(යොහාන් භාසුර)

ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්‍ෂව ත්‍රීරෝද ගාස්තුවේ පළමු කිලෝමීටරයේ ගාස්තුව අනිවාර්යෙන්ම රුපියල් 20 කින් ඉහළ දැමිය යුතු බව ත්‍රීරෝද රථ වෘත්තිය සංගම්     අද  (22) පැවසීය.  

ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ කර්මැාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් රෝහණ පෙරේරා මහතා පැවසුවේ ත්‍රිරෝද රථවලට දිනකට පෙට්‍රල් ලීටර 5 බැගින් හෝ සතියකට ලීටර 30 ප්‍රමාණයක් දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ගාස්තු මීටර සමඟ ධාවනය කරන සෑම රියදුරෙක්ටම පළමු කිලෝමීටරයට රුපියල් 20 ක් අනිවාර්යෙන්ම වැඩි කළ යුතු බවත්ය.

ජාතික ටැක්සි ඇප් ත්‍රීරෝද රථ රියදුරන්ගේ එකමුතුවේ සභාපති ජෙස්මින් ලංකා මහතා පැවසුවේ දිනකට පෙට්‍රල් ලීටර 5 බැගින් සතියට ලීටර 35 ක් දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටිය ද පෙට්‍රල් ලීටර 5 කින් පමණක් වැඩි කර ලීටර 15, ලීටර 20 ක් බවට පත්කර ඇති බවත් සතියට ප්‍රෙල් ලීටර 20 ක් පමණක් ලැබීමෙන් ත්‍රීරෝද රථ වෘත්තිකයන්ගේ සතියේ ආදායමෙන් හතරෙන් තුනක් අහිමිවන බවත්ය.  

මෙම තත්වය යටතේ ත්‍රීරෝද රථ වෘත්තිකයන්ට ජීවත්විය නොහැකි තත්වයක් ඇති වන බව කී ලංකා මහතා ඉන්ධනවලින් හිටපු අමාත්‍ය කාංචන විජේසේකර මහතාට යනවා යැයි කී මුදල අඩුකර සහනයක් සළසන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.