ශ්‍රී ලංකාවේ භාවිතය තහනම්කොට ඇති මෙගා හර්ට්ස් 1800 රැහැන් දුරකතන 58ක් නීති විරෝධීව පරිහරණය කරමින් සිටියදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල දී අත්අඩංගුවට ගත් බව විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව පවසයි.
පොලිසිය සහ විදුලි සංදේශ කොමිසන් සභාවේ පිරිස් එක්ව කණ්ඩායම් 15ක් වශයෙන් නිවාස සහ වෙළෙඳසල් පරීක්ෂා කිරීමේ දී මෙම දුරකතන සොයා ගත් බව විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති අනූෂ පැල්පිට මහතා කියයි.
විදුලි සංදේශ නියාමන කොමිසමේ අවසරය නොමැතිව මෙරටට ගෙන්වූ මෙම අධි තාක්ෂණික දුරකතන 600ක් පමණ දැනට දිවයින පුරා භාවිත වන බවත් මෙමගින් ජංගම දුරකතන ජාලයට බාධා එල්ල වන බවත් පැල්පිට මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු ලංකාවේම මේ දුරකථන භාවිතා කලා නම් හරි නේද හැම කෙනාම දියුණු වෙනවා නේද .... (ස)
මේවා ගෙන්නන්න දුරකථන සමාගම් වලට පමණක් අවස්ථාව දුන්නා නම් හරිනේ. (ස)
මේ පුවත් පල කිරීමෙන් තව තවත් හොරුන්ට ආරක්ෂා වීමට මඟ සැලසෙයි නේද(අ)
ඕව භාවිතා කලාම දුරකථන ජලයට මෙකද වෙන්නේ දන්න කෙනෙක් කියන්නකෝ (අ)
ඕව බවිත කලාම දුරකථන ජලයට මොකද වෙන්න්නේ දන්නා කෙනෙක් කියන්නකෝ (දී)
දැනුවත් කලාට ස්තුති ලංකාදීප (දී)
අපි ගාවත් තියෙනවාද දන්නේ නැහැ (දී)
මොනවද මේ දුරකථන (අ) ?
මේවා චන්ද්‍රිකා දුරකතනද ? අධි බල දුර කතා කළහැකි වයර්ලස් ඒවාද ? මොනවා උනත් නීතියට පිටුපා පවිච්චී කරන්නේ මොනවා හෝ හොර වෙඩ වලට විය යුතුය . අපව තව දැනුවත් කරන්න ලංකාදීප කතු තුමනි . ඔබලාට බොහෝ පින් මේ කරන දෙයට .(නදී)
ඔය ජී.එස්.එම් 1800 සංඛ්‍යාතයන් තියෙන දුරකතනද අල්ලන්නේ? අල්ලන්න කලින් මිනිස්සුන්ව දැනුවත් කරන්න. මිනිසුන් නොදන්නා කමටයි ඕවා ගන්නේ. ගැරඩි මරලා පවු පුරව ගන්න එපා.(නදී)
කොහොමද අපි කඩෙන් ගන්න ඒවා තහනම් ඒවාද කියලා බලාගන්නේ? (නි)
තියෙන ගන්නත් දන්නවා නම් තැන හොයාගන්න ඔච්චර අමාරුද? අනෙක ලියා පදිංචි නමක් ඇතිනේද? (නදී)
1800 ක්ම භාවිතා කරන්නේ ජංගම දුරකතන සමාගම් වල 3 සහ 4 තාක්ෂණය සදහා නමුත් ස්තාවර දුරකථන පාවිච්චි කරන පුද්ගලයන් නීති විරෝදී ලෙස රැහැන් රහිත ස්තාවර දුරකතන ආනයනය කර තිබෙනවා. මීන් ජංගම දුරකථන සන්ඛ්‍යාත අවහිර වෙනවා. මෙනිසා තමයි මෙම දුරකතන අත් අඩංගුවට ගන්නේ.(නදී)
