IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


තහනම් දුරකතන 600ක් ලංකාවේ

ශ්‍රී ලංකාවේ භාවිතය තහනම්කොට ඇති මෙගා හර්ට්ස් 1800 රැහැන් දුරකතන 58ක් නීති විරෝධීව පරිහරණය කරමින් සිටියදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල දී අත්අඩංගුවට ගත් බව විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව පවසයි.

පොලිසිය සහ විදුලි සංදේශ කොමිසන් සභාවේ පිරිස් එක්ව කණ්ඩායම් 15ක් වශයෙන් නිවාස සහ වෙළෙඳසල් පරීක්ෂා කිරීමේ දී මෙම දුරකතන සොයා ගත් බව විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති අනූෂ පැල්පිට මහතා කියයි.

විදුලි සංදේශ නියාමන කොමිසමේ අවසරය නොමැතිව මෙරටට ගෙන්වූ මෙම අධි තාක්ෂණික දුරකතන 600ක් පමණ දැනට දිවයින පුරා භාවිත වන බවත් මෙමගින් ජංගම දුරකතන ජාලයට බාධා එල්ල වන බවත් පැල්පිට මහතා පවසයි.



අදහස් (0)

තහනම් දුරකතන 600ක් ලංකාවේ

නසාර් Wednesday, 11 September 2013 08:45 AM

මුළු ලංකාවේම මේ දුරකථන භාවිතා කලා නම් හරි නේද හැම කෙනාම දියුණු වෙනවා නේද .... (ස)

:       0       0

ළහිරු Wednesday, 11 September 2013 09:11 AM

මේවා ගෙන්නන්න දුරකථන සමාගම් වලට පමණක් අවස්ථාව දුන්නා නම් හරිනේ. (ස)

:       0       0

කුමාර Tuesday, 10 September 2013 08:15 PM

මේ පුවත් පල කිරීමෙන් තව තවත් හොරුන්ට ආරක්ෂා වීමට මඟ සැලසෙයි නේද(අ)

:       0       0

රණ Tuesday, 10 September 2013 08:10 PM

ඕව භාවිතා කලාම දුරකථන ජලයට මෙකද වෙන්නේ දන්න කෙනෙක් කියන්නකෝ (අ)

:       0       0

රේමා Tuesday, 10 September 2013 08:10 PM

ඕව බවිත කලාම දුරකථන ජලයට මොකද වෙන්න්නේ දන්නා කෙනෙක් කියන්නකෝ (දී)

:       0       0

රේකා Tuesday, 10 September 2013 08:10 PM

දැනුවත් කලාට ස්තුති ලංකාදීප (දී)

:       0       0

රත්නවීර Tuesday, 10 September 2013 08:10 PM

අපි ගාවත් තියෙනවාද දන්නේ නැහැ (දී)

:       0       0

හසන්ත Tuesday, 10 September 2013 09:36 PM

මොනවද මේ දුරකථන (අ) ?

:       0       0

සේරම් Tuesday, 10 September 2013 10:22 PM

මේවා චන්ද්‍රිකා දුරකතනද ? අධි බල දුර කතා කළහැකි වයර්ලස් ඒවාද ? මොනවා උනත් නීතියට පිටුපා පවිච්චී කරන්නේ මොනවා හෝ හොර වෙඩ වලට විය යුතුය . අපව තව දැනුවත් කරන්න ලංකාදීප කතු තුමනි . ඔබලාට බොහෝ පින් මේ කරන දෙයට .(නදී)

:       0       0

ලංකා Tuesday, 10 September 2013 10:32 PM

ඔය ජී.එස්.එම් 1800 සංඛ්‍යාතයන් තියෙන දුරකතනද අල්ලන්නේ? අල්ලන්න කලින් මිනිස්සුන්ව දැනුවත් කරන්න. මිනිසුන් නොදන්නා කමටයි ඕවා ගන්නේ. ගැරඩි මරලා පවු පුරව ගන්න එපා.(නදී)

:       0       0

කුමාර Tuesday, 10 September 2013 10:41 PM

කොහොමද අපි කඩෙන් ගන්න ඒවා තහනම් ඒවාද කියලා බලාගන්නේ? (නි)

:       0       0

රේමා Tuesday, 10 September 2013 10:49 PM

තියෙන ගන්නත් දන්නවා නම් තැන හොයාගන්න ඔච්චර අමාරුද? අනෙක ලියා පදිංචි නමක් ඇතිනේද? (නදී)

:       0       0

ආසිරි Tuesday, 10 September 2013 11:28 PM

1800 ක්ම භාවිතා කරන්නේ ජංගම දුරකතන සමාගම් වල 3 සහ 4 තාක්ෂණය සදහා නමුත් ස්තාවර දුරකථන පාවිච්චි කරන පුද්ගලයන් නීති විරෝදී ලෙස රැහැන් රහිත ස්තාවර දුරකතන ආනයනය කර තිබෙනවා. මීන් ජංගම දුරකථන සන්ඛ්‍යාත අවහිර වෙනවා. මෙනිසා තමයි මෙම දුරකතන අත් අඩංගුවට ගන්නේ.(නදී)

:       0       0

මනෝජ් පිරිස් Tuesday, 10 September 2013 11:25 PM

රේමා" දුරකතන ජාල වලට ලාබය අඩුයි'(නදී)

