අනවසර අලි පැටියකු ළඟ තබාගත් බව කියන කොළඹ අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ගේ ක්‍රියා කලාපය ගැන දූෂණ විරෝධී පෙරමුණ, පරිසර සංවිධාන එකමුතුව, තරුණ නීතිඥ සංගමය හා යහපාලනය සඳහාවූ නීතිඥයෝ කේ.ශ්‍රීපවන් අගවිනිසුරුට කරුණු හතක් ගැන සංදේශයක් ඉදිරිපත් කර ඇත.
තිළිණ ගමගේ පොලිසිය මගහැර සිටීම, රහසිගත ලෙස අධිකරණයට පැමිණීම, අධිකරණ පටිපාටියෙන් පරිබාහිරව නඩු විභාගය පැවැත්වීම, ඇප කොන්දේසි සපිරීමට පෙර අධිකරණ භූමියෙන් පිටවීම හා පිළිගත් අධිකරණ කාර්ය පටිපාටියට හා ක්‍රමවේදයට පරිබාහිරව චෝදනා ලැබූවනට අසමාන ලෙස සැලකීම යන කරුණුවලින් අධිකරණය කෙරෙහි මහජනයා අතර විශ්වාසය බිඳ වැටීම සිදුවන බව එම සංගම් කියයි.
මේ අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් තරුණ නීතිඥ සංගමය ගංගොඩවිල මහේස්ත්‍රාත්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසමේ ලේකම්ටද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
හිරුනිකාට ඇප දුන්නේ කොහොමද කියලත් හොයල බැලුවොත් හොඳයි නේද ? නීතිය කොහොම වුණත් රටක අලි පැටියෙක් හදා ගන්න පුළුවන් කෙනෙක් හදා ගත්තම මොකද වෙන්නේ... කන්න හිතුනම කබරගොයත් තලගොයෙක් වෙනවා එ්කයි මේකට හේතුව (බ)
අධිකරණයේ සිදුවන නීති විරෝධී දේ හරි ගස්සන ක්‍රමවේදයක් පාලන තන්ත්‍රය තුළ නැත්නම් මේ විදිහටවත් එක සිද්ධ වෙන්න එපාය. ඒ සද්කාර්යයට උරදෙන මේ පිරිසට මගේ ආචාරය! (ම)
නීතියට කරන අවමානය නිසා තිලන ගමගේ ට විරුද්ධව නිතිය නිවැරදිව කරන්න (ම)
මේ මහේස්ත්‍රාත්වරු දෙදෙනාටම එරෙහිව විනය පියවර ගතයුතුයි. (ම)
සිරි ලංකාවේ නීතිය බලපාන්නේ දුප්පත් අසරණ කිසිවක් කරකියාගන්න බැරි මිනිසුන්ට විතරද. (නි)
මෙතන ඉන්න අය ඔය වගේ විල්පත්තුව ගැන එච්චර සද්ද නැහැ (ම)