රේමා" දුරකතන ජාල වලට ලාබය අඩුයි'(නදී)
චන්ද්‍ර වීරසිංහ, ඔබගේ චන්ද්‍රිකා දුරකථන වල සද්දේ නාවට වෙන අයගේ දුර කතන හොඳට සද්ද එනවා. අනික චන්ද්‍රිකා දුර කතන යල් පැනලා නැහැ . ඒවා පාවිච්චි කරන්නේ තානාපති කාර්යාල වල එම නිලදාරීන් සහ රජයේ ඇතැම් උදවිය සහ ත්‍රස්තවාදීන්. මෙය තමා ලෝකයේ පහසුම ඕනෙම තැනක සිට ඕනෙම තැනකට කතා කරන්න පුළුවන් උපකරණය. නිෂ්පාදන වියදම පොඩ්ඩක් වැඩියි. මිනිත්තුවකට ඩොලර් පහේ සිට සමහර පැකේජයන් තිබෙනවා ඩොලර් 2 ටත්. සේවාවන් හැටියට ගොඩක් සේවාවන් ඇත. කොහේ සිටියත් අහස පෙනෙන තැනක සිට හොඳට සිග්නල් ලැබෙනවා . ඉන්න රටට බැහැ එය නවතන්න හෝ සවන් දෙන්න .එම තාක්ෂනය නොමැතිනම්.(නදී)
ඇත්තටම මේවා වෙන්න ඇත්තේ නොදැනුවත් කමින්. නීතී රීතී කොන්දේසි පණවන්නෙ නැතුව, ගෙනාවට පස්සේ අල්ලනවා. ඒහෙම නෙවෙයි සිදුවිය යුත්තේ. ජනතාව මුලින් දැනුවත් කරන්න. ඒහෙම දැනුවත් කරලා තියෙද්දී ගෙනාවොත් ඒක සෘජුවම වැරැද්දක්. ඒවන් අවස්ථාවලදී අත්අඩංගුවට ගන්න. මම මේ නොදන්න කමටයි අහන්නේ. එතකොට ශබ්ද දූෂණය වැඩි කරන අධිබල කාර් එහෙම ගෙන්නුවට අවුලක් නැද්ද.?(නදී)
මේවා මෙගා හර්ට්ස් 1800 වලට සම්බන්ධ කරන සාමාන්‍ය රැහැන් රහිත දුරකථන. මේවා ගෙදර සිට බොහෝ දුරට සිග්නල් යනවා. සමහරවිට අධිබලැති වෝකි ටෝකි වගේ. මේවා ලංකාවේ තහනම් බොහෝ කාලයක සිට (නි)
සේරම් උන්නැහේ, දැන් චන්ද්‍රිකා දුරකථන යල් පැනලා. සද්දේ එන්නේ නැහැ. (නි)
ලංකාවේ අද වන විට මිලියන 12 කට අධික ජංගම දුරකතන සංඛ්‍යාවක් භාවිත කෙරෙනවා. වෙන විදිහකට කිව්වොත් ලංකාවෙ ජනගහනයෙන් හැම 100 කටම මොබයිල් 62 ක් තියෙනෙවා. මේ හැම ජංගම දුරකතනයක්ම වැඩ කරන්නේ ගුවන් විදුලි තරංග උදව් කරගෙන. (නි)
ඕවා ගෙන්වීමට සහ පරිහරණයට දේශපාලුවෙක් සම්බන්ධ නම්..??? පරීක්ෂණ වලටත් වයධම්මා සංඛාරා..... (නි)
ලංකා කියනවා වගේ මේ ගැන ජනතාව දැනුවත් කිරීමක් කරලා නැහැ නේද කවදාවත්? නීති පොතේ තිබුනට අපි දන්නේ නැහැනේ. අල්ලා ගත්තට පස්සේ කියයි නීතිය දන්නේ නැතිකම සමාවට කාරණයක් නෙමෙයි කියලා. ඒක නෙමෙයි උත්තරේ. (නි)
මම දන්නා විදිහට ජී.එස්.එම් දුරකථන 100% ක් මෙගා හර්ට්ස් 1800 2ජී, 3ජී තාක්ෂනය හා 4ජී තාක්ෂනය සහිත දුරකථන 1900-2100 මෙගාහර්ට්ස්. පාරිබෝගිකයා කැමති අති නවීන දුරකතනවලට මෙහි තහනමක් හෝ නීති විරෝදිනම් ජනතාව දනුවත්කරන්න.(නදී)
දැන් මේකට නඩු දානවද? (නි)