:       0       0

සේරම් Friday, 13 September 2013 12:03 AM

චන්ද්‍ර වීරසිංහ, ඔබගේ චන්ද්‍රිකා දුරකථන වල සද්දේ නාවට වෙන අයගේ දුර කතන හොඳට සද්ද එනවා. අනික චන්ද්‍රිකා දුර කතන යල් පැනලා නැහැ . ඒවා පාවිච්චි කරන්නේ තානාපති කාර්යාල වල එම නිලදාරීන් සහ රජයේ ඇතැම් උදවිය සහ ත්‍රස්තවාදීන්. මෙය තමා ලෝකයේ පහසුම ඕනෙම තැනක සිට ඕනෙම තැනකට කතා කරන්න පුළුවන් උපකරණය. නිෂ්පාදන වියදම පොඩ්ඩක් වැඩියි. මිනිත්තුවකට ඩොලර් පහේ සිට සමහර පැකේජයන් තිබෙනවා ඩොලර් 2 ටත්. සේවාවන් හැටියට ගොඩක් සේවාවන් ඇත. කොහේ සිටියත් අහස පෙනෙන තැනක සිට හොඳට සිග්නල් ලැබෙනවා . ඉන්න රටට බැහැ එය නවතන්න හෝ සවන් දෙන්න .එම තාක්ෂනය නොමැතිනම්.(නදී)

:       0       0

සුසන්ත - ඉතාලිය Wednesday, 11 September 2013 01:17 AM

ඇත්තටම මේවා වෙන්න ඇත්තේ නොදැනුවත් කමින්. නීතී රීතී කොන්දේසි පණවන්නෙ නැතුව, ගෙනාවට පස්සේ අල්ලනවා. ඒහෙම නෙවෙයි සිදුවිය යුත්තේ. ජනතාව මුලින් දැනුවත් කරන්න. ඒහෙම දැනුවත් කරලා තියෙද්දී ගෙනාවොත් ඒක සෘජුවම වැරැද්දක්. ඒවන් අවස්ථාවලදී අත්අඩංගුවට ගන්න. මම මේ නොදන්න කමටයි අහන්නේ. එතකොට ශබ්ද දූෂණය වැඩි කරන අධිබල කාර් එහෙම ගෙන්නුවට අවුලක් නැද්ද.?(නදී)

:       0       0

යසීර අහමෙඩ් Friday, 13 September 2013 12:08 AM

මේවා මෙගා හර්ට්ස් 1800 වලට සම්බන්ධ කරන සාමාන්‍ය රැහැන් රහිත දුරකථන. මේවා ගෙදර සිට බොහෝ දුරට සිග්නල් යනවා. සමහරවිට අධිබලැති වෝකි ටෝකි වගේ. මේවා ලංකාවේ තහනම් බොහෝ කාලයක සිට (නි)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Wednesday, 11 September 2013 04:49 AM

සේරම් උන්නැහේ, දැන් චන්ද්‍රිකා දුරකථන යල් පැනලා. සද්දේ එන්නේ නැහැ. (නි)

:       0       0

ටිරල් Wednesday, 11 September 2013 05:45 AM

ලංකාවේ අද වන විට මිලියන 12 කට අධික ජංගම දුරකතන සංඛ්‍යාවක් භාවිත කෙරෙනවා. වෙන විදිහකට කිව්වොත් ලංකාවෙ ජනගහනයෙන් හැම 100 කටම මොබයිල් 62 ක් තියෙනෙවා. මේ හැම ජංගම දුරකතනයක්ම වැඩ කරන්නේ ගුවන් විදුලි තරංග උදව් කරගෙන. (නි)

:       0       0

සදුනි Tuesday, 10 September 2013 07:07 PM

ඕවා ගෙන්වීමට සහ පරිහරණයට දේශපාලුවෙක් සම්බන්ධ නම්..??? පරීක්ෂණ වලටත් වයධම්මා සංඛාරා..... (නි)

:       0       0

උපාලි Wednesday, 11 September 2013 06:22 AM

ලංකා කියනවා වගේ මේ ගැන ජනතාව දැනුවත් කිරීමක් කරලා නැහැ නේද කවදාවත්? නීති පොතේ තිබුනට අපි දන්නේ නැහැනේ. අල්ලා ගත්තට පස්සේ කියයි නීතිය දන්නේ නැතිකම සමාවට කාරණයක් නෙමෙයි කියලා. ඒක නෙමෙයි උත්තරේ. (නි)

:       0       0

රුවන් Wednesday, 11 September 2013 12:57 PM

මම දන්නා විදිහට ජී.එස්.එම් දුරකථන 100% ක් මෙගා හර්ට්ස් 1800 2ජී, 3ජී තාක්ෂනය හා 4ජී තාක්ෂනය සහිත දුරකථන 1900-2100 මෙගාහර්ට්ස්. පාරිබෝගිකයා කැමති අති නවීන දුරකතනවලට මෙහි තහනමක් හෝ නීති විරෝදිනම් ජනතාව දනුවත්කරන්න.(නදී)

:       0       0

අමිල කටුනායක Tuesday, 10 September 2013 07:11 PM

දැන් මේකට නඩු දානවද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site