාමත් කඹුරනවා. (නි)
මෙහි අදහස් දැක්වූ සමහරු කියනවා ජෙනරල්තුමා ඡන්දයෙන් නෙමෙයි ආවේ කියලා. ගියපාර ඡන්දෙන් ආවට එතුමට පාර්ලිමේන්තුවේ ඉන්න දුන්නේ නැහැනේ (නි)
හමුදාවට තනියම යුද්ධය දිනන්න පුලුවන් නම් ඒක දිනන්නේ ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව හිටිය කාලේ කියලා කාටත් අමතකවෙලා. සමහරුන්ට තියෙන්නේ පළිගැනීමේ දක්ෂතාවය විතරයි. (නි)
මම හිතන්නේ මේකේ අදහස් දා තිබෙන ගොඩක් අය තවමත් බොරු මවාපෑම් වලට අහුවෙලා ඉන්නේ. (නි)
මහින්දට මේ කතාව අැසුනාම පොලව පලා ගෙන යන්න සිතෙන්න ඇති (බ)
වැඩක් කරන්න බැහැ. ඔක්කොටම මහින්ද,මහින්ද! (නි)
සරත් මහත්තයේත් මෙහි ලියල තියෙන සියල්ලන්ගේමමත් සිත ද්වේශයෙන් හා වෛරයෙන් පිරිල තියෙන බවනම් මට පේනවා, මේ සියල්ලෝම සුවපත් වේවා (බ)
සොයිසා, එයා නිසා තමයි ඔයාලා අද ඔහොම ඉන්නේ. යුද්ධයට ගියේ ඔයාවත් මහින්දවත් අපිවත් නෙමෙයි හොඳේ. ලියන්න ඉඩ තිබුනට මෝඩකම ලෝකෙට පෙන්වන්න එපා (නි)
පාර්ලිමේන්තුවට එන්න කවුද ඡන්දේ දුන්නේ? (නි)
ඇමතිකමක් ලැබුනහම සමහරු ගිරව් වගේ කියවනවා (නි)
රට ජාතිය වෙනුවෙන් නිර්භීතව තම ලේ මස් මිහිතලයට හෙළූ ඔබගේ අවංක සේවය අපි අගය කරමු. ජාත්‍යන්තරයට උත්තර දෙන්න ලංකාවෙන් පමණක් කට්ටිය දාලා නඩු ඇහුවට කිසිවකු පිළිනොගන්නා බවට වන වැටහීම අගය කරමු. නිර්භීත හමුදා නායකයකු ලෙස අවංකව පිළිතුරු දී අපේ හමුදාවත් රටත් බේරාගන්නට වැඩ කරන බව අපි පිළිගනිමු. (නි)
අනේ මන්දා මොකද මෙතුමාට වුණේ කියලා (නි)
අපි බලමුකෝ ඉදිරිය කොහොම වෙයිද කියලා (නි)
පරණ තැටියම නැවතත් ගහන්න වගෙයි හදන්නේ. අපි නම් නැවතත් කවදාවත් ඡන්දයක් නම් දෙන්නෙ නැහැ (නි)
සොයිසා, ඔබ හරියට හරි. වින්සන්ට්, ඇයි මෙයාලට රනිල්-චන්ද්‍රිකා කාලේ සැබෑ රණවිරුවෙක් වෙන්න බැරිවුණේ? ඒ කාලෙත් ඉතින් සිටියනේ. (නි)
යුද්ධයෙන් පසු ශ්‍රී ලාංකිකයන්ට ඇතිවූ ජාතිකාභිමානය නැතිකළේ කවුද කියලා අපි දන්නවා. ඔය රිය සක කැරකිලා ඉවර නැහැ. ආපසු උඩ යට මාරුවෙන්න පුලුවන් (නි)
වැඩකට නැති දේවල් නොකර ලැබුන දෙයින් වැඩක් කලොත් නේද හොද .(කෞ)
ජනතා මුදල් දේශපාලකයන්ගේ සුඛවිහරණයට භාවිතා කිරීමට ඔබ තදින් විරුද්ධ වුණ කෙනෙක්. මන්ත්‍රී වාහන පර්මිට් අහෝසි කරවා ගැනීමේ සටනේ පෙරමුණ ඔබ ගන්න. අපි ඔබ සමඟයි. (නි)
