සමස්ත ලංකා 17 න් පහළ ‘බී’ කාණ්ඩයේ පැසිපන්දු ශූරතාව දිනා ගැනීමට කොළඹ ද ලාසාල් විදුහල සමත්විය. අවසන් මහ තරගයේදී ද ලාසාල් විදුහල් පිල විසින් ලකුණු 78 - 41 ක් ලෙස
කුරුණෑගල ශාන්ත ආනා විදුහල් කණ්ඩායම පරදවන ලදි.
පළමු අර්ධයේදී ලකුණු 3 ක වාසියක් සමගින් පෙරමුණ ගැනීමට ශාන්ත ආනා විදුහල සමත්වුවත් දෙවැනි අර්ධයේදී කී‍්‍රයාත්මකවූ ද ලාසාල් කී‍්‍රඩකයන් ඉතා දක්ෂ ලෙස කී‍්‍රඩා කරමින් තරගය ලකුණු 78 -41 ලෙස නිමා කිරීමට සමත්වූහ.
තරගාවලිය පුරාම දස්කම් දැක්වූ ද ලාසාල් විදුහලේ අනුෂ්ක ඩිලාන් අවසන් තරගයේදීද ලකුණු 33 ක් රැුස්කරමින් තරගාවලියේ අගනාම කී‍්‍රඩකයා ලෙසින් සම්මාන ලැබීය.
ලකුණු 22 ක් රැස්කරමින් තම කණ්ඩායමට දායකත්වය සැපයූ ද ලාසාල් පිලේ නායක නිමේෂ් ප‍්‍රනාන්දු තරගාවලියේ දක්ෂතම ආක‍්‍රමණශීලී කී‍්‍රඩකයා ලෙස තේරී පත්විය. තරගාවලියේ දක්ෂතම ආරක්‍ෂක කී‍්‍රඩකයා බවට පත්වූ ශාන්ත ආනා විදුහලේ ශානුක මෙවන් ලකුණු 18 ක් රැස්කළේය.
ශාන්ත ආනා විදුහලේ අධ්‍යක්ෂක ඒ. ඊ. තාර්සියස් මහතා අවසන් මහ තරගයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය.
ඡායාරූප - ගයාන් අමරසේකර
(*)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කාලයේත් ශාන්ත ආනාවරුන් ඉදිරියෙන් හිටියා. අපේ පාසලට ජය! (නි)