IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


තෙල් පොහොර නැති එක තේවලට බලපෑමක් වෙලා

(ඩයනා උදයංගනී)

පොහොර නොලැබීම හේතුවෙන් තේ අස්වැන්නේ අඩුවක් සිදුව ඇති බව සත්‍යයක් යැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

ඉකුත් අගෝස්තු මාසයේ අස්වනු ගැටලුවක් සිදුවූයේ නැතත් මෙම මාසයේදී අස්වැන්නේ ක්‍රමානුකූල අඩුවක් සිදුව ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.

මේ වන විට අවශ්‍ය පොහොර ගෙන්වා බෙදාහැරීමට කටයුතු කරගෙන යන බැවින් අධෛර්යමත් නොවී වගාකටයුතුවල නිරත වන්නැයි තමා තේ වැවිලිකරුවන්ගෙන් මෙන්ම සෙසු ගොවීන්ගෙන් ඉල්ලා සිටින බව ඇමතිවරයා කීවේය.

අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (19) පැවති කැබිනට් ප්‍රකාශ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය ගුණාත්මකභාවයෙන් ඉහළ නංවමින් වගාව ප්‍රවර්ධනය කිරීමට රජය පියවර රැසක් ගෙන ඇතැයි කී ඇමතිවරයා වගාව දියුණු කිරීමට මිස ආපසු හැරවීමට කටයුතු නොකරන නිසා රජය ගැන විශ්වාසය තබා කටයුතු කරන්නැයි වගාකරුවන්ට දැනුම් දෙන බව ද පැවසීය.

කාබනික පොහොර නිෂ්පාදනයේ අඩුවක් රට තුළ ඇති නිසා අඩු ප්‍රමාණය ආනයනය කර ලබාදෙන්න සැලසුම් කර තිබුණත් ප්‍රමිතියේ තිබූ ගැටලු නිසා එය කරගැනීමට නොහැකි වූ බව ද රමේෂ් පතිරණ මහතා කීවේය.

නැනෝ තාක්‍ෂණයෙන් නිෂ්පාදනය කළ නයිට්‍රජන් පොහොර ඉක්මනින් ගෙන්වීමට මේ වන විටත් කටයුතු කර ඇති නිසා පවතින ගැටලු කඩිනමින් විසඳෙනු ඇතැයි ඇමතිවරයා පැවසීය.



අදහස් (10)

තෙල් පොහොර නැති එක තේවලට බලපෑමක් වෙලා

de silva Tuesday, 19 October 2021 06:29 PM

දැන් පසුතැවිලි වෙලා පලක් නැත

:       1       11

Nuwan Tuesday, 19 October 2021 07:47 PM

දැන්ද තේරුනේ

:       0       10

Ratne Tuesday, 19 October 2021 09:45 PM

උද්දච්චකම නිසා කොවිඩ්19 මරන 10,000 කින් ඉහල ගියා.

:       1       10

Lalith M Tuesday, 19 October 2021 11:31 PM

එතකොට පොල් පොහොර. තව අවුරුද්දක් යනව ඒක පෙනෙන්නට. එතකොට පරක්කු වැඩියි. පොල් ගෙඩියක ආයේ මාස 16 ක්.

:       0       3

69lakshaya Wednesday, 20 October 2021 12:35 AM

අයියෝ ඉදිරියට තැබූ පය පස්සට ගන්නවද ඇමතිතුමා?

:       1       3

ජනතාව Wednesday, 20 October 2021 12:43 AM

දියවන්නා බංගලාවෙ කට්ටියට දුර පෙනීම නැහැ කියන එක වගේම මොලයක් තියනවද කියන ප්‍රශ්නය යලිත් පසක් වුණා නේද? 69 ලක්ෂය සහ වහල් භාවය ගැන රටක් හැටියට ලැජ්ජා වෙනවද සතුටු වෙනවද කියන එක රට වැසියොම තීරණය කරපුවාවෙ.

:       0       4

de silva Wednesday, 20 October 2021 01:42 AM

මොලේ පෑදෙනකොට ඡන්ද කෝච්චිය ගිහින්.

:       0       4

Don perera Wednesday, 20 October 2021 02:50 AM

මෙහෙම අයද මේ රට පාලනය කරන්නේ.

:       0       5

පු රෝහිත Wednesday, 20 October 2021 06:37 AM

අත් දැකීම් සහිත යහපාලනය කාලයේ හිටපු ඇමතිවරයා ඔය ටික කියලා බොහොම කල් ඇමතිතුමා තව මාස කීපයකින් කෘෂිකර්ම ඇමතිවරයාත් ඔය ටිකම කියන්නෙ ගොවීන්ගේ වී අස්වැන්න අඩුවෙලා පාඩුව ගෙවන්න බැරිවුණාම අපි බලා හිටිමු.

:       0       4

swene Wednesday, 20 October 2021 10:25 AM

සත්‍යය විරුද්ධවාදීන් කිවුවත් අගය කොට එය ඔස්සේ යාම බුද්ධිමත් නායකත්වයයි. උද්ධච්චකම නිසා වියත් මග පමණක් විශ්වාස කරමින් රටටම පාඩුවක් කොට ඇත. තේ අපනයෙන් ලැබෙන විදේශ විනිමයත් අඩුකර ගත්තානේද ? අවසානයේ ඩොලර් හිඟයි කියා බැට දෙන්නේ ජනතාවටයි. මින් ඉදිරියටවත් සත්‍යය වටහා ගෙන කටයුතු කිරීමට මොලය පෑදේවා !

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 163 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 123 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 236 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 531 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 705 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 265 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site