සොයිසා මහතාට ටිකක් පැටළිලා වගේ. යුධ ජයග්‍රහණයෙන් පසු රන් මාලය බැඳගත් කටුස්සන් කවුද යන්න හොඳින් තේරුම් ගැනීමට මේ දිනවල කාටත් ඉතා පහසුය. සුදුසුකම් නොමැතිව දේශපාලකයන් වියහැකි නමුත් යුධ හමුදාපතිවරයෙක් වීමට හැකිවේද යන්න සිතිය නොහැකිය. එතුමාගේ දක්ෂකම තේරුම් ගැනීම එම නිලය ලැබීමට හේතුවන්නට පුළුවන. (නි)
මාව ගත්තා නම් මාධ්‍ය උපදේශක විදිහට ඊට වැඩිය හොඳ සින්දුවක් මතක් කරලා දෙනවා. එ්ක තමයි, "රජකම් කෙරුවත් කළකම් පළ දේ ,ඇඟ ලේ රුහිරේ.....ගිය වාරේ නුඹේ මේ වාරේ මගේ...." (නි)
ඔබට සදා ජය! (නි)
සොයිසා, පවු සිද්ධවෙන අපහාස කරන්න එපා. 30 වසරක් මේ රටේ තිබුණ යුද්ධය අමතකද ඕගොල්ලන්ට? ඒවා මතක තිබෙන හැමෝම සරත් මහත්තයාට සළකන්නේ දේවත්වයෙන්. (නි)
දැන් මහින්ද මහින්ද කියන ගිරවු රෑනට තව ගිරවෙක් ඇවිල්ල. මෙලෝ වැඩක් නම් කරන්නේ නැහැ. කරන්න සල්ලි තියෙන්න එපැයි. අවුරුදු 5 ඉදල යයි යන්න. (බ)
මහින්ද හමුදාපතිට සළකපු හැටි කවුරුත් දැක්කා. (නි)
සමහරු හිතාගෙන ඇති කට්ටිය එයාලව බේරලා අනෙක් අයව විදුලි පුටුවේ යවාවි කියලා. නැහැ කවදාවත් එහෙම වෙන්නේ නැහැ (නි)
ජනතාව ප්‍රතික්ෂේප කළ ඇමතිලා ගොඩයි. ඉන්න ඇමතිලා සියල්ලටම මහින්ද භීතිකාව. ඡන්දෙ ඉල්ලනකොට කිවුවේ ඇමතිලා 25 කියලයි. අවුරුදු එකහමාරක් වුණා, කරපු එක දෙයක් කියන්න පුලුවන්ද? (නි)
සොයිසා වැනි පුද්ගලයන්ට පෙනෙන්නේ පියවි ලෝකය නොවෙයි වගේ. සමන්ති, මොකද විදේශ නිරීක්ෂකයන්ට බය, වරදක් කරලා නැත්නම්? (නි)
ඔහොම යමුකෝ... (ර)
පස්ස දොරෙන් ආවේ කියලා මතකද.. (ර)
පලිගන්ම එකම අරමුණ බව හැටියට විදේශීය නිරීක්ෂකයන්ට මෙරටට පැමිණ පරීක්ෂණ කිරීමට ඉඩ දීම රට පාවාදීමක් බව හිටපු හමුදාපති හැටියට අමතක වෙන්න ඇති. (හේ)
දේශපාලන කෝන්තර නිසා විදෙස් මැදිහත්වීම් වලට ආවඩන්න එපා (නි)
මේ කතා ඇහෙනකොට ඇතිවන ආතතිය නැති කරගන්න මිනී මෝරුත් නැති එකේ සමහරු කොහොම ඉන්නවද දන්නේ නැහැ.(හේ)
යුද්ධය දිනලා හරි දේ නොකළ එක ගැන කතා කරන්න. සොයිසලාට දේවල් තේරුම් ගන්න ටිකක් අමාරුනේ. (නි)
අැමතිතුමා මහින්දට බැන.. බැන ඉන්න නෙමේ ජනතාව ඡන්දේ දුන්නේ කරුණාකරලා වැඩ පටන් ගන්න.(හේ)
ජනතා ඡන්දෙන් පත්වෙලා ඇමතිකමක් ලබලා නැහැනේ (නි)
ඡන්දෙ කාලේදී අපි හොඳට ඕවා ඇහුව එකෙන් තමයි ඔබතුමාලාව පාර්ලිමේන්තුවට එව්වේ. දැන් වැඩ කරලා පෙන්වන්න (නි)
