අනියම් සබඳතා පැවැත්වූයේ යැයි වැරදකාරිය වූ ශ‍්‍රී ලාංකික ගෘහ සේවිකාවක ගල් ගසා මරා දැමීමට සෞදි අධිකරණයක් නියෝග කර ඇතැයි සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.
ඇය මරදානේ පදිංචිව සිටි කාන්තාවක බව එම ආරංචි සඳහන් කරයි. එරට පවතින ෂරියා නීතිය යටතේ දඬුවම් පමුණුවා තිබේ.
සෞදියේ සේවය කරන තවත් ශ‍්‍රී ලාංකිකයකු සමඟ ඇය අනියම් ඇසුර පවත්වා ඇති බවත්, එම තරුණයාට ද සෞදි අධිකරණය විසින් කස පහර 100 ක් නියම කර ඇති බවත් කියති.
තමන්ට එරෙහි චෝදනාව සම්බන්ධයෙන් අදාළ කාන්තාව අධිකරණයේ දී වරද පිළිගෙන ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් ඇයට පනවා ඇති දඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලා අභියාචනයක් ගොනු කිරීමට හැකි ඉක්මණින් පියවර ගන්නා ලෙසට විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සෞදියේ රියාද් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට මේ වන විටත් උපදෙස් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සින්දු, හසිත, නිහාල්, කිත්සිරි, උපාලි, දිසානායක, ඔය හැමෝම හරි. නමුත් අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවද? (නි)
ක්‍රිස්තුන් වහන්සේගේ කාලයේදී එතුමා අසළට පැමිණ ජීවිත දානය අයැදි ස්ත්‍රියක් වෙනුවෙන්, ඇය පිටුපසින් ගල් අරගෙන හඹා ආ මිනිසුන් පිරිසකට දුන් වටිනා අවවාදයක් තමයි සින්දු ඔය මතක් කරදුන්නේ. (නි)
ගල් ගහනවට වඩා මානුෂික විදියකට දඬුවම් දෙන්න. (ර)
මේ කාන්තාව බේරා ගන්න මුළු රටම පෙළ ගැසෙමු. (ර)
මෙම කාන්තාවට පිහිටට අපිත් එක් වෙමු. (ර)
සෞදි යවන එක වහාම නවත්වන්න ,ඉන්න අය ගෙන්වාගන්න ජනාධිපති තුමනි (බ)
මේක පුදුම නිතියක්නේ. මේ අර අදින්නේ මිනිස් ජිවිතයක් අමු අමුවේ බිලිගන්න නේද? (ර)
මානුෂික දඬුවමක් දෙන්න. (ර)
ඔය රටේ නීති ගැන ඇහුවහමත් කළකිරෙනවා. ඔය වගේ දේවල් ඕනෑතරම් ඔය රටේ වෙනවා. එයාලට ඔය දඬුවම් නැහැ පිට අයට විතරයි. අපේ රටේ කාන්තාවන් කී දෙනෙක් ඔය රටේදි ඝාතනය වුණාද? (නි)
ඔය කියන රටේ ගණිකා සේවය ඉහළින් තිබෙන බව නොයෙක් මාධ්‍ය ආයතන හෙළිදරව් කර තිබෙනවා. කෝ ඒ අයට ගල්? (නි)
ඈයි කරන්න දෙයක් නැත්තේ, වහාම ගැහැණු සේවයට යවන එක නතර කරන්න පුළුවන්. (ර)
රටට විදේශ විනිමය කෙසේ වෙතත් මේ අකාලේ විනාශවෙන ජිවිත බේරාගන්න වැඩ පිළිවෙළක් යොදන්න. විශේෂයෙන් සවුදි කුවේට් වගේ යන ගෘහ සේවිකාවන් වෙනුවෙන්.(ම)
