( ටී.කේ.ජී.කපිල )
රුපියල් හතලිස් පන් ලක්ෂ අසූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් අද(13 ) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් අතරින් පළමු ගුවන් මගියා ගෝනවල ගල් ඒදණ්ඩ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.අනෙක් ගුවන් මගියා බලගොල්ල , අධිකාරීගම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි , ඩුබායි හි කම්කරු රැකියාවක නිරත වී සිටි පුද්ගලයෙකි .
ඔවුන් දෙදෙනාගේ ගමන් මලු තුළ දුම්වැටි 30,580 ක් , සගවා ගෙන සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
එමෙන්ම රුපියල් ලක්ෂ හැටක් පමණ වටිනා විද්‍යුත් දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවක් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ඇය පිළියන්දල , නාම්පමුණුව ප්‍රදේශයේ පදිංචි , සංචාරක නියෝජිතවරියක ලෙස කටයුතු කරන 32 හැවිරිදි කාන්තාවකි .ඇය ඊයේ(12) 315 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .ඇය විසින් රැගෙන ආ ගමන් මලු දෙක තුළ , මෙම විද්‍යුත් දුම්වැටි 455 පමණක්ම තිබීම විශේෂත්වයකි .
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුවෙකුට එම වසරේම සහ සිව්වන වසරේ සිසු පිරිසකගේ පහරදීමකින් රෝගාතුර ප්‍රතිකාර සඳහා වැලිගම ප
එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව යුද හමුදාව දියත් කළ ක්‍රියාන්විත අතරතුරදී සොයාගන්නා ලද රන් ආභරණ ඇතුළු රත්‍රන් තොගයක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි
මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
තහනම් දුම්වැටි සමඟ ගුවන්තොටේදී කතක් ඇතුළු තිදෙනකු මාට්ටු