මෙතුමා යුධ හමුදාපතිකමට තියා ගැළවීමේ හමුදාවටවත් සුදුසු නැහැ කියලා එදා එජාපෙම කෙනෙක් මෙතුමා හමුදාපති කිරීමට විරුද්ධව මහින්දට බැනපු එක ගැන දැන් මොකද කියන්නේ? (නි)
දිට්ට දම්ම වේදනීය කර්ම කියන්නේ මේවාට තමයි. රජා බලු වෙලා වැලේ වැල් නැතුව තමන් බොරු චොදනා දාල හිරේ යවපු යුද වීරයා ඇමැති කෙනෙක් වෙලා ඉන්නවා බලන්න සිද්ද වුණා. (ම)
නියමයි මහත්තයෝ! (නි)
ඔය ටික කියව කියව ඉන්න තමයි ඇමැති කමක් ලැබුණේ (ම)
ඔය විදියට ගියොත් නම් හරි අපුරු දේවල් වෙයි. ඕපාදුප, කුණු අපිට එපාවෙලා. (නි)
එතකොට ඔබතුමා කියන්නේ සල්ලි අරගෙන ප්‍රභාකරන් තම අරමුණ පාවාදුන්නා කියලද? එහෙම වුණත් මහින්ද මහතා ලොකු ජයග්‍රහණයක් කළා. බැරිවෙලාවත් ප්‍රභාකරන් සල්ලි නොගත්තා නම් අපිට වෙන්නේ රට දෙන්නයි. මොනවා කළත් අන්තිමට වුණේ අපිට ඕනෑ දේ. ඒ ගැන මම සන්තෝෂයි (නි)
"පරසිඳු පබු දනන් සෙවි පමණින් මහරු බෙලෙනිඳු මඳ වුවත් නොකෙරෙති රුපුන් සරු බරණිඳු ගෙල වසන නා රද වෙමින් ගරු ගුරුළිඳු අතින් ඇසි කිම යහළු තොරතුරු" (අලගියවන්න මුකවෙටි තුමන් විසින් රචිත සුභාෂිතය) නායකයන් සමග ළංව සිටි පමණින් දුලබයෝ තමන් බලවත් යැයි සිතති. ඊශ්වරයාගේ බෙල්ලේ වසන නාග රාජයා ඊශ්වර බලයෙන් උදම් වී ගුරුලාගෙන් සැප දුක කෙසේදැයි ඇහුවලු. (බ)
ඕක තමා ලංකාවේ දේශපාලනය. මුල ඉදලම යු ඇන් පි එකට වැඩ කළ අයට පස්සා පැත්තට පයින් ගහලා වෙන පක්ෂෙක හිටියත් ඇදලා අරන් ඇමති කමක් මවලා දුන්න. ඕකට කියන්න බැහැ ඔය කියන රිය සක කියමන (බ)
දේශපාලනයට හරි බොරු කියන එක ලොකු පවක්. එහෙම කියලා සතුටු වුණාට කවදාහරි ආත්මයකදි මේවා නැවත ගෙවන්න වෙනවා. වෛරය කොහොමත් හොඳ නැහැ. දුක සැප නිති පෙරැළේ - රිය සක ලෙස ලෝකේ නැවතත්. (නි)
"මහනෙල් සුවඳ මය කුඩ මසු පිළී ගඳ මය දෙකට එක දිය මය හොඳට නරකට දෙකට කට මය" (බ)
මේ වගේ ගුණමකු මිනිහෙක් මම නම් දැකල නැහැ. නිකන්ම විශ්‍රාම යන්න හිටපු කෙනාව හමුදාපති කරලා ජාතික වීරයෙක් කරපු මනුස්සයට මෙහෙම කරනවානම් ඔය අනිත් අයට මොනවා නොකරයිද? රනිල්ට වැරදුනෙත් මෙතන තමයි (බ)
අඩුගානේ මහින්ද මහත්තය ඔතන ඉන්නේ ජනතා ඡන්දෙන් පත්වෙලා ඇවිල්ල. ඔතන ඉන්නේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා, එත් පිනට ලැබුණු පිනා චාන්ස් මන්ත්‍රීකමකින් - එක මතක තියාගෙන (කෞ).
