උපන්දා සිට යුද්ධයට මැදිව හිසට ස්ථීර වහලක් නොමැතිව තාවකාලික පැල්පත්වල ජීවත්වන උතුරු පළාතටම ඇති එකම තෙළිඟු ගම්මානයක් වූ වවුනියාවේ නොච්චිකුලම් පැරණි ගම්මානයක අහිකුන්ඨික පවුල්වලට ඉන්දියා අධාර යටතේ ස්ථීර නිවාස ලබා දීමට පියවර ගෙන ඇති බව වව්නියාව නිවාස සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති කළමනාකරු ආර්. ධනපාල මහතා කියා සිටියේය.
යුද්ධයෙන් විපතට පත් වූවන් වෙනුවෙන් ඉන්දියා රජය විසින් තුන්වන පියවර ආරම්භ කොට ඇති අතර එහිදී නැවත පදිංචි වූවන් වෙනුවෙන් ස්ථීර නිවාස 5000 ක් ලබා දෙන අතර මේ වන විට වව්නියාව නොච්චිකුලම් ප්‍රදේශයේ තාවකාලික පැල්පත්වල ජීවත් වූ තෙළිඟු පවුල් 46 ක් වෙනුවෙන් ස්ථීර නිවාස ලබා දී ඇති බවට ආර්.ධනපාල මහතා කියා සිටියේය.
1985 වසරේ සිට යුද්ධය හේතුවෙන් මෙම අහිකුන්ටක පවුල් නොච්චිකුලම් ගම්මානයෙන් ජීවිත ආරක්ෂාව වෙනුවෙන් දිවයිනේ විවිධ පළාත්වල ජීවත්ව යුද්ධය අවසන් වීමෙන් පසුව නැවත 2012 වසරේදී නැවත පදිංචියට පැමිණ ඇත.
නිවාස ව්‍යාපෘතියේ ස්ථිර නිවාස ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වවුනියාව කාර්යාලයයේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කරන අතර එම නිවාස මෙම අහිකුන්ඨික පවුල් වෙතට ලබා දීම සඳහා වව්නියාව දිසාපති බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ උපදේශකත්වය හා මැදිහත් වීමෙන් ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති කළමනාකරු ආර්.ධනපාල මහතාගේ අධීක්ෂණයන් ප්‍රධාන ඉංජිනේරු එස්. සුදර්ශන් යන අයගේ මෙහෙයවීමෙන් සිදු කෙරෙති.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක්. (ර)
හොද වැඩක්.(හේ)
ගෝත්‍රික ඛේදවාචකයේ නිමාවක් දැකීමට නෙත් පෑදුනු අවස්ථාවක අපි සතුටු කඳුළු වගුරමු. (ම)
ඉන්දියාවේ කට්ටියට වැසිකිලි එහෙම හදල ඉවරවෙලා අපේ රටේ දුප්පත් මිනිස්සු ගැනත් හිතනවනේ අනේ හැබෑටම (ම)
මේක මේ අද පටන් ගත්තු වැඩක් නොවේ අනෙක යුද්ධය තියන කාලෙත් මේක සිදු වුනා ප්‍රේමදාස ජනාදිපති වරයා තබුත්තේගම ප්‍රදේශයේ මෙවැනි යට ගම්මානයක් හැදුව ඔවුන්ට ගොඩ ඉඩම් අක්කර භාගයක් හා කුඹුරු අක්කර දෙකක් නිවසක් ලබා දුන්න නමුත් මේ කිසි කෙනෙක් මෙයාලගේ පිළිවෙත් හා රැකියාව වෙනස් කලේ නෑ (හේ)