
(අංජුල මහික වීරරත්න)
තෙල් සංස්ථාවට සහ විදුලි බල මණ්ඩලයට දිගටම භාණ්ඩාගාරයෙන් මුදල් ලබා දෙමින් පවත්වාගෙන යන්න හැකියාවක් නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අද (13)පැවසීය.
ආසන්න වශයෙන් ඩීසල් ලීටලයක මිල රුපියල් 720 ක් බව ඛනිජතෙල් සංස්ථාව පවසා තිබෙන බව කී ජනාධිපතිවරයා නමුත් ඩීසල් ලීටරයක් ජනතාවට දෙන්නේ රුපියල් 392කට බවත් ඒ ගණනට දීම සඳහා ආණ්ඩුව හැම ඩීසල් ලීටරයකටම රුපියල් සියයක වැය බරක් දරන බවත් සඳහන් කළේය.
ඒ කියන්නේ තෙල් සංස්ථාවට ඩීසල් ලීටරයකින් ලැබෙන්නේ 492ක් බව කී ජනාධිපතිවරයා එයින් ඔවුන්ට විශාල පාඩුවක් සිදුවන්නේ යැයිද ඒ පාඩුව පියමං කරගන්නත් අවශ්‍ය බවද කීය.
පසුගිය කාලයේ නිසි කළමනාකාරීත්වයක් නොමැති වීම නිසා තෙල් සංස්ථාවට බිලියන 84ක පාඩුවක් සිදු වූ අතර ඒ ණය දැන් භාණ්ඩාගාරය විසින් ගෙවන්නේ බවද එම ආයතන තවදුරටත් අකාර්යක්ෂම වී පාඩු වෙන්න ඉඩ දෙන්න හැකියාවක් නැතැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕගොල්ලන්ගේ නොහැකියාවට ඉතා අධික මිලට තෙල් අරං දැන් ඒක ජනතාවට පටවන්න එන්න එපා. මේ කියන විදියට ලෝකෙ වැඩිම තෙල් මිල ගෙවන රට ලංකාව! මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳන් බඩු මිල, සේවා මිල වැඩි වෙනවා මිසක් අඩු වෙච්ච දෙයක් නෑනේ?
කාංචන ගේ කොමිස් රුපියල් පණහත් තාම තියනවද?
පෞද්ගලික සමාගම් ගැන කුමක් කිව හැකිද? ඒවා පාඩු ලබනවාද? ඉහළ සිට (ඇමතිවරුන් සහ පාර්ලිමේන්තුව) පොදු ප්‍රවාහනය භාවිතා කිරීමෙන් පිරිවැය අඩු කිරීමට යෝජනා කරන්න.
මේ කාලකන්නි යුද්ධයක් නිසා අපි වගේ පුංචි රටවල් විඳින දුකක්.
දවසකට තෙල් ලීටර් ලක්ෂ අටක් පුච්චනවා ඩීසල ඉන්ධන බලාගාර වෙනුවෙන්. එහෙම කරන්නේ මොකද කියල අමතක වෙලාද?
මුහුණ මිරිකලා පච ටොන් තුනහයක් විතර ගන්න පුළුවන්.
කයියනායක