IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


තිළිණිට ත්‍රීවිල් එකක් පදින්න ලැබිලා

20160310-ent-151

20160310-ent-150

පසුගිය වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය ලෙස සම්මාන රැසක් දිනාගත් "ආදර දෑසක්" ටෙලි නාට්‍යයේ "නෙරංජි මිස්" ලෙස රංගනයෙන් එක්වෙමින් රංගනයට අත්පොත් තැබූ තිළිණි පෙරේරා මේ දිනවල අලුත් ටෙලි නාට්‍යයක් සඳහා සම්බන්ධවී සිටින බවට තොරතුරු ලැබේ. දැනට ටෙලි නාට්‍ය කිහිපයක් සඳහා රංගනයෙන් දායකවී ඇති තිළිණි මේ දිනවල රූපගත කෙරෙන සිය අලුත්ම චිත්‍රපටයේ වෙනස් ආරේ චරිතයක් නිරූපණය කරන්නට ලැබී තිබේ. ඒ පිළිබඳව ඇය අපිට පැවසුවේ මෙවන් අදහසකි.

"මගේ අලුත්ම ටෙලි නාට්‍ය තමයි "සුසිල" නිෂ්පාදනයක් වන "සල් සපු නා". ඉරේෂ් ලොකුබණ්ඩාර තමයි මෙහි අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කරන්නේ. මේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිත කිහිපයක් තියෙනවා. ඉන් එක් චරිතයක් වන "මාෂා" කියන චරිත මම නිරූපණය කරන්නේ. මේ ටෙලි නාට්‍ය මට ගොඩක් විශේෂ එකක්. මොකද කියනවා නම් මේ ටෙලි නාට්‍යයේ මම ත්‍රීවීල් එක්ක පදිනවා. ඇත්තටම මම ත්‍රීවිල් පදින්න දැනගෙන හිටියේ නැහැ.

නමුත්, අපේ කණ්ඩායමේ හැම කෙනෙක්ම උදවුවෙන් මට පැයක් ඇතුළත ත්‍රීවිල් එකක් පදින්න පුරුදු වෙන්න හැකියාව ලැබුණා. මේ නාට්‍යයට සම්බන්ධ වෙන කොට ඉරේෂ් ඇහුවා මෝටර් බයිසිකල් පදින්න පුළුවන්ද කියලා. "ස්කූටර්" එකක් පැදලා තියෙන නිසා මම කිවුවා ඔව් පුළුවන් කියලා. නමුත්, ටෙලිනාට්‍යයේ රූපගත කරන කොට මට ලැබුණේ "පල්සර්"එකක් පදින්න. ඇත්තටම මට පුරුද්දක් තිබුණේ නැහැ ඒ වගේ ලොකු බයිසිකල් එක්ක පැදලා. කොහොම හරි පුරුදුවෙලා මම ඒ ජවනිකාවට අවශ්‍ය කරන ආකාරයෙන් ඒ බයිසිකලේ පැද්දා.

 

 බුද්ධික සේනාධීර

 



අදහස් (0)

තිළිණිට ත්‍රීවිල් එකක් පදින්න ලැබිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site