කොළඹ අලුත්කඩේ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේට ජූනි 02 වැනිදා ගංගොඩවිල මහේස්ත්‍රාත් උසාවියෙන් ලබා දුන් ඇප නියෝගය සංශෝධනය කරන ලෙස ඉල්ලා ප්‍රතිශෝධන අයදුම්පතක් නීතිපති වරයා විසින් අද (13) කොළඹ මහාධිකරණයේ දී ගොනු කරනු ලැබීය.
මෙම අයදුම්පත තව සුළු මොහොතකින් කරුණූ සලකා බැලීම සඳහා විභාගයට ගැනීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රතිශෝධන අයැදුමක් දීලා මෙයාව රිමාන්ඩ් කරනවා වාගේම මෙයාට ඇප දුන්නේ කුමන පදනමක් යටතේද ? ඇප දුන් මහේස්ත්‍රාත් මොහුත් සමග පෞද්ගලික සබඳතාවයක් තිබුනේද ? ඇප නියෝග සම්පුර්ණ කිරීමට පෙර ගෙදර යන්න දුන්නාද ? එකම චෝදනාවට පොදු දේපොළ පනත යටතේ එක් අයෙකුටත් අපරාධ නීතිය යටතේ තවත් කෙනෙකුටත් චෝදනා ගොනු කිරීමට ඉඩ දුන්නාද ? යනාදී චෝදනා විශාල සංඛ්‍යාවකට මෙයාට ඇප දීපු මහේස්ත්‍රාත් ටත් ළඟදීම උත්තර බඳින්න වේවි (බ)
අධිකරණය කෙරෙහි විශ්වාසය නොබිඳෙන අයුරින්, සදාචාරය පිලිබඳ කරුණු කෙරෙහිද අවධානය යොමුකර, යුක්තිය පසිඳලීමේ කටයුතු සිදුවන්නේ නම් මැනවැයි පුරවැසියාගේ අපේක්ෂාවයි. එසේ නොමැතිව හොරාගේ අම්මාගෙන් පේන ඇසීම නොවේ. (ර)
සෑම්, යුක්ති ගරුක කාගේත් පැතුම නම් ඔබ කියන දේ තමයි. නමුත් මේ රටේ නම් ඒවා සිද්දවෙන්නේ නෑ. මෙතනදී සතුටු වෙන්න තියෙන එකම කරුණ නම් විනිසුරන්ට ඕන දේවල් කරන්න ඉඩ නොදී නීතිපති මැදිහත් වීමයි. අපි දැක්ක දිලීප පීරිස් මහතා ලොකු වෙහෙසක් දරනවා ඒ වෙනුවෙන්. (ර)
ලංකාවේ අධිකරණ පද්ධතිය ගැන විශ්වාස කරන්නේ කොහොමද මෙහෙම වෙන කොට. කරුණාකර අසරණ සාමාන්‍ය මිනිසුන් තවත් අසරණ නොකර ඉක්මනින් නඩු විසදන ක්‍රියාදාමයක් සහ යල් පැනපු නිති ඉවත් කර නිසි අධිකරණ ක්‍රියාදාමයක් වහාම හදුන්වා දෙන්න.(ම)