බලපත් රහිත අලියකු ළඟ තබා ගත්තැයි කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේට ගංගොඩවිල මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් පසුගිය ජුනි දෙවැනිදා ඇප දෙමින් කළ නියෝගය ලබන 21 වැනිදා තෙක් කොළඹ මහාධිකරණය විසින් අත්හිටැවිණි. එදින උසාවි පැමිණෙන ලෙස ඔහුට නියෝග කැරිණි.
නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ දිලීප පීරිස් මහතා මහාධිකරණයට ඉදිරිපත් කරමින් ගංගොඩවිල මහේස්ත්‍රාත් තීරණය සංශෝධනය කරන්නැයි කළ ඉල්ලීම හා දැක්වූ කරුණු සැලකිල්ලට ගත් විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා මෙම නියෝගය කළේය.
නීතිපති ඉල්ලා සිටියේ ගංගොඩවිල මහේස්ත්‍රාත් තීරණය අත්හිටුවන ලෙසයි.
දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් පැවසුවේ සැකකාර හිටපු මහේස්ත්‍රාත් 2012 මාර්තු හත් වැනි දා යටවර නම් පුද්ගලයකුගෙන් අලි පැටවකු මිලට ගෙන ඇති බවයි. එම ඇත්පැටවා ව්‍යාජ ලියැවිලි මත වනජීවී දෙපාර්තමේන්තුවේ ලියාපදංචි කර ඇති බව ද ඔහු කීවේය.
දැනට වැඩ තහනම් කර සිටින සැකකරු එම ව්‍යාජ ලියැවිලි මත මෙම අලිපැටවා පෙරහර හා වෙනත් අවස්ථාවලදී ප්‍රයෝජනයට ගෙන ඇතැයි ද රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා කීවේය.
අලිපැටවා රහස් පොලිසියට බාර දෙන ලෙස රහස් පොලිසිය 2015 මැයි මාසයේ ඔහුට දන්වා සිටියත් ඔහු ගෙය නොපිළිගත් බව ද, ඉන් පසු රහස් පොලිසිය මෙම අලිපැටියා අත්අඩංගුවට ගෙන පින්නවල අලි අනාතාගාරයේ අද දක්වා රැකවරණ සලසා ඇති බව ද ඔහු කීවේය.
යටවර විසින් මෙම පැටවා ගමගේට විකුණන ලදැයි යටවර මුලින් ප්‍රකාශ කර ඇති බව ද, එහෙත් පසුගිය අප්‍රේල් මාසයේ ඔහු රහස් පොලිසියට පවසා ඇත්තේ තමන් ළඟ කිසිම අලිපැටියකු නොසිටි බව ද, තිලිණ ගමගේ යන පුද්ගලයා කවුරුන්දැයි නොදන්නා බව ය.
දිලීප පීරිස් මහතා පැවසුවේ පෑස්සුම්කරුවකු වන යටවරට අලි පැටියකු නඩත්තු කිරීමේ හැකියාවක් නැති බවයි.
මේ අතර සැකකාර ගමගේ රහස් පොලිසියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවත දමා ඇති බව ද නීතීඥවරයා දැන්වීය.
කටඋත්තරයක් ලියා ගැනීම සඳහා රහස් පොලිසියට පැමිණෙන ලෙස තිලිණ ගමගේට මැයි 13 හා 18 දිනයන්හි කළ ඉල්ලීම විවධ හේතු දක්වමින් ඔහු නොසලකා හළ බව ද, ඉන්පසු රහස්පොලිසිය ගංගොඩවිල මහේස්ත්‍රාත් උසාවියේ නඩු පැවරූ බව ද පීරිස් මහතා කීවේය.
පසුගිය මැයි 25 වැනි දා ගංගොඩවිල උසාවියට පැමිණෙන ලෙස සැකකාර හිටපු මහේස්ත්‍රාත්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නියෝග කළත් ඔහු එය ද මගහැරි බවත්, ඉන්පසු ජුනි දෙවැනිදා ඔහු ජනාධිපති නීතීඥ අලි සබ්රි හා අජිත් පතිරණ මහත්වරුන් පිරිවරාගෙන ගංගොඩවිල උසාවියේ පෙනී සිටි බවත් ඔහු සඳහන් කළේය.
