විලවුන් උපකරණ හා ඹෟෂධ පාලන අධිකාරියේ සහ ආනයන පාලන පනතින් අනුමැතියකින් තොරව ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට ගෙන ඒමට උත්සහ කළ වේදනා නාශක කරල් පන්දහසක් සමග ශ‍්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද අළුයම අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු කුලියාපිටිය ප‍්‍රදේශයේ පදංචි තිස් පස් හැවිරිදි රෙදි පිළි ව්‍යාපාරිකයෙකි.
අත් අඩංගුවට ගනු ලැබූ වේදනා නාශක කරල් වල වටිනාකම රුපියල් ලක්ෂයකි.
මෙම වේදනා නාශක කරල් මත් ද්‍රව්‍ය වෙනුවට ආදේශකයක් ලෙස මෙරට මත්ලෝලීන් මෙන්ම නගරබද පාසැල් සිසුන්ද භාවිතා කරන බව අනාවරණය වී ඇති බැවින් මෙය පෞද්ගලික ඖෂධ හල් වල අලෙවි කිරීම තහනම් කර ඇති බවත් මෙය ලබා ගත හැක්කේ වෛද්‍යවරයෙකුගේ නිර්දේශය මත රජයේ ඔසු සැල් වලින් පමණක් බවත් විලවුන් උපකරණ හා ඖෂධ පාලන අධිකාරිය කියයි.
සැකකරු ජෙට් ගුවන් සේවයට අයත් එස්.ජී 001 දරණ ගුවන්යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණ ඇත.
එම අවස්ථාවේ නියෝජ්‍ය රේගු අධිකාරී ඞී.ඞී.එස්.සී මයිකල් මහතාට සැකකරු පිළිබඳ ඇති වූ සැකයක් මත ඔහුගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේදී මෙම වේදනා නාශක කරල් තොගය සොයාගෙන ඇත.
මේ පිළිබඳ රේගු පරීක්ෂනය සිදුකළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතා විසින් මෙම වේදනා නාශක කරල් තොගය රාජසන්තක කර සැකකරුට රුපියල් විසිපන්දහසක දඩයක් නියම කළේය.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධිකාරී ඞී.ඞී.එස්.සී මයිකල් මහතා ඇතුළු රේගු නිලදාරීහු සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවේ ලොක්කෙක් තමයි යටින් ඉන්නේ ,බඩු ටික නියමෙට එලියට එයි (දී)
රේගුව ඉස්සර හිටපු මන්දගාමී තත්වයෙන් මිදිලා රට වෙනුවෙන් කැපවී ඇති ආකාරය දකින්න හරි සතුටුයි. එක්ස්රේ යන්ත්‍ර ආදී අවශ්‍ය මෙවලම් රජයෙන් ලබා දී මේ නිලධාරීන්ගේ කටයුතු පහසුකර ඔවුන් ධෛර්යමත් කල යුතුයි. (ස)
දරුණු ත්‍රස්තවාදය නතර කරපු රට , හැමදාම මත්ද්‍රව්‍ය අල්ලනවා. ඒත් ටොන් ගණන් දැන් ගේනවා. එකක් දෙකක් ඇල්ලුවට මොනතරම් රට ඇතුලට ගේනවද ? මේවා දැන්ම නතර කරේ නැත්නම් අනාගතයේ මුලු ජාතියම විනශ වෙලායයි. යුද්ධ කරන්නවත් , මහණ වෙන්නවත් එකෙක්වත් ඉතුරු වෙන්නේ නැතිවෙයි. (ස)
ඉස්සර මත්ද්‍රව්‍ය වෙළඳාම කලේ අන්‍යාගමිකයන්. දැන් අපේ අය එයාලගේ ඒකාධිකාරිය නැත්තටම නැති කරලා. (ස)
උපාලිගේ අදහසට මාත් එකඟයි. ඔවුන්ට නවීන තාක්‍ෂණය ලබා දීම ඔවුන්ටත් මගීන්ටත් පහසුවක්ම වනු ඇත. (දී)
අනේ රේගු මහත්වරුන්ට ශක්තිය දෙන්න ඕනේ මේ වගේ රට වනසන උන්ව අල්ල ගන්න, රාජකාරියක් වගේම හරිම පින් අතේ වැඩක් මේක, මේ විදිහට ගියොත් අපේ දරුවන්ට ජීවත් වෙන්නශ්‍රී ලංකාවක් නැතිවේවි, දඩුවම් තද කරන්න, හිරේ දැම්මේ නැත්තේ මොකෝ, මෙදපෙරදිග නීති ගෙන්න ඕනේ (දී)
අශේන් ගේ කතාව මමත් පිලිගන්න්නවා. ලොක්කෝ ටික බේරිලා පොඩ්ඩෝ අහුවෙනවා. මුදුන්මුල විනාශ කරන්නේ නැතිව ගහ එහෙන් මෙන් කප්පාදු කලාට මේවා නතර කරන්න බැහැ. අපිට අනාගත පරපුරක් ඉන්නවද කියල මේ මිනිසුන්ට හිතෙන්නේ නැද්ද? (දී)
මෙවැනි අපරදකරුවන් නීතියේ රැහැනට කොටුකරගැනීමට ශක්තිය ධෛර්ය රෙගු නිලදාරී මහත්තුරුන්ට ලැබේවා (දී)
රට වලපල්ලට යවන අපරාධකරුවන් කිසිදා නීතයේ රැහැනට අසු වන්නේ නැත. අසු වන්නේ ඊට සම්භන්ද හාල්මස්සන් පමණි. ඒ නිසා මම දෙවියන්ගෙන් ඉල්ලනවා ඒ කවුරු උනත් ඒ මහා මොළ කරුට හෙන හතම වැඩි සුන්නද්දුලි වෙන්න කියලා (දී)
ලංකාවේ වරදට දඩුවම් දෙන්නේ සාමාන්‍ය ජනයාට විතරයි (දී)