මෙතන ප්‍රධාන වරද, ඔය වගේ රටවල් වලට අපේ මිනිස්සු වහල් සේවයට යවන එක. ඔය ලැබෙන තුට්ටු දෙකට වඩා, අපේ අහිංසක දරු පවුල කී දාහක් විනාස උනාද?(රේ)
ඔබ අතරින් කිසිදු වරදක් නොකළ අයෙක් වෙතොත් ඇයට පළමු ගල් පහර ගසන්න (ම)
වැරැදී කිරීම ,වැරැදී වීම . මනුෂ ගතියක් වුණත් එයට සමාව දීම දේව ගතියක් බව අසා ඇත්තෙමි. මැය කර ඇති වරදට සමාව දිම දේව ගතිය යටතේ දිය හැකි යයි සිතමි. (ම)
ගල් ගහල මරනවා නම් ඒ් රටවල ගැහැණු බාගයක් ම ඉන්නවා (ම)
සින්දු හරි. (ර)
කාන්තා අයිතිය, මානව හිමිකම් අයිතිය ගැන කතාකරන සංවිධාන කොපමණ සංඛ්‍යාවක් තිබෙනවද? ඒවාට මොනවා වෙලාද? (නි)
ඇයි කාන්තාවට සහ පුරුෂයාට යන දෙදෙනාටම සමාන දඬුවම් නැත්තේ? (නි)
අනේ දෙවියනේ! (නි)
ලංකාවේ කෙනෙක්ව මරන්න නියම කරන්න එයාලට තියන අයිතිය මොකක්ද? ෂරිය නිතිය එරට අයට විතරයි. (රේ)
ගොඩක් ලාංකික අය ඔය රටවල උසාවි වලදී වරද පිළිගන්නේ භාෂාව, නීති පිළිබඳ නිසි අවබෝධයක් නැතුවයි. තමන් 'නිවැරදිකාරිය' කියනවා කියලා හිතාගෙන වරද පිළිගත්තාද දන්නෙත් නැහැ. (නි)
ලංකාවට එවන්න කියන්න. (ර)
මෙම ස්ත්‍රියව බේරා ගන්න. (ර)
සින්දු සමග මමත් සියයට සියයක් එකගයි., දුප්පත් අපිට විතරයි ඔය නීති. රස්නේ කාලෙට සවුදි ගැහැණු මම ඉන්න රටට එනවා. ඇවිත් මෙහෙ ඉන්නේ ඇමරිකන් තාලෙට. රෝහණ කියන්න වගේ අපිට කරන්න දෙයක් තියෙනවද..? (ස)
මේක නම් මහා ම්ලේච්ඡ වැඩක්…. ගෑහැණියෙකුට මැරෙන තෙක් ගල් ගසන එක මනුස්සයින්ට ගැලපෙන්නෙ නැහැ. (ර)
වෙනත් රටක පුද්ගලයකු තවත් රටක වරදක් කල විට එම වරද එම රටේ මහා ජනයාට හෝ ආයතනයකට හානියක් නැති එකක් නම් එම වරද කල පුද්ගලයාගේ රටට ඔහුව පිටමන් කල යුතුයි. මෙලෙස තමන්ට ඕන විදියට ගල් ගසා මැරීමට තීරණය ගැනීම ඉතා අමනුෂ්‍ය ක්‍රියාවක්. මෙය නැවත් වීමට අපේ රටේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් හැකි ඉකමනින් පියවර ගත යුතයි. (ර)
මේ කාන්තාවට අපි පිහිට වෙමු. (ර)
අනේ අසරණ කාන්තාව, පිට රට වල ගියාම ඔහොමන වෙනවා. අපිට යමක් කරන්න පුළුවන් නම්, අපිත් අසරණවෙලා, අපේ රජය මෙවැනි වෙලාවට කඩිසරව වැඩ කරන්න වෙනවා. (ර)
මෙච්චර දරුණු දඬුවමක් දෙන්න තරම් ඇය කළ වරද හේතුවක්ද? (නි)
ඇයි කාන්තාවට පමණක් මරන දඬුවම? (නි)
කවුරු කොහොම කිව්වත් අපි දෙවියන්ගෙන් ඉල්ලමු එයාට නිදහස ලැබේවා කියලා. ඒත් අපේ රජයට පුළුවන් නැවත කිසිම ගෘහ සේවිකාවක් සෞදියට යාම වළක්වන්න. (නි)
සින්දු කියනදේට මමත් එකඟයි (නි)
සින්දු, ඔය වගන්තිය ක්‍රිස්තුස්වහන්සේ කල ප්‍රකාශයක්. (ර)