තිලිණ ගමගේට ඇප ඉල්ලමින් ඔහුගේ ප්‍රධාන නීතීඥවරයා දෙපැයක් කරුණු දැක්වූ බවත් මෙම නඩුවේ ප්‍රස්තුත කාරණය පොදු දේපොළ පනත යටතට නොගැනෙන බවට කිසිම කරුණක් එම නීතීඥවරයා ඉදිරිපත් නොකළ බව ද විශේෂ හේතු මත සැකකරුට ඇප ඉල්ලමින් ඔහු කරුණු නොදැක්වූ බව ද දිලීප පීරිස් මහතා කියා සිටියේය.
වැඩ තහනමට ලක්වී සිටින සැකකරු ශ්‍රී ලංකා අධිකරණයේ කීර්ති නාමය කෙළෙසා ඇතැයි ද, ගංගොඩවිල මහේස්ත්‍රාත් වැරදි ක්‍රියාමාර්ගයක් අනුගමනය කරමින් ඔහුට ඇප නියම කර ඇතැයි ද රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටබැද්දර ජයා, සමහරවිට ඔබ කියන දේ වෙන්න ඇති සිදුවෙන්න ඇත්තේ. (ර)
අනෙක් ඒවා වගේම නීතිය හරි පාරට ගන්න අමාරුයි. හොරු කල්ලියකට විරුද්ධව සටන් කරන්න එපැයි. (අ)
දන්නේ නැති නිසයි අහන්නේ අප අවලංගු නම් අත් අඩංගුවට ගන්නේ නැත්තේ මොකද?(අ)
දැන් ඔන්න ආපහු හැන්ගිමුත්තම් සෙල්ලම පටන් ගනී. (අ)
රොමේෂ්, ඔබ හරි. තමන්ගේ පැවැත්ම විතරක් බලනකම් අපි එතනම තමා. (ර)
ඇප ගත්තේ අධිකරණයට ඉදිරිපත් වෙලා නිසාත් , ඇප අවලංගු කරමින් නියෝගය නිකුත් කළ වහාම නැවත අධිකරන්යේ පෙනීසිටින ලෙස නියෝග කර ඇති නිසාත් අත්අඩංගුවට ගත නොහැකි අතර උක්ත දිනයේ අධිකරණය මග හැරියොත් නැවත වරෙන්තු නිකුත් කෙරෙනු ඇත (අ)
සේන, මටත් හිතුනේ ඕකමයි. විත්තිකාරයෙකුට තියෙන්නේ අවස්ථා තුනයිනේ. ඇප නියමයක් නැති නිසා එළියේ සිටීම, ඇප මත එළියේ සිටීම, ඇප නොදීම නිසා රිමාන්ඩ් භාරයේ සිටීම. ඒ කියන්නේ ඇප මත ඉඳල ඇප අවලංගු කලොත් අනිවාර්යයෙන් රිමාන්ඩ් වෙන්න ඕනනේ. අපට එහෙම හිතෙන්නේ නොදන්නකමට වෙන්න ඕන සේන. (ර)
මේ කතාව අස්සේ තව මොන මොන බදු ගහයිද දන්නේ නැහැ. (ර)
දැන් රටේ තියන ලොකුම ප්‍රශ්නය. (ර)
මේ තුමා නිහතමානි කෙනක්. සෑම අන්දකාර රැයක් අවසානයදී ආලෝක මත් දිනයක් උදා වේ. (ර)
රටේ මුළු නීති පද්ධතිය ගැන අපිට ඇත්තේ කළකිරීමක් (නි)
යුක්තිය, සාධාරනය ඉටු වෙන්නේ නැතිනම් එය ලබා ගැනීම සඳහා සංවිධානාත්මකව සටන් කල එකේ ප්‍රතිපලයයි මේ. පොල් ගහලා මිත්‍යා වැඩ වලින් වැඩක් නෑ. (ර)
මදු...රටේ අධිකරණය තුලම අවනීතිය ක්‍රියාත්මක වෙනවනම් - නඩුකාරයන් නීතිය කඩනවනම්..මේක දැන් රටේ තියන ලොකුම ප්‍රශ්නයක් තමයි (බ)