ඔහේව හමුදාපති කරපු හැටි ගැන ගෝඨා රිවිරට කියපු එකට උත්තර දෙන්නේ නැත්තේ මොකෝ? (බ)
මෙයාට මිනිස්සු ඡන්දෙ දුන්නේ නැහැනේ..පරණ පිනකට ඇමති කමක් අරන් හැමදාම ගහන තැටිය දානවා..මේ අවුරුද්දත් අනුන්ගේ වැරදි කියා කියම ගෙවල දමාවි..අපි පව් ගෙවනවා (බ)
ඒ කියන්නේ රජ වෙන්නෙත් වංචාවෙන් සහ දුෂණයෙන්ද? මේවා වචනවලට සිමා නොවී සත්‍ය තහවුරු කරන්නේ නම් එය ජනතාවගේ කැමැත්ත විය හැකිය. රට බේරා ගත් "සැබැ රණවිරුවා" වන ඔබතුමාට ජයවේවා! (බ)
මේ අදහස් ලියා තිබෙන අය නටපු තොවිලෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ කිව්වලු. අඩුම ගණනේ මේ මහතාට රණවිරුවෙකුට දෙන නම්බු නාමය හරි දෙන්න. (නි)
මෙතුමා සැබෑ ලෙසම වීරයෙක් මෙතුමාගේ කරපිටින් ඔය හැමෝම යුද්දේ ලකුණු දාගත්තට , (හේ)
ලක්ෂි, ජනතාව මෙයාට ඡන්දේ දුන්නේ නෑ (හේ)
මුළු කතාවම අහගෙන හිටිය මට දැනුනේ එවකට පැවති මර්දනයේ බරපතලකම හමුවේ මිනිසුන්ගේ අසරණකමට දඬුවම් විඳීමේ කලාවට බොහෝ අය මුහුණදුන් වගයි. මධ්‍යස්තව බලනවිට මුළු කතාවේම බරපතල සත්‍යක් තිබුනා. (නි)
ඡන්දේ දිනවා අවේ නෑනේ මෙයා පස්ස දොරෙන්නේ ආවේ (හේ)
ඉහත දේවල් කියවනකොට හිතෙන්නේ එක දෙයයි. අපි තාමත් එකිනෙකා ඇනකොටා ගන්නවා. එයාලා පාර්ලිමේන්තුවේ ගහගන්නවා. ඊට සමාන්තරව ජනතාව විදිහට අපි බෙදිලා ගහමරා ගන්නවා. ජාත්‍යන්තරයට අවශ්‍ය දේ අපි නිකම්ම ලබාදෙනවා. හැමෝටම ජයවේවා !!! (නි)
මහින්ද සමඟ ඇති වෛරයෙන් සත්‍ය වසන්කරන්න යන්න එපා ෆොන්සේකා මැතිතුමනි. එයින් ඔබ තව තවත් පරිහානියට පත්වෙනවා. මහින්ද ජනාධිපති නොවුණා නම් ඔබ අද කොහේද? (නි)
මෙයාව ගෙනාවේ යටින් ගහන්න තමා (බ)
ප්‍රියාන්, ඔබ හරි. දැන් වරප්‍රසාද මත කට අරින්න පුළුවන්. අනෙක කාටත් මතක ඇතිනේ මුලින් ඉල්ලපු වෙලාවේ කී කතා. ඇපත් නැතුව ගිය කෙනෙකුට ඇයි මේ ඇමතිකම්. රියසක දැන් නැති නිසා පෙරළෙන එකක් නැහැ. (නි)
ඕනි කෙනෙක් ඇවිල්ල බලපුවාවේ අැයි මේ බය.විදේශීය නිරීක්ෂකයන්ට විතරක් නෙමේ හෙට අනිද්දා නඩු කාරයොත් ගෙන්වන්න වෙනවා මේ දෙන බොරු තීරණ නිසා. (බ)
යුද්ධයේ අවසන් වෙලාව අපිට මතකයි. තවත් ඉතින් මොන කතාද? (නි)