අනෙක් මිනිසුන්ට සාධාරණය ගැන තීන්දු දෙන තැන් ඉන්න අයත් මෙහෙම නම්, අනේ අපිට දෙවි පිහිටයි කියලා තමයි කියාගන්න තියෙන්නේ (නි)
නීතියට පිටින් නඩු තීන්දු දෙන, නඩු නිකරුනේ කල්අදින නීතිඥයින්ට සහ විනිසුරුවන්ට එරෙහිවත් යමක් කළයුතුව ඇත. මේවා නිසයි අධිකරණයේ කීර්ති නාමය කෙළෙසෙන්නේ සහ මිනිසුන්ගේ විශ්වාසය නැතිවෙන්නේ. නමුත් කවුරු ආවත් මේක නොකරන එකයි පුදුමේ. (නි)
රොමේෂ්, ඔබ හරි. (නි)
නීතිය පොතේ ඇත. නීතිය දැන දැන වැරදි තීන්දු දෙන්න පුළුවන්ද? (නි)
දුප්පත් පොඩි මිනිසුන්ට වෙනම නීතියකින්ද සළකන්නේ? (නි)
සාමාන්‍ය ජනතාව වන අපිට නීතිය, බලය, සාධාරණත්වය මෙයින් තේරුම්ගත හැක. (නි)
මනෝජ්, හොරු කල්ලියකට විරුද්ධව සටන් කරන්න බැහැලා ඉන්නෙත් හොරුන්ගේ ගජ මිතුරෝ නම් ඒ සටනින් වැඩක් නැහැනේ. උදාහරණ ඕනෑතරම්... (නි)
අපේ මිනිස්සු ලඟකදී ඉඳන් ටොයියෝ බයියෝ කියලා බෙදිලා. හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත් කලින් හොයල බලනවා ටොයියෙක්ද බයියෙක්ද කියලා. මොනතරම් අශීලාචාරී වැඩක් උනත් තමා නියෝජනය කරන ටොයි, බයි පාර්ශවය අනුව එයට පක්ෂව හෝ විපක්ෂව කරුණු දක්වනවා. හරිදෙයට හරි කියනත් වැරදි දෙයට වැරදියි කියන්නත් කොන්දක් තියෙනවනම් මගේ රට මීට වඩා දහස් ගුණයක් ඉදිරියට ගිහින් අද වෙද්දී. අවාසනාවට පාලකොයෝ විසින් ජනතාව දෙපැත්තට බෙදලා දමා මරා ගන්න හැටි බලමින් සතුටුවෙනවා. පාලකයාගේ පැවැත්ම තීරණය වන්නේ ජනතාව කුලල්කා ගන්නා අන්දම මතයි. (ර)
ඇප අවලංගු වුවානම් ඔහු බන්ධනාගාර ගත විය යුතුමයි .මේ පුද්ගලයාගේ නිල බලය පෙන්වා නීතියට මුවා වෙන්නයි හැදුවේ එ්කට ඔහුගේ සගයන්ගේ උපකාරත් ලැබුණා. කලින් තීන්දුව වැරදි නිසානේ දැන් ඇප අවලංගු වුනේ (බ)
මේ සිදුවීම රටේ සාමාන්‍ය පුරවැසියන්ගේ නිතිය ගැන තිබුණ විශ්වාසයට තිගැස්මක් ඇති කළ බව සත්‍යයි. ඇප, දෙන්නම් කාසි ක්‍රමයට බැද ගෙදර ගිය හැටිත් විශ්මයට හේතු වුණා. (ම)
මේ රටේ යම් යම් අධිකරණ තීන්දු මහත් සැකයටත්, විමතියටත්, ආන්දෝලනයටත් පත්වූ අවස්ථා පසුගිය පාලන යුගයේ බෙහෙවින් දක්නට ලැබිණ. වත්මන් යම් යම් අධිකරණමය හැසිරීම් තුලින් එම ක්‍රමවේදයන් තව දුරටත් හොල්මන් කැරෙමින් පවතින බවට හැංගීමක් පුරවැසියන් තුල ජනිත වන බවක් පෙනීම කනගාටුවට කරුණකි. (ර)